ගොසිප්

රංචමඩමට අවමංගල්‍ය සංස්‌කෘතිය හඳුන්වා දුන්නේ ඇගේ සැමියායි.රටට වැඩදායක දරුවන් 19 දෙනකු ලක්‌මවට දායාද කර “වීරමාතා” රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද මාතාවක්‌ දසදහස්‌ සංඛ්‍යාත ජනකායක්‌ අතිමහත් ගරු බුහුමන් සහ සෝසුසුම් මධ්‍යයේ පසුගිය සෙනසුරාදා (9 දා) පස්‌වරුවේ දැයෙන් සමුගෙන ගියාය.

ඇය කොළඹගේආර රංචමඩම මානෙල් පෙදෙසේ විසූ කේ. එච්. එන්සිනා නමැති 92 හැවිරිදි මාතාවකි. වලස්‌මුල්ල කිරම නාගස්‌රුප්ප ප්‍රදේශයේ උපත ලද ඇය හක්‌මන නරවැල්පිට හේමාලංකාරගේ සව්නේරිස්‌ යන අය සමඟ විවාහ වී කොළඹගේආර රංචමඩම ගමට පැමිණ හේන් ගොවිතැන් කරමින් ජීවිතය ආරම්භ කර ඇත.

එවකට ඝණ වනාන්තරයක්‌ව පැවැති රංචමඩම ප්‍රදේශයට ඔවුන් පදිංචියට පැමිණෙන විට සිටියේ තවත් එවැනිම වූ ගොවි පවුල් කිහිපයක්‌ පමණකි. ස්‌ථිර නිවාස කිසිවක්‌ එහි නොතිබුණ අතර ලී දඬු යොදා ඉලුක්‌සෙවිලි කර තැනූ වාඩිවල ඔවුහු පදිංචිව සිටියහ. ඔවුහු ලී වලින් තැනූ මැස්‌සක්‌ නිදාගැනීම සඳහා භාවිත කළහ.

පවුලක සාමාජිකයකු මියගිය පසු කළයුතු අවමංගල්‍ය කටයුතු ගැන අවබෝධයක්‌ නොතිබුණු එම පිරිස්‌ යම් අයකු මියගිය විට මිනිය එතැනම තබා එම වාඩිය අත්හැර වෙනත් වාඩියක්‌ හදාගෙන එහි පදිංචියට යාම සිදුකර ඇත.

සව්නේරිස්‌ මහතා මෙහි පදිංචියට පැමිණීමත් සමඟ(සව්නේරිස්‌ මහතා දැන් ජීවතුන් අතර නැත) මෙම සංස්‌කෘතිය වෙනස්‌ කිරීමට ඔහුට හැකිවිය. ඉන් පසුව රංචමඩමේ පළමුවෙන්ම මියගිය තැනැත්තාගේ දේහය මිනී පෙට්‌ටියක තැන්පත් කර අවමංගල්‍ය චාරිත්‍රානුකූලව භූමදාන කිරීමට ඔහු පියවර ගත්තේය. සමාජ සේවයට දැඩි ඇල්මක්‌ දැක්‌වූ මෙම යුවළ අසල්වැසියන් සමඟ එක්‌ව එම යුගයේ අවශ්‍යතා පරිදි ගැමියන්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කිරීමට පියවර ගත්හ.

සව්නේරිස්‌ මහතාට දාව එන්සිනා මාතාව බිහිකළ දරුවන් 19 දෙනා අතරින් 15 දෙනෙක්‌ දැනට ජීවත්ව සිටිති. ඔවුන්ගෙන් කිහිපදෙනෙක්‌ කොළඹ, දෙනියාය, පස්‌ගොඩ, වලස්‌මුල්ල, මිනුවන්ගොඩ වරාපිටිය යන ප්‍රදේශවලත් සෙසු අය රංචමඩම කොළඹගේආර ප්‍රදේශවලත් පදිංචිව සිටිති. මෙම මාතාවගේ එක්‌ දියණියක්‌ දරුවන් දස දෙනකු බිහිකර ඇත. තුන් මුණුබුරන් දැක ගැනීමේ වාසනාව හිමිකර ගැනීමටද ඇයට භාග්‍යය තිබී ඇත.

ඇයගේ දරු මුණුබුරු පරම්පරාව 118 ද ඉක්‌මවන බව දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලබන ඇයගේ මිනිබිරියක වන එච්. කේ. ඒ. කාංචනමාලා මෙනවිය පැවැසුවාය. ප්‍රදේශයේ ජනප්‍රිය කවියකුවූ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරි විමල්මාදන මහතා කියා සිටියේ ඇය මියයන තුරුම ඉතාම නීරෝගීව ජීවත්වූ බවය. අඩුවශයෙන් වේදනානාශක පෙත්තක්‌වත් බීමට තරම් රෝගයක්‌ ඇයට වැළඳී නැති බවද ඔහු පැවැසීය. ඇය මියගිය අවස්‌ථාවේ සිට පසුගිය සෙනසුරාදා (09දා) පවුලේ සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකරන අවස්‌ථාව දක්‌වා දසදහස්‌ සංඛ්‍යාත ජනතාවක්‌ වැලනොකැඩී ඇයට ගරු බුහුමන් දැක්‌වීම සඳහා පැමිණියහ.

ගොසිප්

දියතලාව කහගොල්ල මගී බස් රථයක පිපිරුමක් ඇති වී ඇති බවත් එහි ගමන් ගත් 19 දෙනෙක් තුවාල ලබා දියතලාව මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.පෞද්ගලික බස් රථයක මෙම පිපිරුම සිදුවී  තිබේ.

යාපනය සිට බණ්ඩාරවෙලට පැමිණි මගීන් පිරිසක් බණ්ඩාරවෙල දී  මෙම බස් රථයට දියතලාව බලා යාමට ගොඩ වී තිබේ. දියතලාව හරහා  හෙබරව දක්වා බස්රථය ධාවනය වී තිබේ.තුවාල වී ඇත්තේ පාදවලට බවත් පිරිමි 15 ක් ද කාන්තාවක ද මේ අතර වෙති.තුවාල ලැබූ පුද්ගලයන් අතරින් 13 දෙනෙක්ම හමුදා සාමාජිකයෝ වෙති.ඔහු කියා සිටියේ ඉන් 05 දෙනෙකු යුද හමුදා සාමාජිකයින් වන අතර, 08 දෙනෙකු ගුවන් හමුදා සාමාජිකයින් බවයි.

ගින්නෙන් තුවාල ලැබූ පිරිස් දියතලාව රෝහලට ඇතුළත් කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවයි පොලිස් මුලස්ථානය පවසන්නේ නමුත් මේ වන විට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මෙය බෝම්බ පිපිරීමක් යැයි පුවත් වාර්තා වෙයි .ජායාරූප පහතින් නරඹන්න

 

 

 

 

 

දේශීය පුවත්

ගිංතොට පැවති නොසන්සුන්කාරී තත්වය තත්වය මේ වන විට පහව ගොස් ඇති නමුත්, එම ප්‍රදේශයේ ආරක්ෂක අංශ සීරුවෙන් තබා පොලිස් ඇඳිරිනීතිය පනවා ඇත.

අද (18) පෙරවරු 9.00 දක්වා ගිංතොට ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මකවේ.

කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත සහ පියදිගම ග්‍රාමසේවා වසම් වලට මෙම ඇඳිරිනීතිය බලපැවැත්වේ.

දැනට දින 2 කට පමණ පෙර මෝටර් සයිකලයක ගමන් ගත් සිංහල තරුණයින් දෙදෙනෙකු අතින් ගිංතොට මුස්ලිම් ගම්මානයකදී මුස්ලිම් කාන්තාවක් අනතුරට පත්වීම නොසන්සුන්කාරී තත්වය හට ගැනීමට මූලික වී තිබේ.

මුස්ලිම් කාන්තාව අනතුරට පත්වීමෙන් පසු මුස්ලිම් පිරිසක් මෙම තරුණයින් දෙදෙනාට හිරිහැර කර ඇත.

එසේ සිද්ධිය නිමා වුනත් පෙරදා මුස්ලිම් තරුණයින් දෙදෙනෙකු පාපන්දු තරඟාවලියකට සහභාගි වීමට ගොස් සිටියදී සිංහල තරුණයින් කිහිප දෙනෙකු එම තරුණයින්ට පහර දී තිබේ.

මෙම සිදුවීම දුරදිග ගොස් ඊයේ එම ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්වයක් හට ගෙන ඇත.

ගාල්ල ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (17) රාත්‍රී කාලයේ කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි.

පහරදීමට පැමිණි ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිටි බව ද ප්‍රදේශවාසින් සඳහන් කර ඇත.

ගිංතොට ප්‍රදේශයේ වෙඩි ශබ්ද ඇසුණු බවත් පොලිසිය පවසයි.

ඇති වී තිබෙන තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා විශේෂ කාර්ය බලකාය සහ විශේෂ රාජකාරී යටතේ අවට පොලිස් ස්ථානවලට නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේය.

මෙම සිදුවීම් දඩමීමා කරගනිමින් කටයුතු කිරීමට අන්තවාදී බලවේග උත්සාහ කර ඇති බැවින් ආරක්ෂක අංශ සීරුවෙන් තබන්නැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබේ.

මේ තත්වය පිළිබඳව ඇතැම් සමාජ මාධ්‍යජාලා විසින් ඉතාමත් පහත් ආකාරයෙන් ක්‍රියාත්මක වී ජාතීන් අතර ගැටීමක් නිර්මාණය කිරීමට උත්සාහ කරමින් සිටින බැවින් ඒ පිළිබඳව වඩාත් සුපරීක්ෂාකාරීව සිට මනා සිහි බුද්ධියෙන් යුතුව කටයුතු කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.