ලිපි පුවත්

පාසල් යන කාලයේ අප සතුව බොහෝ ඉල්ලීම් විය. ලබන මාසයේ චාරිකාවක් යන්නට ගුරුතුමිය සැලසුමක් තැනූ දා හවස් වරුවේම ගෙදර ගොස් චාරිකා ගාස්තුව ඉල්ලන්නට තාත්තා කෙනෙකු සිටීම ගැනත් හොඳම මිතුරා පාවිච්චි කරන වර්ගයේම ඉස්තරම් පාට පෙට්ටියක් ගැන ඉල්ලීමක් ඉදිරිපත් කර බැලිය හැකි අම්මා කෙනෙකු සිටීම ගැනත් ඔබටත් මටත් ආඩම්බර විය හැකි අතීතයක් ඇත. ඒ අපට ය. අප බහුතරයට ය. සිනමාවකින් හෝ ටෙලි නිර්මාණයකින් මවා පෙන්වනවාටත් වඩා දුක් විඳින දරුවෝ ඈත ගම් දනව් වල තවමත් ජීවත් වෙති. පියා කවුදැයි නිශ්චිතව නොදන්නා දරුවෝ ද , පියා සිරගත වූ දරුවෝ ද, පියා හදිසියේ මිය ගිය දරුවෝ ද ජීවිතය ගැටගසා ගන්නට වෙර දරමින් හිඳින අම්මාට දුකක් දැනෙන්නට නොදී පාසල් අධ්‍යාපනය කෙසේ හෝ ගෙවා දමන්නට වෙර දරමින් සිටිති. මව විදේශගත වී අතුරුදහන් වූ දරුවෝ ද, මව සියදිවි නසා ගැනීමෙන් තනිවූ දරුවෝ ද වඩා කටුක ඉරණමකට ලක් වෙමින් ජීවිතය දරා ගනිමින් සිටිති. අපහරණය, නොසලකා හැරීම වඩා තදින් අයත් ඔවුන්ට ය. ජීවිතය ලැබීම ගැන පවා වද වෙන්නේ මව පියා දෙදෙනාම අහිමි වූවන් ය. එහෙත් ජීවිතය එබඳු ය. අත්හැරීම හෝ පැරදීම තුළ විසඳුම් නැත. ඔවුන් සමාජගත වන්නේ සමාජයට වෛර කරන්නන් ලෙස ය. සමාජ විරෝධීන් ලෙස ය.

ජාත්‍යන්තර සමාජ සේවා සංවිධානය ලෙස අප ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වන්නේ එය වැළැක්වීමට ය. ඒ කුඩා ජීවිත වඩා යහපත් කිරීම සඳහා ඔබ සැමගේ අත්වැල අපට උවමනා මෙතැනදී ය. අඩු ආදායම්ලාභී පවුල් වලින් තෝරා ගත් දරු පිරිසක් වෙනුවෙන් ශිෂ්‍යත්ව වැඩපිළිවෙළක් සඳහා ඔබගේ උපකාර අවැසි වී ඇත. මේ දරුවන් උදෙසා තෝරාගැනීමේ ක්‍රමයකින් පසු ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩපිළිවෙළක් අප විසින් සකසා අවසන් අතර කැපකරු මාපියන් ලෙස ඔවුන් වෙනුවෙන් කැප වන්නට ඔබට අවස්ථාව ඇත. මාපිය කැපකරු දායකත්ව ව්‍යාපෘතිය හරහා සරණක් අවශ්‍ය දරුවන්ට වඩා යහපත සැලසීම වෙනුවෙන් දායක වීමට ඔබට අවස්ථාව ඇත. මේ සඳහා දරුවන් තෝරා ගැනෙන්නේ ඉතා පැහැදිලි ක්‍රමයකට වන අතර විදුහල්පතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරීන්ගේ සහය අපට නොඅඩුව ලැබේ. මව පියා දෙදෙනාම අහිමි, මව හෝ පියා අහිමි එසේත් නැතහොත් උදව් ලැබීමේ තත්වයක සිටින දරුවෙකුගේ වගකීම ඔබට පැවරෙන අතර ඒ දරුවා වෙනුවෙන් අධ්‍යාපන අවශ්‍යතා සඳහා අප යෝජනා කරන ක්‍රමයට මුදල් සැපයීමේ වගකීම ඔබට පැවරේ.

      මේ ගැන වැඩි විස්තර දැනගන්න කථා කරන්න අපිට

ජාත්‍යන්තර සමාජ සේවා සංවිධානය

( International Social Service Organization )

 011 3643949

(පෙ.ව 9:00-ප.ව 5:00 අතර කාර්‍රයාල වෙලාවන් වලදි අමතන්න කාරුණික වන්න.)

No automatic alt text available.

දරුවන් හට උදව් ලබා දීම ඉතා විනිවිද භාවයකින් ඔබෙන් සිදුවීම අප අපේක්ෂා කරන්නේ වඩා අයහපත් රැවටීම් සහිත ලෝකයක් නිර්මාණය වෙමින් පවතින නිසා ය. එසේම ඔබ කැපකරු බව දරන දරුවාගේ අධ්‍යාපන ප්‍රගතිය පරීක්ෂා කිරීමේ අයිතිය ඔබට ලැබෙන අතර ඔබේ මුදල් අපතේ යන ලෙස දරුවා අයහපත් අධ්‍යාපන මට්ටමක දිගින් දිගටම නියැලෙන ඕනෑම අවස්ථාවකදී ඔබේ මුදලට සාධාරණයක් කරමින් ශිෂ්‍යත්වය අත් හිටුවීමේ බලයද අප සතු ය. මේ බොහෝ බැරෑරුම් කාර්යයකි. විශාල අත් ප්‍රමාණයක් අප සමඟ අත්වැල් බැඳ ගන්නා තුරු ඒ දරුවන්ගේ මුහුණේ සිනා ඇඳීම සිහිනයකි. එහෙත් ඔබ අප සමඟ සිට ගන්නා බවත් අනතුරුව ඒ දරුවන් හා එක්ව සිනාසෙන බවත් අපි වඩාත් තදින් විශ්වාස කරන්නෙමු. දරුවන් සඳහා වඩා යහපත් ලෝකයක් නිර්මාණය විය යුතුබවත් සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපනය අවස්ථා ලැබිය යුතු බවත් තරයේ අදහන ඔබට අප සමඟ අත්වැල් බැඳ ගන්නට කාලය පැමිණ ඇත. Image result for poor children in sri lankaකඳුලට වඩා සමීප නොලැබීම ගැන පමණක් දන්නා දරුවන්ට ලැබීමේ සතුට ගැන කියා දී රහසේ සිනාසෙන්නට කාලය පැමිණ ඇත. වඩා සුන්දර තනි තනිව සිනාසීම නොවේ.එක්ව සිනාසීම ය. මේ ඒ සඳහා කාලය ය.

  මේ ගැන වැඩි විස්තර දැනගන්න කථා කරන්න අපිට

ජාත්‍යන්තර සමාජ සේවා සංවිධානය

( International Social Service Organization )

 011 3643949

(පෙ.ව 9:00-ප.ව 5:00 අතර කාර්‍රයාල වෙලාවන් වලදි අමතන්න කාරුණික වන්න.)

ලිපි පුවත්

මේ දිනවල දකුණු පළාත තුළ ව්‍යාප්ත වී ඇති වෛරස් උණ රෝගයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

වෛරස් උණ රෝගය ඉන්ෆ්ලුවන්සා A ලෙස හඳුනාගෙන ඇති අතර, සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව හා උණ මෙහි මූලික රෝග ලක්ෂණ වේ.

නිසි දැනුවත්භාවය සහ වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම මෙම රෝගය ව්‍යාප්ත වීමට බලපා ඇති අතර, ඒ අනුව පාසල් ප්‍රජාව මෙම රෝගී තත්ත්වයෙන් ආරක්ෂා කරගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කර තිබේ. රෝග ලක්ෂණ හා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පිළිපැදිය යුතු කරුණු ඔවුන් මෙසේ නිකුත් කර ඇත.

රෝග ලක්ෂණ :- උණ, නාසයෙන් සොටු දියර ගැලීම, කිවිසුම් යෑම, කැස්ස,උගුර ආසාදනය, හිසරදය හා හන්දිපත් වේදනාව

මෙම රෝගය වැලඳුන රෝගීන් කහින විට හා කිවිසුම් යවන විට පිටවන සෙම් බිඳිති මගින් මෙම රෝගය බෝවන බැවින් කිවිසුම් යන විටදී හෝ කහින විටදී ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියක් භාවිතා කරන්න.

භාවිත කරන ලද ටිෂූ කඩදාසි විෂබීජ පැතිර නොයන සේ ආරක්ෂිතව බැහැර කරන්න.

ලේන්සු තෙත් වූ වහාම සබන් යොදා හොඳින් සෝදන්න.

කිවිසීමෙන් පසුව හා කැස්සෙන් පසුව විෂබීජ අත්වල තැවැරී පැවතිය හැකි බැවින් හොඳින් සබන් යොදා දෑත් සෝදන්න.

නිතර අත ගැටෙන පෘෂ්ඨයන් (පරිගණක යතුරු පුවරු ආදී) සාමාන්‍ය විෂබීජ නාශක යොදා පිරිසිදු කරන්න.

මෙම උණ රෝග ලක්ෂණ පහළ වුවහොත් පාසල් යාමෙන් හා ජනාකීර්ණ ප්‍රදේශවලට යෑමෙන් වළකින්න.

මෙම රෝග ලක්ෂණ පහළ වූ වහාම වෛද්‍යවරයෙකු වෙත ගොස් ප්‍රතිකාර ලබාගන්න.

පවුලේ අනෙකුත් සාමාජිකයන්ට මෙම රෝගය පැතිරීම වැළැක්වීම සඳහා රෝගීන් අන් අයගෙන් වෙන් කර තබන්න.

රෝගී වූ විට ඇඳ විවේකය, වැඩිපුර දියර වර්ග පානය කිරීම හා පෝෂ්‍යදායී ආහාර ගන්න.

විෂබීජ පැතිර යාම වැළැක්වීම සඳහා පාසලේදී සිසුන්ට අත් සේදීමේ පහසුකම් සලසා දෙන්න.

යම් පාසලක සිසුන් අතර මෙම රෝ තත්ත්වය තදින් පැතිර යන්නේ නම් එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට වහාම ඒ පිළිබඳව දැනුම් දෙන්න.

ලිපි පුවත්

කොළඹ සිට පිටත්ව ආ අපි දඹුල්ල හරහා නාඋලට පැමිණියෙමු. නාඋල මංසන්ධියේ සිට සැතපුම් කිහිපයක් පසුකළ අපට කළුපැහැති යුද හමුදා ඇදුමින් සැරසුණු, ක්‍රමානුකූල ලෙස මුහුණපුරා රැවුල වවාගෙන ගිනි අවිද සහිතව සීරුවෙන් සිටිනා සොල්දාදුවන් කිහිපදෙනකු හමුවිය.

සොල්දාදුවන්ගේ අවසරයෙන් අපි කඳවුරු වෙත ඇතුළු වීමු. අපි මේ ප්‍රවිෂ්ට වූයේ නාඋල පිහිටි විශේෂ බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයටය.අප එහි යනවිටත් සොල්දාදුවෝ සිය පුහුණුවීම් කටයුතුවල නිරත වෙමින් සිටියහ.

මීට වසර නවයකට ඉහතදී ගමක් ගමක් ගාණේ, නගරයක් නගරයක් ගාණේ දැමූ රණවිරු උත්තමාචාර බැනර්, පෝස්ටර්වල අභිමානයෙන් යුතුව ගිනිඅවි ඇඟ වටේ දවටාගෙන සිටි සාගර රණසිංහ රණවිරුවා එම කඳවුරු තුළදී අපට මුණගැසුණි.

යුද ජයග්‍රහණයෙන් පසු රටේ මුරදේවතාවන් ලෙස සැලකමින් බස් රථවල, ත්‍රිරෝද රථවල පිටුපස පවා රුව සටහන් කළ ඒ වීරෝදාර රණවිරුවන් කිහිපදෙනාගෙන් අදටත් සේවයේ සිටින සාගර රණසිංහ රණවිරුවා සොයා අපි මෙලෙස දුරුකතර ගෙවා පැමිණියෙමු.

ඔහු දැන් තිස්අට හැවිරිදි දෙදරු පියෙකි. ඔහුගේ ආදරණීය බිරිය වන්නේ නිලංජි ප්‍රියදර්ශනීය. මාතලේ විජය විද්‍යාලයේ හතර වසරේ ඉගෙනුම ලබන නෙත්මාණි විහංගා රණසිංහ සහ පෙරපාසල් අධ්‍යාපනය හදාරන ගිහස් විනුපම රණසිංහ ඔහුගේ ආදරණීය දූපුතුන් වෙති.

එච්.ජී. රණසිංහ සහ බේලින් චන්ද්‍රාට දාව ඉපදුණු එම්.ජී. සාගර රණසිංහ වර්ෂ 1998 ජූලි මස 18 වැනි දින මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලට ඇතුළත් වන්නේය. ආධුනික සෙබළකු ලෙස එම බළකායට බැඳුණු ඔහු කඳවුරු වෙත නිවෙසින් පිටත්ව යන්නේද කොළඹ රැකියාවකට යන බව සිය මවුපියන්ට දන්වමින්.

වයස අවුරුදු 18 සැපිරීමත් සමඟ යුද හමුදාවට එක්වීමට තිබූ අසීමිත අශාව හේතුවෙන් රණසිංහ මෙලෙස නිවැසියන්ටද බොරු පවසා යුද හමුදා සේවයට එක්වන්නේය.

“අම්මේ, මම යුද හමුදාවට එක්වුණා” යනුවෙන් සඳහන් කරමින් ලියූ ලිපියක් කඳවුරේ සිට පසුව රණසිංහ නිවෙසට එවනු ලබන්නේ තවදුරටත් මවුපියන්ගේ සිත් රිදවීමට නොහැකි නිසාය.

තුන්වැනි විශේෂ බළකායට එක්වූ ආධුනික සෙබළ රණසිංහ උතුරු ප්‍රදේශයේ ක්‍රියාන්විතවලට මුල් කාලයේ සම්බන්ධ වූයේය.

2000 වර්ෂයේදී චාවකච්චේරිය ප්‍රදේශයේදී සතුරු ප්‍රහාරයකට ලක්වූ රණසිංහ වසර දෙකක කාලයක් වෛද්‍ය ප්‍රතිකාර මත යුද පිටියෙන් ඉවත් වන්නේය.

“ඒ කාලේ වැදුණු ආටි කෑල්ලක් තාම මගේ කොන්දේ තියෙනවා. අදටත් සමහර වෙලාවකට ඒ නිසා කොන්ද රිදෙනවා” සාගර රණසිංහ සිය අතීතය එලෙස මෙනෙහි කළේය.

“සතුරු ප්‍රහාරයෙන් මගේ කකුල්, බඩ, කොන්ද දැඩිසේ තුවාල වෙලා තිබ්බත් මට ඉක්මනටම යළි සේවයට එන්න ඕනේ වුණා. ඒ නිසා තුවාල වෙලා ගෙදර හිටිය කාලේ මම ව්‍යායාම කරලා කොහොම හරි යථා තත්ත්වයට පත් වුණා” ඒ රණසිංහගේ නිර්භීත හඬය.

යළි වර්ෂ 2002දී ලාන්ස් කෝප්‍රල්වරයකු ලෙස පළමු වන විශේෂ බළකා රෙජිමේන්තුවට සම්බන්ධ වූ රණසිංහ ක්‍රියාන්විතවලදී දැක්වූ දක්ෂතා හේතුවෙන් යළි කෝප්‍රල් ධුරයට උසස්වීම් ලබන්නේය.

එල්.ටී.ටී.ඊ.ය විසින් මාවිල්ආරු සොරොව්ව වසා දැමීමත් සමඟ ත්‍රිවිධ හමුදාව විසින් මානුෂික මෙහෙයුම ආරම්භ කරන ලදී.

මාවිල්ආරුව බේරා ගැනීමේ මානුෂීය මෙහෙයුම ආරම්භ වුණි. ත්‍රිවිධ හමුදා කණ්ඩායම් තමන්ට පැවරුණු රාජකාරිය ඉටුකරමින් ක්‍රියාන්විතයට සහභාගි වූහ.

2006 අගෝස්තු මස ආරම්භ වීමත් සමඟ විශේෂ බළකා කණ්ඩායම් කිහිපයක්ද සතුරු ආක්‍රමණය කිරීම සඳහා වූ මෙහෙයුම ආරම්භ කළහ.කුඩා කණ්ඩායම් ලෙස සතුරාගේ ග්‍රහණයේ පවතින මාවිල්ලාරු සොරොව්ව දෙසට යෑමට විශේෂ බළකා කුඩා කණ්ඩායම් කිහිපයක් වෙන් වෙන්ව ඉදිරියට ඇදුණි.

සතුරා වට කළ විශේෂ බළකා සෙබළු පුරා දින නවයක කාලයක් සතුරා අඩපණ කිරීම සඳහා ප්‍රහාර දියත් කළහ.යුද සැලසුම ක්‍රියාත්මක කරමින් 2006 අගෝස්තු මස 10 වැනි දින සතුරු ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළහ.

විශේෂ බළකා හතර දෙනකුගෙන් යුතු කණ්ඩායමක නායකත්වය භාරව සිටි කෝප්‍රල් රණසිංහ සොරොව්ව දිගේ දුවමින් අර්ථීට් ගිනි අවිවලින් සතුරාට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය.

“මේ මෙහෙයුමේදී අපේ කණ්ඩායම්වලට එල්.ටී.ටී.ඊ.යද දැවැන්ත ප්‍රහාර එල්ල කළා. ත්‍රස්තවාදී නායකයකු, ඔහු සැඟවුණු වෙඩික්කරුවෙක් ලෙස සිටිමින් අපිට ප්‍රහාර එල්ල කළා. ගහක් උඩ හැංගිලා සිටිය ඒ ත්‍රස්ත නායකයා හඳුනා ගත් ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඊ.ජී.එස්. පුෂ්පකුමාර ඔහුට වෙඩි තිබ්බා. ඒත් එක්කම ත්‍රස්ත නායකයාද ස්නයිපර් තුවක්කුවෙන් පුෂ්පකුමාරට වෙඩි තිබ්බා. මගේ ඉස්සරහම පුෂ්පකුමාර මියගියා. ඔහු තමයි මගේ සහායකයා වුණේ. මට ඒ මරණය දරා ගන්න බැරි වුණා. වෙඩි වරුසාව මැද මම පුෂ්පකුමාරව කරේ තබාගෙන කිලෝමීටර් ගණනාවක් දිව ගියා” මීට වසර ‍ෙදාළහකට පෙර වූ ඒ සිදුවීම යළි සාගර රණසිංහ රණවිරුවා මෙනෙහි කළේ දෑසේ කඳුළුද පුරවා ගනිමිනි.

මේ ඔහු විවර කළේ ඔහු රණබිමේ එක් බිහිසුණු අත්දැකීමක් පමණි.අර්ථීට් ගිනි අවිය අති දක්ෂ ලෙස හසුරවමින් සතුරාට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ සාගර රණසිංහ අද වන විට ඔහුට ප්‍රවිෂ්ට වීමට හැකි පරම නිලයේ කටයුතු කරන්නේය.දැන් ඔහුව හඳුන්වන්නේ සැරයන් මේජර් සාගර රණසිංහ ලෙසටය. නයාරු – විශේෂ බළකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේ පුහුණු උපදේශකවරයකු ලෙස ඔහු දැන් සිය අත්දැකීම් ආධුනික සෙබළුන්ට ලබා දෙන්නේය.

ටයිකොන්ඩෝ, බොක්සිං, කරාටේ, වුෂු යන සටන් කලා හතරක් හදාරා ඇති සැරයන් මේජර් රණසිංහ යුද හමුදා පාඨමාලා 18ක්ද හැදෑරූ අයකු වේ.ශාරීරික අභ්‍යාස පිළිබඳ ඉන්දියාවේ පුහුණුව ලත් සාගර රණසිංහ හයිටි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම්වලටද සහභාගි වූ නිලධාරියෙකි.

“ආයේ කවදාවත් යුද්ධයක් එන්නේ නැහැ. මේ රටේ දැන් අපිත් සැහැල්ලුවෙන් කාලය ගත කරන්නේ. මම දැන් විවේකයක් ලැබුණු ගමන් කරන්නේ බයිසිකල් පදින එක. ඒක මගේ විනෝදාංශය. මම 2020දී විශ්‍රාම යනවා. මම විශ්‍රාම යන්නේ ත්‍රීවීල් එකක් එළවන්න. සිකුරිටි ජොබ් එකක් කරන්න, නැතිනම් රට යන්න නොවේ. ගෙදරට වෙලා මගේ දරුපැටව් එක්ක නිදහසේ ජීවත් වෙන්න” කතාව අවසන් කරමින් සාගර රණසිංහ ඒ අපට කී කතාවය.

ටී 56 ගිනි අවි, අත් බෝම්බ, අ.ර්ථී.ට් ගිනි අවි, වෙඩි ද්‍රව්‍ය, බීමට ජලය, ආහාර පාන ආදී කිලෝ 40කට වැඩි බරක් උසුලමින් රණබිමේ නන්දිකඩාල් වනතෙක් ඉදිරියට ඇදුණු සාගර රණසිංහ රණවිරුවාට අපි තාවකාලික සමුදීමක් සිදු කළෙමු.ලියුම්කරුට ඊළඟ හමුවූයේ මාවිල්ආරු සිට නන්දිකඩාල් දක්වා ගිය වීර ක්‍රියාන්විතයේ පෙරමුණ ගත් තවත් වීර සෙබළකු වන මාණ්ඩලික සැරයන් රංජිත් වීරවර්ධනය. ඔහුගේ රුවද ඔබ හඳුනන්නේය.

රැවුල වවාගෙන, කළු පැහැ ජටාවක් හිසේ බැඳ ගෙන ර්ර්ථීර්ට් මැෂින් තුවක්කුවක් පතරොම් වැල් එක්කම ඇඟේ ඔතාගෙන එකල රණබිමේ වීර වික්‍රම පෑ වීරවර්ධන දැන් විශ්‍රාම සුවයෙන් පසුවන්නේය.

දැන් ඔහු සිය බිරිය, දරු මල්ලන් සමඟ නිදහස භුක්ති විඳිමින් කාලය ගත කරන්නේය. ඔහුගේ ආදරණීය බිරිය වන්නේ දුමිකා නිරෝෂණීය.රත්නපුර ධර්මපාල විද්‍යාලයේ 8 වසරේ ඉගෙනුම ලබන ඩබ්ලිව්. කේ. තරුෂි, රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන ඔෂදි ගවේෂා සහ තුන්හැවිරිදි සිඟිත්තිය වන වෙනුරි තිමාරා යන දියණියන් තිදෙනාගේ ආදරණීය පියා වන්නේද වීරවර්ධනය.

නැසීගිය ඩබ්ලිව්. කේ. සුමනසේකර සහ කේ.පී. පුංචිමැණිකේ යන මවුපියන්ට දාව පස්වැනි දරුවා ලෙස උපත ලැබූ වීරවර්ධන රක්වාන, රඹුක, තණබෙල ග්‍රාමයේ පදිංචිකරුවෙකි.ඔහුගේ බාල සහෝදරයාද පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළෙකි. වර්ෂ 1995දී ඔහු අම්පාර, ලාහුගල ප්‍රදේශයේදී සතුරු ප්‍රහාරයකින් දිවි පිදුවේය.

වීරවර්ධනගේ තවත් බාල සොහොයුරකු තණබෙල අනෝම හිමි යනුවෙන් ශාසනයට එක් වී තිබේ. අනෝම හිමියෝ මේ වන විට රඹුක මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කරති.

වර්ෂ 1992 අගෝස්තු මස 04 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදා දෙවන ගජබා රෙජිමේන්තුවට ආධුනික සෙබළකු ලෙස බැඳුණු වීරවර්ධන වර්ෂ 2017 නොවැම්බර් මස 15 වැනි දින මාණ්ඩලික සැරයන්වරයකු ලෙස විශ්‍රාම යන්නේය.

“මගේ මතකේ හැටියට ඒ 1996 වර්ෂය. මා එක්ක නව දෙනෙක් ට්‍රැක්ටරයක නැඟලා මාවිල්ආරු සිට කල්ලාරු රෝහලට එන්න උදේ 9.00ට විතර පිටත් වුණා. කෑම්ප් එක ළඟ ඉඳන් කිලෝමීටර් දෙකයි ගියේ. අපි ගිය ට්‍රැක්ටරය බිම් බෝම්බයකට අහු වුණා. මාව පාරේ අයිනේ තිබුණු ඇළට විසි වුණා. ට්‍රැක්ටරේ හිටිය මගේ යාළුවෝ හත් දෙනෙක් ඉන් මැරුණා. ඉන් බේරුණු අදිකාරි තාමත් ඇස් දෙකයි, අතකුයි නැතිව කුරුණෑගල ජීවත් වෙනවා. එදා මමත් ඇළට විසි වුණේ නැතිනම් මම අද නැහැ.

වීරවර්ධන කතාවට මුල පිරුවේ උඩට ගත් දිගු හුස්මක් හිමිහිට පහළට දමමිනි.පෙර වාසනාවකට ජීවිතය බේරා ගත් වීරවර්ධන වර්ෂ 2000දී ගැමුණු රෙජිමේන්තුවට සමුදෙන්නේ විශේෂ බළකායට එක්වෙමිනි.

රට වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබාදීමට විශේෂ බළකායට සම්බන්ධ වූ ඔහු ර්ර්ථීර්ට් වර්ගයේ මැෂින් තුවක්කුව හැසිරවීමට අති දක්ෂයකු බවට පත් විණි.එම තුවක්කුව සමඟ පතරොම් 2000ක් ඇඟේ වෙළාගත් වීරවර්ධන, වීරයකු ලෙස සතුරාට පහර දුන්නේ සෙසු හමුදා සොල්දාදුවන්ගේද දෑස් මවිත කරමිනි. මේ නිසාම කා අතරත් ජනප්‍රිය වූ වීරවර්ධන නැඟෙනහිර මුදා ගැනීමේ මෙහෙයුමේ ඉදිරිපෙළ සාමාජිකයකු විය.

2007 අප්‍රේල් මස 16 වැනි දින සිට දින ගණනාවක් සූක්ෂ්ම ලෙස වාකරේ පිහිටි සතුරු කඳවුරු වෙත ළං වූ වීරවර්ධන ප්‍රමුඛ 12 දෙනකුගෙන් යුත් කුඩා කණ්ඩායමක් සතුරු බංකර් ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළහ.රාත්‍රි කාලය මුළුල්ලේ වර්ෂාවද නොතකමින් ඉලක්කයට පැමිණි වීරවර්ධන ප්‍රමුඛ කණ්ඩායම එළිය වැටෙනවාත් සමඟම සතුරා අන්දමන්ද කරමින් වෙඩි බලය පෙන්වූහ.

එකල වාකරේ ප්‍රදේශයේ බලය එල්.ටී.ටී.ඊ. ය විසින් තර කර තිබූ නිසා එම සටනේදී සතුරු මෝටාර් ප්‍රහාරයකින් වීරවර්ධනගේ මිතුරකු වූ කෝප්‍රල් උදය කුමාරද දිවි පිදීය.සතුරු ඉලක්ක විනාශ කළ 12 දෙනකුගෙන් යුත් කණ්ඩායමේ නායකයා වූයේ වීරවර්ධනය.

මේ ඔහු අපට පැවසුවේ ඔහුගේ අත්දැකීම් ගොන්නෙන් එක් අත්දැකීමක් පමණි.වෙඩි බලයෙන් උතුර – නැඟෙනහිර පොළොව හෙල්ලූ රංජිත් වීරවර්ධන රණබිමේ අවසන් සටන පැවැති නන්දිකඩාල් දක්වාම ගියේ ඔහුගේ සුවිශේෂ දස්කම් නිසාය.

මාණ්ඩලික සැරයන්වරයකු ලෙස විශ්‍රාම ගිය වීරවර්ධන වර්තමානය වන විට බිරිය සහ දියණියන් තිදෙනා රැක බලා ගනිමින් රත්නපුර නගරයේ ජීවිතය ගෙවන්නේය.

ඔහුගේ දැන් එකම රාජකාරිය වන්නේ දියණියන්ගේ අධ්‍යාපන කටයුතු සොයා බැලීමය.දරුවන් රැගෙන උදේට පාසලට යන්නෙත්, නැවත දරුවන් රැගෙන නිවෙසට එන්නේත් වීරවර්ධනය.

“අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා” යන විශේෂ බළකා තේමාව පෙරටු කර ගනිමින් රණවිරු දස්කම් පෑ සැරයන් මේජර් සාගර රණසිංහ රණශූර පදක්කමෙන් පිදුම් ලැබූ රණවිරුවෙකි.

මාණ්ඩලික සැරයන් රංජිත් වීරවර්ධනද දෙවතාවක් රණවික්‍රම පදක්කම්වලින් පිදුම් ලැබූ රණවිරුවෙකි.රණබිමේ ජීවිතය ගත කරමින් ගල්, ගස්, පර්වත, මූකලාන, අව් වැසි, සත්තු, සර්පයන් සහ සතුරන් සමඟ ඔට්ටු වූ මෙම විරුවන් අද නිහඬව සිය ජීවිකාව පවත්වාගෙන යමින් සිටිති.

එදා සහ අද ඔවුන්ගේ ජීවිත ගෙවෙන්නේ මෙලෙසිනි. අද තැන් තැන්වල බෝම්බ පිපිරෙන්නේ නැත. රැකියාවට පිටත් වූ දරුවන් යළි නිවෙසට කරදරයකින් තොරව ඒවිදෝ යන බියෙන් මවුපියන් නිවෙස් ‍ෙදාරකඩ අසලට වී අද රැඳී සිටින්නේ නැත. ත්‍රස්තවාදීන්ට ගොදුරු වූ අපේ කොල්ලන්ගේ සිරුරු අද ගම්වලට බුරුතුපිටින් පැමිණෙන්නේද නැත. අද සියල්ල සාමකාමීය. ඒ නිදහස උරුම කර දුන් විරෝදාර රණවිරුවනි! ඔබ සැමට අපගේ උත්තමාචාරය!

විශේෂ ස්තූතිය,

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, විශේෂ බළකා බළසේනාධිපති බි්‍රගේඩියර් සුජීව සෙනරත්යාපා, විශේෂ බළකා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායක කර්නල් චන්දිමාල් පීරිස්, විශේෂ බළකා රෙජිමේන්තු මධ්‍යස්ථාන විධායක අධිකාරි මේජර් තුෂාර විජයවර්ධන

චාමර අමරසූරිය

ලිපි පුවත්

දිගු දීප්තිමත් කෙස්‌ කළඹක හිමිකාරියක්‌ වීම බොහෝ යුවතියන් තුළ පවතින ලොකුම හීනයක්‌ය. හිසකෙස්‌ වර්ධනය හා එහි නිරෝගී බව රැක ගැනීම පිණිස වෙළෙඳපොළ තුළ විවිධ ආලේපන ඖෂධ වර්ග බොහෝය. පුවත්පත, රූපවාහිනිය හරහා ඒ පිළිබඳ දැනුවත් කරන අයුරු නිරන්තරයෙන් දකින්නට ලැබෙන දසුනක්‌ය. රූපලාවන්‍ය පිළිබඳ අන් කවරදාටත් වඩා බොහෝ දෙනෙක්‌ නිරන්තර අවදියෙන් පසු වන වටපිටාවක්‌ තුළ මෙවැනි දේ සාමාන්‍ය තත්ත්වයක්‌ය.

එහෙත්…. මේ කියන්නට යන කතාව ඊට හාත්පසින්ම වෙනස්‌ මඟක්‌ ගත් සිදුවීමක්‌ය. සුරූපී යුවතියන් වසර ගණනාවක්‌ පුරා ආදරයෙන් රැක බලා ගත් තමන්ගේ වරලස තවත් පිරිසකගේ යහපත පිණිස දන්දුන් කතාවක්‌ය. විවිධ වූ කොණ්‌ඩ විලාසිතාවන්ගෙන් තම හැඩකාර බව තව තවත් වර්ධනය කර ගත් යෞවනියන් නිර්ලෝභීව තම හිසකෙස්‌ තවත් පිරිසකගේ සතුට පිණිස දන්දුන් කතාවක්‌ය. සමස්‌තයක්‌ ලෙස ගත් කල මෙම කතාවෙන් කියවෙන්නේ වයස්‌ භේදයකින් තොරව තම හිසකෙස්‌ අනුන්ගේ යහපත පිණිස දන්දුන් විරල පුණ්‍යකර්මයක්‌ පිළිබඳ කතාවක්‌ය.

දිනය ඉකුත් මස 30 වැනිදාය. වෙනත් අයුරකින් සඳහන් කරනවා නම් වෙසක්‌ පසළොස්‌වක දිනට පසුදාය. මෙවර වෙසක්‌ පසළොස්‌වක යෙදී තිබුණේ අප්‍රේල් මස 29 වැනි දිනය.

ස්‌ථානය… අනුරාධපුර ධම්ම ෙච්තිය භාවනා මධ්‍යස්‌ථානය. එම ස්‌ථානයේ වැඩ වාසය කරන ස්‌වාමීන් වහන්සේලාගේ ආරාධනයෙන් මෙම පුණ්‍යකර්මයේ මූලික වැඩ කොටස සංවිධානය කරන ලදදේ ‘ඉන්දිරා පිළිකා භාරය’ (Indira Cancer Trust) සහ රමණී ෆර්ඩිනැන්ඩෝ සැලෝන් ආයතනය විසින්ය.

පළමුව ‘ඉන්දිරා පිළිකා භාරය’ නමැති සංවිධානය පිළිබඳව යමක්‌ පැවසිය යුතුය. එය බිහි කිරීම පිටුපස ඇත්තේ අතිශය අනුවේදනීය කතා පුවතක්‌ය. ඉන්දිරා ජයසූරිය යනු පාර්ලිමේන්තු කථානායක කරු ජයසූරිය මහතාගේ දියණියක්‌ය. ඇය කලක්‌ තිස්‌සේ පිළිකා රෝගී තත්ත්වයකින් පසු වූ අතර 2016 නොවැම්බර් මස 02 වන දින ඇය සදහටම දෙනෙත් පියා ගන්නේ එංගලන්තයේ පිහිටි පෞද්ගලික රෝහලක්‌ තුළ ප්‍රතිකාර ගනිමින් සිටියදීය. උත්තරීතර මවු සෙනෙහසක තරම ලොවටම පසක්‌ කරමින් ඇය පිළිකා රෝගයට ලබා දෙන ‘කිමෝ තෙරපි’ ප්‍රතිකාරය ප්‍රතික්‌ෂේප කරනු ලැබුවාය. ඇය එවැනි තීරණයක්‌ ගෙන ඇත්තේ සිය දරුවා වෙනුවෙන් උපන් අපරිමිත සෙනෙහස හේතුවෙන්ය. එම ප්‍රතිකාර ක්‍රමය මගින් බිලිඳු වියේ පසු වූ තම දරුවාට යම් හානියක්‌ වේ යෑයි බිය පත් ඇය අවසානයේදී මරණය තෝරා ගනු ලබන්නේ තම ලෙයින් උපන් දරුවාට ජීවිතය දීම පිණිසය. ඇගේ නාමය ඉතිහාසයට එකතු වන්නේ මාතෘත්වය පිළිබඳ පරමාදර්ශී කාන්තා චරිතයක්‌ ලෙසින්ය.

‘ඉන්දිරා පිළිකා භාරය’ නිර්මාණය වී ඇත්තේ එවැනි පසුබිමකය. සිය දියණිය වෙනුවෙන් උපන් ආත්මානුකම්පාව මත පාර්ලිමේන්තු කථානායක කරු ජයසූරිය මහතාගේ මූලිකත්වයෙන් මෙම සංවිධානය බිහි වන අතර එයට මූලික අඩිතාලම සැකසෙන්නේ 2016 වර්ෂයේදීය.

ඒ අනුව මෙරට පිළිකා රෝගීන්ගේ ශුභ සෙත පිණිස ඉහත සඳහන් ආයතනය ආරම්භ වන අතර එතැන් සිට පිළිකා රෝගීන් සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇරඹෙන්නේය. එහි මූලිකත්වය ගෙන කටයුතු කරන වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය ඒ සම්බන්ධව අදහස්‌ පළ කරමින් ප්‍රකාශ කර සිටියේ තම ආයතනය මගින් පිළිකා රෝගීන් සඳහා ව්‍යාජ කොණ්‌ඩ (Vig) සැකසීමේ ව්‍යාපෘතියක්‌ කලක පටන් සිදුකරන බවත් එසේ සකසන ව්‍යාජ කොණ්‌ඩ (Vig) පිළිකා රෝගීන් සඳහා නොමිලේ ප්‍රදානය කිරීම තම ආයතනයේ එක්‌ ප්‍රජා සත්කාර සේවාවක්‌ බවත්ය. පිළිකා රෝගය සඳහා ලබා දෙනු ලබන ප්‍රතිකාර හේතුවෙන් රෝගීන්ගේ හිසකෙස්‌ ගැලවී යැම සාමාන්‍ය තත්ත්වයක්‌ බවත් එම හේතුවෙන් බහුතරයක්‌ පිළිකා රෝගීන් තව තවත් මානසික පීඩනයට ලක්‌වීමේ මානසිකත්වයෙන් ඔවුන් මුදා ගැනීම පිණිස මෙවැනි වැඩසටහනක්‌ ක්‍රියාත්මක කිරීමට මූලික පදනම වූ බවත් පවසා සිටින වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය තවදුරටත් සඳහන් කර සිටින්නේ පිළිකා රෝගී තත්ත්වයෙන් පසු වන රෝගීන්ගේ මානසික සුවය පිළිබඳ මෙවැනි වැඩසටහන් දිගින් දිගටම ක්‍රියාත්මක කරන බවය.

ඉකුත් 30දා අනුරාධපුරයේදී ක්‍රියාවට නඟන ලද්දේ එම දිගු කාලීන වැඩසටහනේ එක්‌ පියවරක්‌ය. එය වෙසක්‌ පසළොස්‌වක පොහෝ දිනට සමගාමීව සංවිධානය කර තිබීම එහි තවත් විශේෂත්වයක්‌ විය.

රමණී ෆර්ඩිනැන්ඩෝ සැලොන් කාර්ය මණ්‌ඩලය එදින හිසකෙස්‌ දන්දීම පිණිස පැමිණි පරිත්‍යාගශීලීන්ගේ හිසකෙස්‌ කපා ඉවත් කිරීම සිදුකළ අතර ඔවුන් එම කාර්යය සඳහා ඉදිරිපත් වන්නේ කිසිදු අයකිරීමකින් තොරවය. අනුරාධපුර සංවිධානය කර තිබූ හිසකෙස්‌ දන්දීමේ පිංකම සඳහා සහභාගි වූ පරිත්‍යාගශීලීන් හට එම උතුම් පුණ්‍යකර්මය සඳහා දායකත්වය ලබාදීම සිහිපත් කිරීම පිණිස සහතික පතක්‌ ප්‍රදානය කරන්නටද සංවිධායකවරුන් විසින් කටයුතු කර තිබිණි.

එදින පැවති වැඩසටහන යනු මෑත කාලීනව ‘ඉන්දිරා පිළිකා භාරය’ විසින් සංවිධානය කරන ලද දැවැන්තම වැඩසටහන විය. තම තමන් එතෙක්‌ දිනක්‌ ආදරයෙන් රැකබලා ගත් තම හිසකෙස්‌ දන්දීම පිණිස පැමිණි පිරිස අටසිය හයදෙනෙක්‌ විය. ඒ අතර දිගු නිරෝගී කෙස්‌ කළඹකට උරුමකම් කී සුරූපී තරුණියන් විශාල පිරිසක්‌ විය. තරුණයන්ගේ සහභාගීත්වයද ඊට නොදෙවැනි තරමේය. පාසල් දූවා දරුවන් පිරිසක්‌ද තම හිසකෙස්‌ අනුන්ගේ යහපත පිණිස දන්දීම සඳහා ඉදිරිපත්ව සිටීම තවත් විශේෂත්වයකි.

ඒ අනුව එදින තුළ පැය කීපයක්‌ ගත වීමට මත්තෙන් හිසකෙස්‌ කිලෝග්‍රෑම් 37 ක්‌ ලබා දීමට තරම් ත්‍යාගවන්ත මිනිසුන් පෙරමුණ ගත් අතර එය නිල නොලත් ආරංචි මාර්ගවලට අනුව දකුණු ආසියාවේ සිදුකළ දැවැන්තම හිසකෙස්‌ ප්‍රදානය විය.

එම පරිත්‍යාගයේ දකින්නට ලැබී ඇති තවත් විශේෂත්වයක්‌ බවට පත්ව ඇත්තේ ඒ සඳහා ඉදිරිපත් වූ කිසිවෙක්‌ කිසිවෙකුගේ බලපෑම මත ඒ සඳහා ඉදිරිපත් නොවී සිය කැමැත්තෙන් තම ප්‍රදානය සිදුකිරීමය.

එලෙස පරිත්‍යාගශීලීන්ගෙන් ලබා ගන්නා හිසකෙස්‌ ව්‍යාජ කොණ්‌ඩ මෝස්‌තරයක්‌ බවට පත් කිරීම පිටුපසද තවත් කතාවක්‌ අත. සාමාන්‍යයෙන් එක්‌ කොණ්‌ඩයක්‌ සැකසීම පිණිස දින දහයක්‌ පහළොවක්‌ ගත වන අතර එක්‌ කොණ්‌ඩයක්‌ සැකසීම පිණිස හය හත් දෙනකුගේ හිසකෙස්‌ යොදා ගනු ලබන්නේය. ස්‌වභාවික හිසකෙස්‌ භාවිතා කරමින් අතින් සකසන ලද මෙවැනි කොණ්‌ඩයක්‌ වෙළෙඳපොළ තුළ රුපියල් ලක්‌ෂයක්‌ එකහමාරක්‌ පමණ මිලකට අලෙවි වන්නේය. මෙහිදී කොණ්‌ඩා සැකසීමේ වැඩපිළිවෙළේ මූලික වගකීම භාර ගත් තැනැත්තෙක්‌ වන අතර ඔහු නමින් මෙම ක්‌ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ලලිත් ධර්මවර්ධන මහතාය. ‘ඉන්දිරා පිළිකා භාරය’ මගින් පිළිකා රෝගීන් වෙත නොමිලයේ ලබාදීමට කටයුතු කරන මෙම ව්‍යාජ කොණ්‌ඩ සැකසීම ඔහු ඇතුළු පිරිසක්‌ විසින් සිදුකරන අතර ඒ සඳහා ඔවුන් අයකරනු ලබන්නේ ඉතාමත් සහනදායී අයකිරීමක්‌ය.

මේ සියලුම කාරණා හේතුවෙන් මේ වනවිට ‘ඉන්දිරා පිළිකා භාරය’ සංවිධානය විසින් එක්‌ මසක්‌ තුළ මෙවැනි කොණ්‌ඩා දහයක්‌ දොළහක්‌ අතර ප්‍රමාණයක්‌ පිළිකා රෝගීන් සඳහා ප්‍රදානය කරන අතර දිනපතා පිළිකා රෝගීන් කීප දෙනෙක්‌ පැමිණ ඔවුන් වෙතද මෙම පරිත්‍යාගය ලබා දෙන ලෙස ඉල්ලීම්ද කරනු ලැබේ.

මෙවැනි පුණ්‍යකර්ම යනු විරලව දකින්නට ලැබෙන සිදුවීම්ය. එවැනි පුණ්‍යකර්මයකට දායක වීමද භාග්‍යවන්ත කටයුත්තක්‌ය. අසරණ මිනිසුන් කෙරෙහි උණු වන සිත් ඇති පුණ්‍යවන්ත මිනිසුන්ගේ එකතුවකින් මෙවැනි සමාජ සත්කාරයන් සිදුකිරීම යනු මරණයත් සමඟ ජීවත් වන පිළිකා රෝගීන්හට නැවතත් ජීවිත අපේක්‌ෂාව ලබාදීමක්‌ බඳු කටයුත්තකි. ඇස්‌ ඉස්‌ මස්‌ ලේ දන්දුන් ශාස්‌තෘවරයාණන් වහන්සේ නමකගෙන් පැවත එන දහමකින් පෝෂණය වූ රටක මෙවැනි පුණ්‍යකර්මයන් වැඩි වැඩියෙන් ක්‍රියාත්මක වේ නම් එය මෙලොව පරලොව යහපත පිණිස බෙහෙවින් ඉවහල් වන යහපත් වෑයමකි.

 

ලිපි පුවත්

සාමාන්‍යයෙන් Photo එකක් තියෙන කුඩා දෙයක් බලා ගන්න ඕන උනාම අපි Zoom කරලා බලනවනේ. හැබැයි ඉතින් යාන්තම් රූපේ පෙන ගානට Zoom කර ගත්තට වැඩිය දෙයක් බලා ගන්න බෑ. හැබැයි ඉතින් අභ්‍යවකාශයේ ඉඳන් කුකුලගේ කරමලේ වෙනකන් Zoom කරපු Photo එකක් අපිට හම්බුණා.

ඇත්තටම මේක ඇඳපු චිත්‍රයක්. ඒ වුනත් හරිම අපූරුවට ඇඳලා තියෙනවා.මේ කාටුන් චිත්‍ර සියල්ලම ඇදලා තියෙන්නේ හංගේරියානු ජාතික Istvan Banyai නමැති චිත්‍ර ශිල්පියයි.මේ චිත්‍ර එකතුව නම් ගොඩක් පරණයි නමුත් හදිසියේම නැවතත් මේ වන විට මුළු ලෝකයේම දැඩි අවදානය මෙම චිත්‍ර පෙළ වෙත යොමු වෙලා තියෙනවා.

මිට වඩා Zoom කරපු Photo එකක් තිබ්බොත් අපිට එවන්න අමතක කරන්න එපා.ඔන්න මිතුරන්ටත් බලන්න Share පාරකුත් දාගෙන යන්න. සුබ රාත්‍රියක් එහෙනම් හැමෝටම

 

 

 

 

ලිපි පුවත්

දකුණු පළාතේ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයක් පැතිරෙමින් පවතින බවත් ඇතැම් විට එය වසංගත තත්ත්වයක් දක්වා වැඩිදියුණු විය හැකි බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි.

විජේසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙය ළමයින් අතර පැතිරීමේ ප්‍රවණතාව වැඩි බවයි. පසුගිය දින කිහිපයේ දී කරාපිටිය රෝහලේ දී දරුවන් කිහිප දෙනකු මියයාමට හේතු වූ වෛරසය මෙම ඉන්ෆ්ලුවන්සා තත්ත්වයද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැතත් ඒ පිළිබඳවද වැඩිදුර සොයා බලමින් පවතින බව හෙතෙම කීවේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ දැනට තංගල්ල , කඹුරුපිටිය හා කරාපිටිය රෝහල් වලින් වැඩිපුර රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි. මේ පිළිබඳ දැනටමත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් මාර්ගයෙන් දකුණු පළාතේ අධ්‍යාපන බලධාරීන් දැනුම්වත් කර ඇති බව ද හෙතෙම කීවේය.

මෙම ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයට ගොදුරු වූ විට කිවිසුම් යාමේ වාර ගණන වැඩිවීම , උගුරේ තදබල වේදනාව , සෙම්ප්‍රතිශ්‍යා ස්වභාවය හා උණ ඇති වන බවත් මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම රජයේ රෝහලකට හෝ වෛද්‍යවරයකු හමුවී හෝ ප්‍රතිකාර ගතයුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි.

මෙම ඉන්ෆ්ලුවන්සා තත්ත්වය ආකාර තුනකට පැතිරෙයි. ඉන්ෆ්ලුවන්සා වෛරසය , ඇඩිනෝ වෛරසය , නියුමෝකොකල් බැක්ටීරියා තත්ත්වය යන ආකාර තුනෙන්ම මෙම රෝගය පැතිරෙන අතර මෙවර එම ආකාර තුනේම රෝගීන් දක්නට ලැබෙන බව ද හෙතෙම කීය.

යම් අයකුට මෙම රෝගය වැළඳී ඇතැයි සැකයක් පවතින්නේ නම් සෙනග ගැවසෙන ස්ථානවලින් ඈත්වී සිටින ලෙසත් , දරුවන් නම් පාසල් නොයවන ලෙසත් සෞඛ්‍ය අංශ දැනුම්දෙයි. එමෙන්ම කිවිසුම් යාමේ දී මුඛය ආවරණය කරගන්නා ලෙස ද දෑත් හොඳින් සබන් යොදා සෝදන ලෙසද වෛද්‍යවරු දැනුම් දෙති.

මෙම රෝගී තත්ත්වය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග සඳහා උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවසා සිටියේය. කරාපිටිය රෝහලේ මෙම රෝගින් සඳහා වෙනම කොටසක් වෙන්කිරීමට පියවර ගත් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

උණ අඩුකිරීම සඳහා ක්‍රියාමාර්ග ගතයුතු බවත් හුස්ම ගැනීම පහසු කිරීම , විවේකය හා පෝෂ්‍යදායී ආහාර මෙම රෝගීන් සඳහා ලබාදිය යුතු බව වෛද්‍යවරයා පවසයි.

අධ්‍යක්ෂකවරයා අවධාරණය කර සිටින්නේ සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ වැලඳුනු දරුවන් පාසැල් යැවීමෙන් වැලකී සිටින ලෙසයි. ප්‍රධන වශයෙන් සෙනග ගැවසෙන ස්ථාන වලින් ඈත් වී සිටින ලෙසද පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන විට මුව වැස්මක් පාවිච්චි කරන ලෙසද අධ්‍යක්ෂකවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ලිපි පුවත්

1939දී දහහත් හැවිරිදි තරුණියක වූ ඇසිලින් නිවෙසට කඩා වැදුණු සොරමුළක සොරකුට කඩුවෙන් කෙටුවාය. කිසිදු තැතිගැනීමකින් තොරව තුවාල ලැබූ සොරෙකුගෙන් අනෙක් සොරුන් ගැන විස්තර අසා ලියා ගත්තෙන් පොලිසියේ වැඩද පහසු විය.

ඉංග්‍රීසි ආණ්ඩුවෙන් වීරවරියක් ලෙස ගෞරවයට පාත්‍රව සම්මාන ලැබූ එමෙන්ම මුළු රටෙන්ම බුහුමන් ලද වීරවරියක් වූ ඇසිලින් සිල්වා නොහොත් වීර ඇසිලින් අවුරුදු 95ක් ආයු වළදා ඉකුත් 11වන දින දිවියෙන් සමුගත්තාය.

මෙරට බි්‍රතාන්‍ය කිරීටය විසින් පාලනය කළ සමයේ එහි අවසන් භාගයේ ඉංග්‍රීසි ආණ්ඩුව විසින් මවුබිමේ විශේෂ පෙළහර පෑ වීරවරුන් හා වීරවරියන් එක්කර ‘වීර සමාජය’ නමින් පිරිසක් මෙරටට හඳුන්වා දෙන ලදී. සිය දිවි දෙවැනි කොට අන් අයගේ දිවි බේරා ගැනීම සඳහා ඉදිරිපත් වූවන් මෙම වීර සමාජයේ සාමාජිකයෝ වූහ. එම වීර සමාජයේ පළමු වීර පදක්කම ලබා ගැනීමට සමත් වූයේ එකල කළුතර, කොරතොට විසූ නව යොවුන් යෞවනියක් වූ ඇසිලින් සිල්වාය. ජෝන් හාවඩ් ආණ්ඩුකාරවරයා විසින් ඇය වීරවරියක් ලෙස නම් කර ඇයට රන් පදක්කමක් පලඳවා තිබිණි.

එලෙස පදක්කම් ලැබූ වීර ඇසිලින් ලෙස එදා මුළු මවුබිමේම ජනතාව හඳුනාගත් වීර ඇසිලින් මිය යන විට ජීවත් වූයේ ජා-ඇළ හෙට්ටිගම පිහිටි ඇයගේ එකම දියණිය වූ රාණි පණ්ඩිතරත්නගේ නිවෙසේය. ඇය සිය විවාහයෙන් පසු කළුතර කොරතොට සිට ජා-ඇළ හෙට්ටිගම ප්‍රදේශයට සංක්‍රමණය වූවාය.

වීරවරියක් ලෙස ඇය ජන සම්මානයට පාත්‍ර වීමට හේතු වූ කරුණ කුමක්දැයි ඇයගේ දේහය තැන්පත් කර තිබූ නිවෙසේ තවත් සුරැකිව පවතින එම සන්නස් ඵලකයේ පැහැදිලිව සටහන් වී තිබේ. 1922 කළුතර කොරතොට උපන් ඇසිලින් සිල්වා වූ ඇය 1939 වර්ෂය වනවිට රූමත් නව යොවුන් යෞවනියක් වූවාය. යෞවනියකට හිමි සුකුමාලත්වය ඇයට වුවද ඇය බිය ගැන්විය හැකි යෞවනියක්ද නොවීය. 1939 වර්ෂයේ දිනෙක ඇයගේ නිවෙස බිඳ දැමීමට 8 දෙනකුගෙන් යුත් සොර කණ්ඩායමක් නිවෙසට ඇතුළු වී ඇගේ මවට පහරදී ඇගේ පියා බැඳ දමන්නට සූදානම් වූහ.

එම අවස්ථාවේ යෞවනියකට හිමි තැතිගැන්ම වෙනුවට ඇසිලින් සිතුවේ මෙම සොර මුළ අල්ලාගත යුතුය යන්නය.ඒ අනුව පියා සමඟ පොරබදමින් සිටි සොර කල්ලියේ එක් අයකුට නිවෙසේ තිබූ කඩුවකින් කෙටීමට ඇසිලින් කටයුතු කළාය. ඒ ඇසිල්ලෙන් සොරමුළෙන් ගැල වී ගත් ඇසිලින්ගේ පියා ඔහුගේ තුවක්කුව රැගෙන සොරමුළ දෙසට වෙඩි තබා ඇත. සොරුන් පලාගියද තුවාල සහිතව සිටි එක් සොරකු වෙත ගිය ඇසිලින් ඔහුට වතුර පොවමින් පැමිණි සොර කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන්ගේ සවිස්තරව විස්තර පොතක සටහන් කර ගත්තාය. එකල එවැනි සිද්ධියක් සිදුවීම අති විරල එකක් විය.

සිද්ධියෙන් පසු අතුරුගිරිය පොලිසියට ගිය ඇසිලින් ඇතුළු පිරිසගෙන් ප්‍රශ්න කළ එහි ස්ථානාධිපතිවරයා වූ ඊ.වී. ජෝර්ජ් මහතා පොලිසියට රාජකාරියක් කරන්න ඉඩ නොතබා සියලු කටයුතු ඇසිලින් සිදුකර ඇතැයි පවසමින් ඇයට කෘතවේදීත්වය පුද කර පැය කිහිපයක් තුළ පලාගොස් සිටි සොරමුළ අත්අඩංගුවට ගෙන තිබිණි. ඇයගේ මෙම ක්‍රියාව පිළිබඳව එකල සිංහල පුවත්පත්වල පළ වී තිබූ අතර ජෝන් හාවඩ් ආණ්ඩුකාරවරයා ඇය වීරවරියක් ලෙස නම් කර ඇයට රන් පදක්කමක් පිරිනමා එවැනි වීර ක්‍රියාවන් කරන සමාජයක් ගොඩනැඟිය යුතු යැයි යෝජනා කරන ලදී. අනතුරුව ඉංග්‍රීසි ආණ්ඩුවෙන් වීරවරුන් හා වීරවරියන් ලෙස පදක්කම්ලාභීන් බොහෝමයක් බිහි වී තිබේ.

සොර මුළක් දුටු විට පලා නොගොස් ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කර ඔවුන් ජීවග්‍රහයෙන් අත්අඩංගුවට ගැනීමට සලස්වා අධිරාජ්‍යවාදීන්ගෙන් පදක්කම් ලැබූ වීර ඇසිලින් එසේ පදක්කම් ලැබූ පිරිසෙන් ජීවත්ව සිටි අවසන් කාන්තාව ලෙස මේ මවුබිමේම මිහිදන් වූවාය.

ලිපි පුවත්

උපාලි පාසල ඇරී නිවසට දිව ආවේ වෙනදා මෙන්ම ඉහවහා ගිය බඩගින්නෙනි. ගේට්ටුව ඇරගෙන ගෙවත්තට ඇතුළුවත්ම ඔහුගේ නෙත ගැටුණේ තාත්තාගේ ට්‍රෑම්ප් මේෆ්ලවර් රිය සෝදා ඔප දමා මිදු‍ලේ නතර කර ඇති ආකාරයය. තාත්තා දුර ගමනක් යන්න වගේ. මටත් ගියහැකි යැයි තමාටම කියාගත් උපාලි දඩිබිඩියේ ගෙට ඇතුළු වූයේය. නිවසේ සාලයේ තාත්තා සමග කතා කරමින් සිටියේ වෙනදා දැක පුරුදු නැති අමුත්තෙකි. තාත්තාට සමුදී නැගී සිටි අමුත්තාගේ අතක රැඳි මේෆ්ලවර් රියේ යතුරු දුටු සැණින් උපාලිට කරුණු කාරණා අවබෝධ වූයේය. සැණින් ඔහුගේ මුහුණ බෙරි වූයේය. අපි වෙන එකක් ගමු තාත්තා වැළපෙන තම කුඩා පුතු අස්වසාලුවේය.

මේක විකුණන්න එපා. මම මේ කාර් එකට හරිම ආසයි කඳුළු අතරින් ‍පොඩිත්තා පැවැසුවේය. එහෙත් ඒ වෙන කොටත් අමුත්තා රිය පදවාගෙන මහ පාරේ නොපෙනී ගොසිනි.
හූ………හූ………. ඇද්ද වැඩේ මජං බාස් ගේ ඇතුළේ සිටි අයියලාගේ ඔච්චම් හඩින් උපාලි පියවි ලොවට පිවිසියේය.
ඔය කාරෙක මම ආපහු ගන්නවා ‍පොඩි එකා පාරම් බෑවේය. අයියලාගේ කටින් බකස් ගා හිනා පැන්නේය.

එදා මාත‍ලේ ශාන්ත ඇග්නස් කන්‍යාරාමයේ දෙවන කැලෑසියේ සිසුවෙකු ලෙස කඳුළු පෙරමින් ලොකු කතාවක් කළ ඒ ‍පොඩිත්තාට තාත්තා විකුණා දැමූ ට්‍රෑම්ප් මේෆ්ලවර් රිය මිලට ගන්නට බැරිව ගියේය. එහෙත් මේෆ්ලවර් රථ හතරක් ඇතුළුව මෝටර් රථ තිහ හතළිහක් හිමි කරගන්නට ඔහු අද වන විට සමත්ව ඇත්තේය. එපමණක් නොව ලංකාවේ මුල්ම හා එකම පැරණි කාර් කෞතුකාගාරයද (Classic car Musium) පසුකාලයක ඇරඹූ ඔහු නමින් උපාලි සූරිආරච්චිය. කෙසේ වෙතත් පැරණි කාර්ලෝලීන් අතර ඔහු වඩාත් ප්‍රකටව ඇත්තේ ඊරියගම උපාලි මහත්තයා ලෙසිනි. උපාලි මහත්තයා කාර් හා බැඳුණු ඔහුගේ මතකයන් අප හා පැවැසුවේ මෙසේය.

අපේ ගම මාත‍ලේ. මම මුලින්ම ගියේ මාත‍ලේ ශාන්ත ඇග්නස් කන්‍යාරාමයට. පස්සේ මාත‍ලේ සෙන්ට් තෝමස් එකට ගියා. වෘත්තියෙන් මම වෛද්‍යවරයෙක්. මුලින්ම මම වැඩ කළේ උඩුපුස්සැල්ලාව ගම්පහ වත්තේ රෝහ‍ලේ මෙසේ සැකැවින් පැවැසුවද සූරිආරච්චිලාගේ කතාව ඊට වඩා බොහෝ දිග පළලින් යුක්තය. කන්ද උඩරට ප්‍රවාහන උරුමයක් හා බැඳි පවුල් පසුබිමක් සූරිආරච්චිලාට ඇත්තේය. අපේ සීයා ප්‍රවාහන කටයුතු පටන් ගත්තේ ගොන් කරත්තවලින්. ඊට පස්සේ කාර්, ලොරි අරගෙන බස් ගත්තා.

ඒ කා‍ලේ මේ අවට හැම තැනම දිව්වේ අපේ බස් උපාලි මහත්තයා සිය පවු‍ලේ අතීතය එසේ සිහි කරන්නේය. පසුකාලීනව සිය පියාද ප්‍රවාහන ව්‍යාපාරයට එකතු වූ මුත් පවු‍ලේ බඩපිස්සා වූ උපාලි තෝරා ගත්තේ වෛද්‍ය වෘත්තියයි. එහෙත් වෙද නලාව කර ලා ගත් වෛද්‍යවරයා තුළ අයියලා ඔච්චම් කළ ‘මජං බාස් සැඟව සිටියේය. කෙසේ වෙතත් සිය පළමු වැටුප ලබාගත් දිනම දොස්තර මහත්තයා බරපතළ ලෙස රෝගී වන්නේය. ඒ රථගාය උත්සන්න වීමෙනි. එය යන්තම් හෝ සුව වනුයේ දොස්තර මහතා ‘මේජර්’ කෙනකු වීමෙනි. ඒ ඔහු හමුදාවට බැඳීම නිසා නොවේ. ‘බ්‍රිතාන්‍ය සුළු අවි කම්හ‍ලේ’ නිපැයූ බි.ඇස්.ඒ. බැන්ටම් ‘මේජර්’ වර්ගයේ යතුරුපැදියක් මිලට ගැනීම නිසාය.

අයියලාට කෙසේ වෙතත් අම්මාට හා අක්කලාට මේ හුටු හුටුව ඇල්ලුවේ නැත. ‘මල්ලී ඔයත් කාරෙකක් ගන්නකෝ’ ලොකු අක්කා වූ චිත්‍රා දිනක් පැවැසුවාය. ඒ ඉල්ලීම අඬන්න හිටි එකාට මුත්තා මැරුණා යැයි කීවාට දවෛනි නොවීය. ඊළඟ මාසේ වැටුප ලබා ටික දිනකින් දොස්තර මල්ලී කාර් එකක් මිලට ගෙන අක්කාගේ හිත සැනසුවේය.

මම මුලින්ම ගත්තේ Ford prefect 100E එකක්. ඒකේ අංකය 2 ශ්‍රී 1891. මල්ලිගේ ෆෝර්ඩ් කාර් එක, කාර් ලෝලිනියක වූ අක්කාටද සිතට අල්ලලා ගියාය. ඒ පාසල් වියේ සිට ෆෝර්ඩ් වාහන සමග වූ බැඳීම නිසාය. අපේ අක්කාත් කාර්වලට ආසයි. එයත් හොඳ ඩ්‍රයිවර් කෙනෙක්. අක්කා ඉහළ පන්තිවල ඉගෙන ගන්න කොට අපිව ඉස්කෝ‍ලේ ගෙනිච්ච්ෙ එයා. තාත්තාගේ දඬු ෆෝර්ඩ් කාර් එක (EY 628) එළවාගෙන යන්නේ අක්කා. කාර් එක ඉස්කෝ‍ලේ දාලා අක්කා පන්තියට යනවා. ඉස්කෝ‍ලේ ඇරුණාම අපිවත් දාගෙන ගෙදර එනවා උපාලි ‘මහත්තයා’ පවසන මේ අත්දැකීම අද කාලයේ පවා දැකගන්නට නැති විරල ගණයේ එකකි.

සිය මල්ලිලා පටවාගෙන ෆෝර්ඩ් කාරෙකින් පාසල් යන චිත්‍රා සූරිආරච්චි නව යොවුන් වියේ පසුවූ සිසුවියක වූවාය. එහෙයින් ඈ පදවන ෆෝර්ඩ් රිය අවට තරුණ ගැටවුන්ගේ නොමඳ අවධානය දිනා ගත් එකක් විය. බොහෝ දිනවල උපාලිලාගේ මෝටර් රථය පසුපස ජාවා, ට්‍රෑම්ප්, බි.ඇස්.ඒ. වැනි යතුරුපැදිවල නැගුණ කොලුගැටව් හඹා ඒම පුරුද්දක්ව පැවැතුණි. ‘ඒ වුණාට අපේ අක්කා වෙට්ටුවක් දාලා පාගලා යන්න දක්ෂයි. ඒක නිසා කවුරුවත් ඕනෑවට වැඩිය අපේ කාර් එකට ළංවුණේ නෑ උපාලි පවසනුයේ සිනාසෙමිනි.

දිනක් ගමනක් ගොස් ආපසු එමින් සිටි ඔහු තවත් අපූරු රථයක් දුටුවේය. ඒ තම රථයේ වර්ගයේම එකකි. එහෙත් රථ දෙකේ වෙනස්කම් ගණනාවක්ම විය. අලුත් කාර් එක ‘උපාලිගේ සිතට අල්ලලා ගියේය. දෙකක් නොසිතා ඔහු එම රථයද මිලට ගත්තේය.එලෙස ඇරඹූ කාර් එකතු කිරීම බොහෝ දුර ගියේය. මාසයකට දෙකකට වරක් ඔහු අලුතින් කාර් එකක් මිලට ගත්තේය. මයිනර්, වොක්ෂ්වෝල්, ෆියට් වැනි රථ එකින් එක මිදු‍ලේ ගොඩ ගැසෙන්නට විය. ලෙඩවූ කාර්වලටත්, රෝගීන්ටත් සම මෙත් සිතින් සලකන්නට යෑම නිසා ඔහු අමාරුවේ වැටුණේ වරක් දෙවරක් නොවේ.

මේ වන විට වතුකරයේ ජනයාගේ සෞඛ්‍ය නංවනු වස් ප්‍රතිශක්තීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක වූයේය. එහි ලොකු බරක් වෛද්‍ය උපාලි සූරිආරච්චි පිට පැටවී තිබුණේය. එහෙයින් මේ දිනවල ඔහු කටයුතු කළේ දෙකොන විලක්කුවක් අත දරාගත් කට්ටඩියකු ලෙසිනි. ‘දැං ඔයාට වැඩ වැඩියි නේද කාර් හැදිල්ලයි. ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන එකයි දෙකම කරන්න අමාරු නිසා දෙකෙන් එකක් තෝර ගන්න යැයි උපාලිගේ බිරිඳ සුසේන්ද නිතර ඇවිටිලි කළාය. අවසන ඒ පිළිබඳවද ඔහු අපූරු තීන්දුවක් ගත්තේය.

හැමෝම කියන්න ගත්තා දෙකෙන් එකක් තෝර ගන්න කියලා. මම කිසි කලබලයක් නැතිව දෙකෙන් එකක් තෝරා ගත්තා. ඒ තමයි මිනිස්සුන්ට බෙහෙත් කරන එක නතර කරලා පැරණි කාර්වලට විතරක් බෙහෙත් කරන්න ඔහු අදටත් එකී තීරණය සිහිකරනුයේ අපූරු සැහැල්ලුවකිනි.1994 වන විට තමා සතු පැරණි කාර් එකතුව මහජන ප්‍රදර්ශනයට තැබිමට ඔහුට සිත්වූයේය. පේරාදෙණිය ඊරියගම වංගුවේ කඳු ගැටයක් මුදුනේ කැලැසික් ලයින් නමින් සිරිලක පළමු පැරණි කාර් කෞතුකාගාරය පිහිටුවන්නට හැකිවීම එකී සිතුවිල්‍ලේ ප්‍රතිඵලයකි.

ක්ලැසික් ලයින් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කළේ කාර් පමණක් නොවේ. වාහන සංස්කෘතියේ බොහෝ උපාංග රැසක්ද එහි වෙයි. ඊට අමතරව දුර්ලභ යතුරු පැදිද, එළුවන් බඳිනා කරත්තයක්ද එහිදී දැකගත හැක. ක්ලැසික් ලයින්හි ඇති වාහන එකතුව ඩොලර් කෝටියකට හෝ මිල කළ නොහැක්කකි. ඒත් එය ලක්වාසීන්ට පමණක් නොව විදේශිකයන්ටද පෙන්වූයේ නොමි‍ලේය.

ක්ලැසික් ලයින් කෞතුකාගාරයට පැමිණි දෙස් විදෙස් ප්‍රභූන් බොහෝය. හිටපු ඇමෙරිකානු තානාපති ඈෂ්ලි විල්ස් වරක් නොව තුන් වරක්ම එහි පැමිණියේය. මෙහි ආ විදේශිකයෝ තම රටවල පුවත්පත්වලට ක්ලැසික් ලයින් ගැන ලිපි ලියුවෝය. ලංකාවට ගොස් මේ වාහන දැකගන්නැයි එකී ලිපි මගින් ලෝ පුරා සංචාරකයන්ගෙන් ඉල්ලා තිබුණි. එහි පැමිණි සංචාරක මගපෙන්වන්නෙකු වරක් මේ ලියුම්කරුට පැවැසුවේ යුරෝපා රටවලින් එන සංචාරකයන්ගෙන් බහුතරයක දළදා මාලිගයට ගොස් පේරාදෙණිය මල්වත්ත නරඹා කෙළින්ම එන්නේ ක්ලැසික් ලයින් කෞතුකාගාරයට බවය. මේ කාර් එකතුව වගේම ලංකාවේ කාර්මිකයන් ගැනත් විදේශිකයෝ ප්‍රශංසා කරනවා ඔහු පැවැසීය.

ලෝ ප්‍රකට මයිනර් මන්ත්ලි සඟරාවේ බොබ් බෙවන්ද වරක් මෙහි පැමිණ ඇත. ක්ලැසික් ලයින් කෞතුකාගාරයේ අලංකාරයෙන් වශී වූ ඔහු මයිනර් මන්ත්ලි සඟරාවේ පිටු දෙකක් පිරෙන්නට උපාලි සූරිආරච්චි ගැන ලිපියක් පළ කළේය. එවන් ගෞරවයක් ලද එකම ලාංකිකයා ඔහුය.කාර් ඇතුළේ සැඟව ඇති උප සංස්කෘතීන් හා රස කතා බොහෝය.

ක්ලැසික් ලයින්හි ඇති ට්‍රෑම්ප් මේෆ්ලවර් රථ ගණන හතරකි. ඉන් දෙකක් අන් ඒවාට වඩා වෙනස්ය. ඒ කා‍ලේ කාර්වල එවැනි දේ සුලභය. මේෆ්ලවර් නම ඒ රියට ලැබිම ගැනද රස කතාවක් ඇත. ඒ කතෝලික දහමට විරුද්ධ මත දැරුවන් පිරිසක් වරක් එංගලන්තයෙන් පිටුවහල් කර ඇත. ඔවුන් පිටුවහල් කළේ මේ ෆ්ලවර් නම් නෞකාවෙනි. පසුකාලීනව ඇමෙරිකාව සුදු ජාතික ජනාවාසයක් කළේ ඔවුන්ය. මේෆ්ලවර් රථයේ බොනට්ටුව අරින අගු‍ලේ මත මේෆ්ලවර් නෞකාවේ රුව වාත්තු කර ඇත. මේ සලකුණ දකිනා බොහෝ දෙනකු පසුබිම් කතාව දන්නේ නැත. ක්ලැසික් ලයින් කෞතුකාගාරයේ ඇති කුඩාම මොටෝ රිය ෆියට් වර්ගයේ එකකි. මේ ලියුම්කරු එය හඳුනා ගත්තේ ‘බග් ෆියට් එකක් ලෙසිනි. එහෙත් එහි සැබෑ නම එය නොවනා බව උපාලි සූරිආරච්චි පවසන්නේය.

මේ කාර් එකට ලංකාවේ බග්ෆියට් කියනවා. ඒ බග් මේසන් කියලා ධාවකයෙක් මේ වර්ගයෙන් රේස් පැද්ද නිසා. මේකේ නියම නම ෆියට් ටොපලිනෝ (Fiat Topalino) ඉතාලි භාෂාවෙන් ටොපලිනෝ කියන්නේ හික්මීයෙක් වගේ පුංචි මීයෙකුට. අනික ෆියට් කියන්නේ ඉතා දිග නමක කෙටි යෙදුමක්. එහි සම්පූර්ණ නම rica Italiana Automabaliy Torino යන්නයි. මෙවැනි කතා අසා දැනගත හැක්කේ උපාලි සූරිආරච්චි වැනි ප්‍රාමාණිකයෙකුගෙන් පමණි.
කරුණු දෙකක් නිසා ක්ලැසික් ලයින් කෞතුකාගාරයේ ඇති ස්ටෑන්ඩර්ඩ් 8 රියද සුවිශේෂී එකකි. එම වර්ගයේ රථවල කිසිදු තැනක නිෂ්පාදකයාගේ නම හෝ රථයේ නම සඳහන්ව නොතිබිම එක කරුණකි.

අනෙක රථය පණ ගැන්වෙන විට මිහිරි සීනුවක් නාද වීමය. එම සීනුව රථයේ රිංගියර් එක පෙදෙසින් නාදවන අතර එකී සීනු හඬ නිසාම මෙම රථ ස්ටෑන්ඩර්ඩ් බෙල් මොඩ්ල් ලෙස හඳුන්වයි. රථයේ කොතැනක හෝ එහි නම සඳහන් නොවන මුත් එහි බොනට්ටුව මත බ්‍රිතාන්‍ය ධජය සටහන්ව ඇත. බ්‍රිතාන්‍ය ධජය සලකුණ ලෙස යෙදීමෙන් එහි අනර්ඝත්වය වටහා ගත හැක.

ක්ලැසික් ලයින් කෞතුකාගාරයේ ඇති දිගම රථය කුඩා බසයකට නොදවෛනිය. මේ කාර් එක ඇමෙරිකන් ෆෝර්ඩ් එකක්. දිග අඩි 20කට අඟල් කීපයයි අඩු ඔහු පවසන්නේය. මේ ෆෝර්ඩ් රථයේ නම Ford Faire lane galaxy 500 Skyliner. නමද කාරෙක මෙන් දිගය. සිලින්ඩර් අටකින් යුත් හැඩයේ එන්ජිමක් සහිත මේ රථයේ මුල් අයිතිකරු ලංකාවේ ඇමෙරිකානු තානාපතිය. ජනාධිපති කෙනඩි වෙඩි කෑවේද මේ වර්ගයේ රියක ගමන් ගනිද්දීය.

උපාලි සූරිආරච්චි සතු සුවිශේෂී රිය අයත් වනුයේ ඕපල් රෙකාර්ඩ් ඔලිම්පියා කන්වර්ටබල් වර්ගයේ එකකි. (EN 233) එහි සුවිශේෂීත්වය වනුයේ ලංකාවේ ඇති එම වර්ගයේ එකම රථය වනුයේ එය වීමය. මේ ජාතියේ කාර් දෙකක් ලංකාවට ගෙනාවා. අනිකට වෙච්ච දෙයක් නෑ. දැන් තියෙන්නේ ලංකාවටම මේක විතරයි. මේ කාර් එක අන්තිම සුවපහසුයි. ගමන් කරන කොට ඇතුළේ ඉඳන් කෝපි එකක් බොන්න පුළුවන් උපාලි පවසන්නේය. මේ අපූරු කාර් එක ඔහුට හිමිව ඇත්තේද අපූරු ආකාරයෙනි. මේක සුද්දෙකුට ලක්ෂ පහකට විකුණන්න ගියා. ඒත් ඒ මනුස්සයා කාරෙක දෙකට කපලා රට ගෙනියන්න හදලා. ඒත් අයිතිකාරයා ඒකට කැමති වෙලා නෑ. ඒ නිසා මට මේක ගන්න ලැබුණා ඔහු පවසන්නේය.

පැරණි කාර් තරම් ඒවා එකතු කරන මිනිසුන් ලස්සන නැත. මේ ක්‍ෂේත්‍රයේ කුහකයන් බහුලය. එවැනි අය නිසා උපාලි සූරිආරච්චිට ‍පොලීසි පමණක් නොව උසාවිද යන්නට වූ වාර ඇත. තවත් සමහර අවස්ථාවල මුදල්ද වාහනද ඔහුට අහිමිව ගොස් ඇත. පිළිමතලාවේ දවුලගල පාරේ පිහිටි තම නිවස සමීපයේම වාහන සංරක්ෂණාගාරයක්ද පවත්වාගෙන යන ඔහු මේ මොහොතේද සුවිශේෂී වාහන කිහිපයක් සංරක්ෂණය කරමින් සිටියි.

උපාලි සහ සූසන් යුවළට කොල්ලෝම තුන්දෙනෙකි. මේ තිදෙනාද දක්ෂ කාර්මිකයෝය. එමෙන්ම ඔවුහුද පැරණි කාර් මිලට ගෙන සංරක්ෂණයට එළඹ ඇත. දැන් අපේ හතර වෙනි පරම්පරාව තමයි කාර් එක්ක ගැටෙන්නේ. තිළිණ සහ යොෂාන් කියන පුත්තු දෙන්න ලංකාවේ ඉන්නේ. ඒ දෙන්නත් කාර් එකතු කරනවා. ඊයේ පෙරේදා ජගුවර් එකක් එක්ක තවත් වාහන දෙකක් ගත්තා. මගේ අනිත් පුතා යහම් එයා ඕස්ට්‍රේලියාවේ. එයත් කාර්මිකයෙක්. ලොකු පුතා විවාහකයි.

එයාට දරුවෙක් ඉන්නවා බටහිර අහසේ නැගෙමින් තිබූ වැහි වලා නිසා හිතුවාටත් වඩා ඉක්මනින් ලියුම්කරුට ක්ලැසික් ලයින් ආයතනයෙන් සමුගැනීමට විය. ඒ වන විටත් වැටෙමින් තිබූ පිනි‍පොද වැස්ස නොතකා මහමගට පැමිණි මා නිකමට මෙන් ආපහු හිස හරවා කැලැසික් ලයින් කෞතුකාගාරය දෙස බැලුවෙමි. මෙතුවක් මාගේ අවධානය දිනා නොගත් ‘ක්ලැසික් ලයින්’ නාමපුවරුව මා හරි හැටි දුටුවේ එවිටය. වැස්සට තමෛමින් තම පැරණි මෝටර් රථයකට කුඩයක් ඉහළාගෙන සිටිනා මහත්මයෙකුගේ සිතුවමක් එහි විය. මේ සිතුවම උපාලි සූරිආරච්චි නම් අපූරු මිනිසාගේ ආත්ම ප්‍රකාශනය නොවන්නේදැයි මට නිකමට සිතුණි…

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

ලිපි පුවත්

දෙතොල් මඟින් මුහුණට ලැබෙන්නෙ අමුතු ම ලස්සනකි. විශේෂයෙන් ම කාන්තාවන්ට ලැබෙන්නේ අපූර්ව සුන්දරත්වයකි . ඒත්, අධික උණුසුම,කාර්යබහුලත්වය, වායුසමන යන්ත්‍රවලට නිරාවරණය වීම වැනි විවිධ හේතු නිසා,දෙතොල සුන්දරව තබා ගැනීම කාන්තාවන්ට ගැටලුවක් වී තිබේ. ඒ හැම තත්ත්වයකට ම මුහුණ දී, සුන්දර දෙතොලක අයිතිකාරියක් වෙන්නෙ කොහොමද? මේ ඒ සඳහා සුදුසු ක්‍රම කිහිපයකි.

1) වතුර වැඩියෙන් පානය කරන්න

වියළි, හමගිය දෙතොලක් උරුම වීමට ප්‍රධානම හේතුවක් ලෙස, ශරීරය විජලනයට ලක්වීම දැක්විය හැකි ය. එහෙමත් නැත්නම් ප්‍රමාණවත් ලෙස ජලය නොමැති වීම ය. දෙතොල් ලස්සන කර ගන්න නම්, වැඩිපුර වතුර බීම අවශ්‍ය ය. ඒ වගේ ම, වායුසමනය කළ ස්ථානවල පැය ගණනාවක් සිටිනවා නම්, වියළි වාතය නිසා දෙතොල තවත් වියැළේ. දිනකට වතුර වීදුරු 8ක් පානය කිරීම ශරීරයට අවශ්‍ය බව වෛද්‍ය නිර්දේශයයි.

2) වාතයේ ජල වාෂ්ප වැඩි කර ගන්න

රාත්‍රී නින්දේදී ෆෑන් එකක් පාවිච්චි කරනවා නම්, තෙත තුවායක් හෝ වතුර බේසමක් කාමරයේ තැබීමෙන් වාතයේ ජල වාෂ්ප ඉහළ දමා ගත හැකි ය. එමඟින් ඔබේ දෙතොල වගේ ම, සම ද ප්‍රබෝධවත් වේ.

3) කටුක දේශගුණතත්ත්වවලට මුහුණ නොදීම

ඔබේ දෙතොල තද හිරු එළියට, සුළඟට වගේ ම සීතලට නිරාවරණය කිරීම කොහෙත් ම සුදුසු නැත. හැමවිට ම තොල්වල ආලේප කරන බාම් වර්ගයක් ආලේප කිරීමට හෝ ස්කාෆ් එකකින් මුහුණ ආවරණය කර ගැනීමට මතක තබා ගන්න. තෙතමය රඳවා ගන්නට තොල් ආලේප කරන බාම් වර්ග මඟින් හැකියාව ඇත. මේ නිසා එළියට යාමට පැය බාගයකට පෙර sun cream සහ තොල් ආලේප කරන බාම් වර්ගයක් තවරා ගැනීම වැදගත් වේ. ඔබ පිහිනීමට යන්නේ නම්, මේ බාම් වර්ග නැවත නැවත ආලේප කළ යුතු ය.

4) විටමින් සහ අත්‍යවශ්‍ය පෝෂක පිළිබඳ සැලකිලිමත් වෙන්න

ශරීරයට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය හිඟවීම, දෙතොලේ වියළීමට සහ තොල් හම යාමට හේතුවක් විය හැකි ය. විටමින් B,යකඩ, මේද අම්ල සහ අනෙකුත් පෝෂක ඔබේ ආහාර වේලට අඩංගු කර ගන්න. සැකයක් ඇත්නම් වෛද්‍ය උපදෙස් මත බාහිරව විටමින් ලබා ගන්න.

අන්තර්ජාලය ඇසුරිනි

ලිපි පුවත්

මුගුණුවැන්න පලා වර්ගය ලෙස වරදවා මිනිස්‌ ශරීරයට අහිතකර කිඹුල්වැන්න (ඇලිගේටර්) නම් ආක්‍රමණික පැළෑටිය යළිත් විශාල වශයෙන් එළවළු වෙළෙඳසල්වල විකිණීමට තබා ඇතැයි කෘෂි පර්යේෂකයෝ පවසති.

අධික ලෙස බැර ලෝහ (හෙවි මෙටල්) ගබඩා කරගත හැකි මෙම ආක්‍රමණික ශාකය අනුභවයෙන් විවිධ අසාත්මිකතා ඇතිවිය හැකි බව ද ඔවුහු සඳහන් කරති.

කලකට පෙර මෙම පැළෑටිය පිළිබඳව කෘෂි විද්‍යාඥයන් විසින් හෙළිදරව් කිරීමෙන් පසු පුළුල් දැනුවත් කිරීමේ වැඩසටහනක්‌ ක්‍රියාත්මක වුව ද මේ පිළිබඳව අවධානය ගිලිහීමෙන් පාරිභෝගිකයන් යළි නොදැනුවත්වම කිඹුල්වැන්න පැළෑටිය පළා වර්ගයක්‌ ලෙස අනුභව කරමින් සිටින බව ගිරාඳුරුකෝට්‌ටේ කෘෂි පර්යේෂණ මධ්‍යස්‌ථානයේ හිටපු ප්‍රධානී සනත් එම්. බණ්‌ඩාර මහතා පවසයි.

තමා මහනුවර ප්‍රදේශයේ කළ සොයා බැලීම්වලදී වෙළෙඳසල්වල විශාල වශයෙන් කිඹුල්වැන්න විකිණීමට තබා තිබෙනු නිරීක්‍ෂණය කළ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

දණ්‌ඩේ බටයක්‌ ආකාරයට කුහරයක්‌ පැවතීම, සෑම මලකටම කුඩා නටුවක්‌ පිහිටීම, ළපටි අවධියේ සිට මල් පිපීම යන ප්‍රධාන කරුණු මඟින් කිඹුල්වැන්න පැළෑටිය මුගුණුවැන්න ශාකයෙන් වෙන්කොට හඳුනාගත හැකි බව ද ඉතා හොඳ ප්‍රචාරණ ව්‍යාපාරයක්‌ මේ පිළිබඳව දියත් කළ යුතුව ඇති බව ද බණ්‌ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.