ක්‍රිඩා පුවත්

දෙපා වාරුවෙන් රේසින් පාපැදිය විදුලි වේගයෙන් ධාවනය කර දකුණු ආසියාව සියතට ගෙන ලක් මාතාව ජාත්‍යන්තරයේ ඔසවා තබා රනින් සැරසූ ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂතම පාපැදි ශූරිය වන අනුරාධපුරයේ යූ. ඩී. ශි්‍රයාලතා මහත්මිය අද වන විට ජීවත්වීමට මඟක් නොමැතිව අන්ත අසරණ භාවයට පත්වී පාසල් බෑග් මසමින් ජීවන සටන ජය ගැනීමේ දැඩි උත්සාහයක නිරත වී සිටින්නීය.

අනුරාධපුරයේ උපන් ඇය අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ජාතික පාසලේ ආදි ශිෂ්‍යාවකි. 1994 වර්ෂයේදී පාසලෙන් පාපැදිය අතට ගෙන 2016 වසර වනවිට තරග හාරසියයකට පමණ සහභාගීවෙමින් ජයග්‍රහණ රැසක් අතකර ගනිමින් රන්, රිදී, ලෝකඩ පදක්කම් 100 ඉක්මවා ලබාගෙන සිටින්නීය.දෙස් විදෙස් තරගවලින් රටට හා උතුරු මැද පළාතට කීර්තියක් ලබාදුන් පාපැදි ක්‍රීඩාවේ රැජනිය ලෙස කිරුළු පලන් 38 හැවිරිදි ශි්‍රයාලතා මහත්මියට රැකියාවක් ලබා දෙන බවට වර්තමාන රජයේ හා පෙර රජයේ මැති ඇමැතිවරුන් පොරොන්දු පිට පොරොන්දු ලබා දුන්නත් ඒ සියල්ල පොරොන්දුවලට පමණක් සීමා වී අද වන විට ඇය දැඩි මානසික අසහනයකට පත්ව සිටින්නීය.

රටක් රනින් හැඩකළ සිය දියණිය පත්ව සිටින තත්ත්වය පිළිබඳව රටට හෙළිකරන ලෙස ඉල්ලමින් අනුරාධපුර මිහිඳුපුර පදිංචිව සිටින ශි්‍රයාලතා මහත්මියගේ මව වන ඩබ්ලිව්. පී. කරුණාවතී මහත්මිය ‘මව්බිම’ පුවත්පත සොයා පැමිණියාය. මවගේ ඉල්ලීම මත ශි්‍රයාලතා මහත්මිය හමුවීමට ඇය පදිංචිව සිටින තඹුත්තේගම පිහිටි නිවෙසට ගිය අතර ඇයට ජීවත්වීමට මඟක් නොමැති නිසා බුලත් වගාවක් ආරම්භ කිරීමට අවශ්‍ය බුලත් පැළ කිහිපයක් රැගෙන ඒමට මහවැලි අධිකාරියට ගොස් සිටියාය.
රට වෙනුවෙන් දෙපා රිදෙනතුරු කිලෝමීටර් සිය ගණනක් පාපැදිය පැදි ජාතික ශූරිය වන ශි්‍රයාලතා මහත්මිය ඇයට අත්ව ඇති ඉරණම පිළිබඳව මෙසේ පැවසුවාය.
‘මට හිතෙනවා මේ බයිසිකලයක් බදාගෙන මම මගේ අධ්‍යාපනය නැති කර ගත්තා කියලා. මේවා අතහැරලා ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්තා නම් මම මෙහෙම අසරණ වෙන්නෙ නෑ. පාපැදි තරගයක් අතරතුර සිදුවූ අනතුරකින් මගේ කොන්දට හානි වෙලා තියෙන්නේ. විශේෂඥ වෛද්‍යවරු හමුවන්න කොළඹ යන්න විදියක් නෑ. ඒ නිසා අනුරාධපුර ආයුර්වේදයට ගිහිල්ලා ප්‍රතිකාර කර ගන්නවා.
පාපැදියෙන් මම තියපු වේග සීමාව කඩන්න තාම කිසිම කෙනෙක් සමත්වෙලා නෑ. මම පැයට කිලෝමීටර් 38.99ක වේග සීමාවක් රඳවාගෙන ඉන්නවා. සාෆ් ක්‍රීඩා උළෙලට සහභාගි වෙලා රන් පදක්කම් තුනක් රටට අරගෙන දීලා තියෙනවා.

මැලේසියාව, ඉන්දියාව, දෝහා කටාර්, ස්කොට්ලන්තයේ පැවැති ජාත්‍යන්තර තරගවලට සහභාගිවෙලා පදක්කම් අත්කරගෙන තියෙනවා. 2006 වසරේ ඉඳන් ජාතික මහා ක්‍රීඩා උළෙල හතක් එක පිට එක දිනලා තියෙනවා. 2016 වර්ෂයේ ඉන්දියාවේ පැවැති කාලය මැනීමේ තරගයෙන් රිදී පදක්කම රටට ගෙනල්ලා දුන්නා. දේශීය තරග සිය ගාණකට සහභාගි වෙලා ජයග්‍රහණ සිය ගාණක් ලබාගෙන තියෙනවා.

අද මට ඉන්න තැනක් නෑ වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නොහිටින්න. එතුමා මහවැලි ඇමැතිතුමාව ඉද්දී ගෙයක් දෙනවා කියලා දීපු පොරොන්දුව ඉෂ්ට කළා. නමුත් එතුමාට හැකි ආකාරයෙන් තමයි නිවෙස දුන්නේ. දැන් නිවෙස ගරාවැටිලා තියෙන්නේ. වහලය, සිවිලිම දිරාපත් වෙලා කඩා වැටෙනවා. හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහත්තයා මට වටිනා රේසින් පාපැදියක් දුන්නා. ඒ පාපැදිය තමයි තාම පදින්නේ.

රැකියාවක් ලබා දෙන්න කියලා අවස්ථා කිහිපයකදීම මම බලධාරීන්ට ඉල්ලීම් කළා. මට වරායේ රැකියාවක් දෙනවා කියලා දුමින්ද ඇමැතිතුමා කිව්වා. නමුත් ඒ කිසි දෙයක් ලැබුණේ නෑ. දැන් ගියහම කියනවා ඔයාට රැකියා දෙන්න වයස වැඩියි කියලා. වයස වැඩි වෙන්න කලින් තමයි මම රස්සාවක් ඉල්ලුවේ.

හිටපු මහ ඇමැති එස්. එම්. රංජිත් සමරකෝන් මහත්තයා එක්ක හුඟක් හිතවත් කියලා ලැබෙන්න තිබුණු ක්‍රීඩා නිලධාරි තනතුරත් මේ ආණ්ඩුවේ අය අහිමි කළා. දැන් එක දෙයයි ඉතිරි වෙලා තියෙන්නේ. මේ ගේ පුරවලා තියෙන පදක්කම් කුසලාන සියල්ලම පුච්චලා වළදාලා දිවි නසා ගන්න එක. අම්මා නොහිටිය නම් මම මෙලහකටත් දිවිනසා ගෙන (හඬා වැටෙමින්) අම්මා තමයි තවමත් කන්න අඳින්න දෙන්නේ. මහත්තයට ස්ථිර රැකියාවක් නෑ. අම්මා නැත්නම් සමහරදාට කන්නත් නෑ. මේ බයිසිකලේ නිසා දරුවෝ හදාගන්නත් බැරි වුණා. එක දරුවයි ඉන්නේ. දරුවට නම් බයිසිකලයක් අල්ලන්නවත් දෙන්නෑ. තියෙන ආර්ථික ප්‍රශ්න ගැන හිතලාම මානසිකව වැටිලා ඉන්නේ. තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මැෂිමක් ලැබුණා. පාසල් බෑග් මහන්න පුරුදු වුණා. නමුත් අමුද්‍රව්‍ය ගන්න විදියක් නෑ. අම්මා දීපු සල්ලිවලින් බඩු ටිකක් ගෙනල්ලා බෑග් මහනවා. මේ බයිසිකලයක් බදාගෙන දඟලන්නේ නැතිව ව්‍යාපාරයක් කළා නම් අද හයිබි්‍රඩ් කාර් අරන් මාලිගා හදාගෙන ජීවත් වෙන්න තිබුණා. නාවික හමුදාවෙන් රස්සාව දෙනවා කියලා (2014 _ 2015) වසරවල මගෙන් වැඩ ගත්තා. ගුවන් හමුදා පාපැදි සවාරි දෙකක් පැදලා රන් පදක්කම් අරන් දුන්නා. සත පහකවත් වැටුපක් නොදුන් නිසා එතැනින් අයින් වුණා. අදටත් ලබාදීපු සේවයට කිසිම මුදලක් ලැබුණේ නෑ. ලැබෙන්න තිබ්බ උදව්වත් අපේම නිලධාරියෝ නැති කළා. සංජීව මුත්තයියා මහත්තයා මාව ඇමෙරිකාවට ගෙනිහිල්ල පුහුණු කරන්න හැදුවා. ඒකත් වැළැක්කුවා.තාමත් මට පාපැදිය පැදලා රටට ජයග්‍රහණ අරන් දෙන්න හයිය තියෙනවා. නමුත් දැන් ප්‍රැක්ටිස් කරන්න පහසුකම් නෑ. මානසිකත්වයක් නෑ. පෝෂ්‍යදායී ආහාර නෑ. දැන් දරුවත් එක්ක ජීවත් වෙන්න විදියක් නැති නිසයි මාධ්‍යයට කිව්වේ’ යැයි ඇය පැවසුවාය.

ක්‍රිඩා පුවත්

ඉන්දියාවේ ක්‍රිකට් නායක විරාත් කෝලි හට තවමත් වයස 28 කි. ඒ තරම් තරුණ, ඔහු පසුගියදා (අහස් මාලිගාවක්) මිල දී ගත්තේය. කෝටිපතියන්ට පමණක් වෙන් වූ දකුණු මුම්බායිහි පිහිටි Sky Bungalow නිවාස සංකීර්ණයේ වූ මේ අහස් මාලිගාව සඳහා කෝලි ඉන්දියානු රුපියල් කෝටි 34 ක් අතින්ම ගෙව්වේය. ඊට පෙර 2015 වසරේ දී ඔහු ඉන්දියාවේ ලොකු ලොක්කන් වෙසෙන බටහිර දිල්ලියේ සුඛෝපභෝගී බංගලාවක් අත්පිට මුදලට ගත්තේය. එය ඉන්දියානු රුපියල් කෝටි 80 ක් වටිනා තැනකි. 2015ට පෙර දකුණු දිල්ලියේ නිදන කාමර 3ක මධ්‍යම ප්‍රමාණයේ නිවසක තම සොහොයුරාත් මවත් සමඟ කල්ගෙවූ කෝලි හදිසියේම කෝටිපතියන් අතරට එක්වූයේ 2014 – 2015 කාලයේදී ඉන්දීය ක්‍රිකට් නායකයා බවට පත්වීමත් සමඟිනි. කෝලි පමණක් නොවේ, ලෝකයේ බොහෝමයක් ක්‍රිකට් නායකයන් ද කෝටිපතියන්ය. ඒ සත්‍යය ලංකාවට ද එසේමය. ලෝකයේ කෝටිපති ක්‍රිකට් නායකයන් හෙවත් වැඩිම ආදායම් ලබන ක්‍රිකට් නායකයන් පිළිබඳ අපූරු හෙළිදරව්වක් පසුගියදා එළියට ආවේය. එහිදී විරාත් කෝලි තුන්වැනි තැනට එද්දී ලංකාවේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පස්වැනි තැනට නම් කර තිබුණි.

ඉස්සර නම් අම්මා තාත්තා දරුවන්ට කිව්වේ “පුතේ, ලොකු වුණාම දොස්තර මහත්තයෙක්, ඉංජිනේරුවෙක් වෙන්න බලන්න” කියාය. නමුත් 96 ලෝක කුසලාන තරගය දිනීමත් සමඟ මේ කතාව නවීකරණයට ලක්ව තිබේ. දැන් ඉතින් සැපට මුදල් හොයා රජෙක් වගේ ජීවත් වන්නට පුළුවන්, හත්මුතු පරම්පරාවම ගොඩදමන්නට හැකි මන්තරය ලෙස කාගේත් පිළිගැනීමට ලක්ව ඇත්තේ ක්‍රිකට් සංචිතයට එක්වීමය. ඒ අදහස නිවැරැදි බවට දැන් තහවුරු වී ඇත්තේ ඉන්දීය Cricinfo වෙබ් අඩවියේ එළිදරව්ව සලකා බැලූ විටය.

එම වෙබ් අඩවිය ලෝකයේ ඉහළම ඉපැයීම් සහිත ක්‍රිකට් නායක ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබේ. ඔවුන් සිය රටවල ක්‍රිකට් ආයතන සමඟ අස්සන් කර ඇති ක්‍රිකට් කොන්ත්‍රාත්තු සහ තරග ගාස්තු පමණක් සැලකීමට ගෙන මේ ලැයිස්තුව සකසා තිබේ. ඒ අනුව ලෝකයේ ඉහළම වාර්ෂික ආදායමක් සහිත නායකයා ලෙස ඕස්ට්‍රේලියාවේ නායක ස්ටීවන් ස්මිත් දක්වා තිබේ. ඔහුගේ ඉපැයීම රුපියල් කෝටි 22.5 කි. ජෝ රූට් එංගලන්ත නායකයා ඊළඟට වැඩිම උපයන්නාය. ඔහු කෝටි 21.1 ක් උපයන බව සඳහන්ය. විරාත් කෝලි සිටින්නේ ඊළඟටය. ඔහු කෝටි 18.3 ක් උපයයි. දකුනු අප්‍රිකාවේ ෆෆ් ඩු ප්ලේසි කෝටි 9 ක් උපයද්දී ඇන්ජලෝ මැතිව්ස් කෝටි 4-9 ක් උපයා තිබේ. විස්සයි විස්ස තරග, එක්දින තරග, ක්‍රීඩා සමාජ තරග, වෙළෙඳ දැන්වීම් ආදායම් ආදිය මගින් සහ වෙනත් ආදායම් මගින් ක්‍රීඩකයන් උපයන මුදල් මෙහිදී සැලකිල්ලට ගෙන නැත. ක්‍රිකට් නායක පදවිය සරුසාර ආදායම් මාර්ගයක් බව කියන්නට ඉන්දියාවේ ක්‍රිකට් නායකයන් කිහිප පලක් දෙස බැලීම පමණක්ම සෑහේ.

ඉන්දියාවේ මහේන්ද්‍ර දෝනිගේ මුළු වත්කම ඩොලර් මිලියන 26.5 ක් බව ඔහු වාර්තා කර තිබේ. එයින් මිලියන 3.5ක්ම ක්‍රිකට් වලින් සෙවූ මුදල්ය. සචින් තෙන්ඩුල්කාර් ඩොලර් මිලියන 18.6 ක් වත්කම පෙන්වා ඇති අතර එයින් ඩොලර් මිලියන 2.6 ක් උපයා ඇත්තේ ක්‍රිකට් වලිනි. ගෞතම් ගම්භීර් ඩොලර් මිලියන 7.3 ක් වටිනා වත්කම් සතු අයෙකි. එයින් මිලියන 3.9 ක් ක්‍රිකට් සල්ලිය. විරාත් කෝලිගේ ඔහු ප්‍රකාශයට පත් කර ඇති සැබෑ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 7.1 කි. ක්‍රිකට් වලින් ලබා ඇති ආදායම එයින් ඩොලර් මිලියන 3.1 කි. දැන් මේ අලුත් ලැයිස්තුගත කිරීම කර ඇත්තේ එයින් ඔහුගේ ඩොලර් මිලියනයක් වූ තරග ගාස්තු සහ කොන්ත්‍රාත් ගාස්තුව පමණක් සලකා බලාය. ලංකාවේ තත්ත්වය ද මීට නොදෙවැනි නොවේ.

ලංකාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2016 – 2017 අතර කාලයේ ක්‍රීඩකයන් සඳහා තරග ගෙවීම් පිළිබඳ සටහනක් අනුමත කර තිබේ. එයට අනුව ක්‍රීඩකයන්ට හොඳින් ගෙවන රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබේ. එහිදී කොන්ත්‍රාත්තු ගාස්තු ලෙස සටහනේ පළමු පෙළ ක්‍රීඩකයකු හට ඩොලර් 128000 ක් හෙවත් රුපියල් කෝටි 19170000 ක් ලැබීමට නියමිතය. ටෙස්ට් තරග ගාස්තුව ඩොලර් 5000 කි. එනම් රුපියල් ලක්ෂ 766800 කි. එක්දින තරග ගාස්තුව ඩොලර් තුන්දාහක් හෙවත් රුපියල් ලක්ෂ 4.6කි. 20 යි 20 තරග ගාස්තුව ඩොලර් 2000 කි. එනම් ලක්ෂ 3.06 කි. මේ අනුව ක්‍රීඩක ගෙවීම් ලැයිස්තුවේ ටෙස්ට් තරග වෙනුවෙන් වැඩිම ගෙවීමක් කරන රටවල් අතර හත්වැනි තැනටද එක්දින හා විස්සයි විස්ස තරග වෙනුවෙන් වැඩිම ගෙවීම් කරන රටවල් අතර 04 වැනි තැනටද ලංකාව පත්ව තිබේ.

ක්‍රිකට් ලෝකයේ වැඩිම උපයන්නා වන ස්මිත්ගේ ආදායමත් අඩුවෙන්ම උපයන ක්‍රිකට් නායකයාගේ ආදායමත් අතර පරතරය 20 ගුණයකි. මේ නිසා නිදසුනක් හැටියට පාකිස්තානය සිටින්නේ අයර්ලන්තයටත් වඩා පහළිනි.

ඒ අනුව ක්‍රීඩකයන්ට කරන ගෙවීම් අනුව ක්‍රිකට් ලෝකයේ සමාජ කුල බෙදීමක් ද දක්නට හැකිය. ලොකු ලොක්කන්ගේ අංක එකේ කුලය යටතට ලෝකයේ හොඳම ගෙවීම් ලබාදෙන එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ඇතුළත්ය. අංක දෙක කුලය හෙවත් ඉහළ මධ්‍යම පාන්තික කුලය ලෙසට දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් දැක්විය හැකිය. පහළ මධ්‍යම පාන්තික කුලයක් ද මෙහිදී දක්නට හැකිය. එය නියෝජනය කරන්නේ ඉන්දියාව සහ නවසීලන්තයයි. ඒ අතර සොක්කන්ගේ හෙවත් අඩු ආදායම් යටතට ගැනෙන කුලයක් ද සිටියි. සිම්බාබ්වේ, ශ්‍රී ලංකා, පාකිස්තාන් සහ බංගලාදේශ් අයත් වන්නේ මේ කුලයටය. පුදුමය, අපේ ක්‍රිකට් නායකයන් පස්වැනි තැනට ලොකුම පඩියක් ලබාගන්නේ එහෙව් දරිද්‍රතා මට්ටමක සිටිද්දීය.

නමුත්, එංගලන්ත ක්‍රීඩකයකුට ටෙස්ට් තරගයක් සඳහා ලක්ෂ 30.2 ක් හිමිවෙද්දී වැඩියෙන්ම ගෙවන ඉන්දියන් ක්‍රීඩකයෙක් ලක්ෂ 35.9 ක් සාක්කුවේ දමා ගනියි. එහිදී අපේ ක්‍රීඩකයකුට හිමිවන්නේ ලක්ෂ 7.7 කි.

ක්‍රිකට් ආයතනය මේ නිසා වැඩකිඩ පෙන්වන අය සඳහා කාර්ය සාධන බෝනස් ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මේ අනුව ටෙස්ට් තරගයක් දිනූ විට කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් හට තරග ගාස්තු සියයට 100ක වර්ධකයක් හිමිවෙයි. ටෙස්ට් තරගයක එකදිගට විකට් පහක් ලබාගැනීම හෝ ශතකයක් ලබාගත් විට ලක්ෂ 7.6ක ප්‍රසාද දීමනාවක් ලැබේ. එක්දින තරගයකදීද මේ වාසනාව එසේම උදාවෙයි. විස්සයි විස්ස තරගයකදී මේ හපන්කම දැක්වූ කෙනෙකුට ලක්ෂ 3.8 ක් ලබාගන්නට අවස්ථාව සැලසේ.

 

හැබැයි, මේ ආදායම් ප්‍රකාශ දෙස අප බැලිය යුත්තේ සතේ අතේ නැති හුදී ජනයා බලන (අනේ, අපොයි සල්ලි නේද?) කියන ඊර්ෂ්‍යා සහගත ආකාරයට නම් නොවේ. ක්‍රිකට් ලොක්කන්ම කියනා පරිදි ධනාත්මක හෙවත් සල්ලිකාර ඇසකිනි. එහෙත් බැලිය යුත්තේ අනෙක් සල්ලිකාරයන් හා සැසඳීමෙනි. ඒ අන්දමට සලකා බැලූ විට නම් ක්‍රිකට් ක්‍රීඩකයන් යනු ලෝකයේ මහ ලොකු සල්ලිකාර හාදයන් නොවේ. පොල් ගෙඩිය 90ටත් බත් ගෙඩිය 150ටත් ගෙන යාන්තමට කුස පොත්ත රවටා ගන්නා සකල ජනයාගේ ගාණටම එතැනදී ඔවුහුද ඇද වැටෙති. ඒ ලෝකයේ ජනකාන්ත බවට පත්ව ඇති අනෙකුත් ක්‍රීඩා ඉසව් හා ඒවායේ තරු සමඟ සසඳා බලද්දීය. කතාව කෙටියෙන් කිවහොත් ලෝකයේම සුප්‍රසිද්ධ පාපන්දු තරුව රොනාල්ඩෝගේ වැටුප ලෝකෙන්ම සල්ලිකාර ක්‍රිකට් නායකයා ලෙස දැන් තේරී ඇති ඕස්ට්‍රේලියාවේ ස්ටිවන් ස්මිත්ගේ සල්ලි මල්ල මෙන් හතළිස් ගුණයක් ඉහළය. රොනාල්ඩෝ කෝටි 890 ක් උපයන අතර, ටෙනිස් තරුවක් වන රොජර් ෆෙඩරර්ගේ ආදායම කෝටි 9 කි. එසේ වූ කල අපේ ඉහළම පෙළේ ක්‍රිකට් තරුවට ලැබෙන ආදායම ස්මිත්ගේ ආදායමෙන් පහෙන් එකකි. ඉතින්, ඒ අංක ගණිතයට අනුව නම්; ඒ ඇත්තෝද, නැත්තෝය!
සුගත් පී කුලතුංගආරච්චි

ක්‍රිඩා පුවත්

ලංකාව සිය දිවි නසා ගැනීම අතින් අංක එකය. එහෙම කරගන්න අයට මුන් මහා මෝඩයො කියා අපි බනියි. නැත්නම් හොර ගෑනියෙක් හෝ මිනිහෙක් එයට සම්බන්ධ ඇති යයි චෝදනා කරයි. මෙයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ මේ රටේ සිස්ටම් එකයි. මිනිස්සුන්ව ඔසවා තැබීම වෙනුවට පුලුවන් තරම් පීඩාවට පත් කරයි. මේ ඉන්නේ අපේ රටේ දිගු දුර ඉසව්වකින් ලෝක ශූරතා, ඔලිම්පික් වරම් ලද ප්‍රතම ක්‍රීඩිකාවයී. මැරතන් ශ්‍රීලංකා වාර්තාව විනාඩි 11 කින් (තත්පර 660) කින් අලුත් කර ශ්‍රීලාංකීක දිගුදුර ඉසව්ව අලුත් මානයකට ගෙනා ක්‍රීඩිකාවයි, දැනට වසර 28 ජාතික ජාත්‍යන්තර තරග වදින අපට සිටින ප්‍රවීනතම ක්‍රීඩිකාවයි.

හොදම දක්ශතාවය පැය 2. විනාඩි 40 මේ වසරේ හොදම දක්ශතාවය පැය 2 විනාඩි 47 කි. 2020 ඔලිම්පික් පරිසාධන මට්ටමට (පැය 2. විනාඩි 45) ආසන්නයේම සිටින ක්‍රීඩිකාවයි.පසුගිය වසර දෙක තුලම ඇයට කිසිදු පුහුණු තරගයක් ලබා නොදුන් බලදාරීන් සහ ඇයගේ තරග දිවිය විනාශ කිරීමට එක්තරා පුද්ගලයෙකු කල හැකි සියලු දෙයම කරන ලදී. නමුත් ඇය පෞද්ගලික මුදලින් විදෙස් තරග වලට සහභාගී වෙමින් තම දක්ශතා පවත්වාගෙන 2020 ඔලිම්පික් තරගයට සූදානම් වෙමින් සිටියි. නමුත්
මේ වනතුරු ඇය කිසිදු සංචිතයක නැත.අමාත්‍යංශයෙන් කිසිදු මුදලක් ලැබෙන්නේ නැත.ජාතික ඔලිම්පික් කමිටුවෙන් කිසිදු වරප්‍රසාදයක් නැත.දකුණු පලාතේ ක්‍රීඩිකාවන් විශාල ප්‍රමානයකට නිවාස ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතා ක්‍රියා කලත් මැයව ඇගයීමට මෙතෙක් ක්‍රියා කර නැත.අඩු තරමින් තරගයකට යනවිට පුහුණුකරු රැගෙන යාමට හතර අතට වැද වැටීමට සිදුව ඇත. මෙවැනි ක්‍රීඩිකාවක් රැකගෙන මානසික ඔට්ටම ඉහලට ඔසවා ඉහලට ගෙන ඒම වෙනුවට වග කිව යුතු පුද්ගලයන් කරන්නේ තවත් පීඩාවට ලක් කර ක්‍රීඩාව එපා කරවීමයි.

ලංකාව සිය දිවි නසා ගැනීම අතින් අංක එකය. එහෙම කරගන්න අයට මුන් මහා මෝඩයො කියා අපි බනියි. නැත්නම් හොර ගෑනියෙක් හෝ මිනිහෙක් එයට සම්බන්ධ ඇති යයි චෝදනා කරයි. මෙයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ මේ රටේ සිස්ටම් එකයි. මිනිස්සුන්ව ඔසවා තැබීම වෙනුවට පුලුවන් තරම් පීඩාවට පත් කරයි. මේ ඉන්නේ අපේ රටේ දිගු දුර ඉසව්වකින් ලෝක ශූරතා, ඔලිම්පික් වරම් ලද ප්‍රතම ක්‍රීඩිකාවයී. මැරතන් ශ්‍රීලංකා වාර්තාව විනාඩි 11 කින් (තත්පර 660) කින් අලුත් කර ශ්‍රීලාංකීක දිගුදුර ඉසව්ව අලුත් මානයකට ගෙනා ක්‍රීඩිකාවයි, දැනට වසර 28 ජාතික ජාත්‍යන්තර තරග වදින අපට සිටින ප්‍රවීනතම ක්‍රීඩිකාවයි. හොදම දක්ශතාවය පැය 2. විනාඩි 40 මේ වසරේ හොදම දක්ශතාවය පැය 2 විනාඩි 47 කි. 2020 ඔලිම්පික් පරිසාධන මට්ටමට (පැය 2. විනාඩි 45) ආසන්නයේම සිටින ක්‍රීඩිකාවයි.පසුගිය වසර දෙක තුලම ඇයට කිසිදු පුහුණු තරගයක් ලබා නොදුන් බලදාරීන් සහ ඇයගේ තරග දිවිය විනාශ කිරීමට එක්තරා පුද්ගලයෙකු කල හැකි සියලු දෙයම කරන ලදී. නමුත් ඇය පෞද්ගලික මුදලින් විදෙස් තරග වලට සහභාගී වෙමින් තම දක්ශතා පවත්වාගෙන 2020 ඔලිම්පික් තරගයට සූදානම් වෙමින් සිටියි. නමුත්මේ වනතුරු ඇය කිසිදු සංචිතයක නැත.අමාත්‍යංශයෙන් කිසිදු මුදලක් ලැබෙන්නේ නැත.ජාතික ඔලිම්පික් කමිටුවෙන් කිසිදු වරප්‍රසාදයක් නැත.දකුණු පලාතේ ක්‍රීඩිකාවන් විශාල ප්‍රමානයකට නිවාස ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතා ක්‍රියා කලත් මැයව ඇගයීමට මෙතෙක් ක්‍රියා කර නැත.අඩු තරමින් තරගයකට යනවිට පුහුණුකරු රැගෙන යාමට හතර අතට වැද වැටීමට සිදුව ඇත. මෙවැනි ක්‍රීඩිකාවක් රැකගෙන මානසික ඔට්ටම ඉහලට ඔසවා ඉහලට ගෙන ඒම වෙනුවට වග කිව යුතු පුද්ගලයන් කරන්නේ තවත් පීඩාවට ලක් කර ක්‍රීඩාව එපා කරවීමයි.

Posted by Petti Hora – පෙට්ටි හොරා. on Friday, October 27, 2017

ක්‍රිඩා පුවත්

ඊයේ දහවලේදී තරුණයෙකු නුගේගොඩ පාලම අසල ඇති බස් නැවතුමට තුවායක් පමණක් ඇඳගෙන පැමිනීමේ පුවතක් අපිට වාර්තා වුනා. ඔහු මෙසේ පැමිණ ඇත්තේ මිනිසුන් රැසක් සිටි ජනාකීර්ණ වේලාවකදියි! පසුව ඔහු කොළඹ කොටුව දෙසට ගමන් කල බස් රථයකට නැග ඇති අතර බසය තුලදී තවත් තරුණයින් පිරිසක් සමඟ බහින්බස්වීමක් සිදුවී තිබෙනවා. තරුණයින් පිරිස ඔහුට දැඩි විරෝදයක් දක්වා ඇති අතර පසුව බසයෙන් බැස්සවීමට පවා ක්‍රියා කර තිබෙනවා.
එම තරුණයින් පිරිස, තුවාය ඇඳ සිටි තරුණයාට කියා ඇත්තේ ගැහැනු ළමුන් පවා බසයේ සිටින නිසා බසයෙන් බහින ලෙසයි. තුවාය ඇඳ සිටි තරුණයා තවදුරටත් කියා ඇත්තේ තමුන්ට කැමති ලෙස පාරේ යෑමට අයිතියක් ඇති බව හා උඩුකය පමණක් නිරුවත් වීම කාටවත් බාදාවක් නොවන බවයි. එමෙන්ම තමුන්ගේ ඇග ලස්සන නිසා රෙදි වලින් වහ ගැනීමේ අවශ්‍යතාවක් නැති බවත් තර්ක කර තිබෙනවා. කෙසේ හෝ දැඩි විරෝදය මැද්දේ තරුණයා බසයෙන් බැස ගොස් තිබෙනවා.
සිදුවීම සිදුවූ අවස්තාවේ එම අසල සිටී තවත් තරුණයකු විසින් අප වෙත එවන ලද ඡායාරූප පහළින්.

 

ක්‍රිඩා පුවත්

හිටපු ටෙස්ට් ක්‍රිකට් විනිසුරුවරයෙකු වෙන ඩැරල් හෙයා ඔහුගේ ව්‍යවසායකයාගෙන් මුදල් සොරකම් කිරීමේ වරදක් සම්බන්ධයෙන් වරදකරුවෙකු බවට පත්ව ඇත.

පෙබරවාරි 25ත් අප්‍රේල් 28ත් අතර කාලයේදී ඔහු සිය ව්‍යාපාරිකයාගේ සාප්පුවකින් ඩොලර් 9005.75ක් සොරකම් කර තිබේ.

කෙසේ වෙතත් මෙම මුදල් ඩැරල් හෙයා විසින් ආපසු ව්‍යාපාරිකයාට ගෙවා ඇත. ඔහු සූදුව සඳහා ඇබ්බැහි වීම හේතුවෙන් මෙසේ මුදල් සොරකම් කර ඇති බව හෙළිව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් දඟ පන්දු යවන ක්‍රීඩක මුරලිදරන්ට පන්දුව දමා ගසන බවට ඩැරල් හෙයා චෝදනා කිරීම ක්‍රිකට් පිටියේ සිදූ වූ මතභේදාත්මක සිදුවීමක් විය.

ක්‍රිඩා පුවත්

wrestling එසේත් නැතිනම් “මල්ලව පොර” ලොව පුරා බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ උන්මාදයකි. මේ ක්‍රීඩාව නරඹන්නටත්, දිනන පරදින අය ගැන ඔට්‌ටු තබන්නටත් ලොව පුරා මල්ලවපොර ක්‍රීඩා ලෝලීහු ඩොලර් මිලියන ගණනින් වියදම් කරති. එනිසාම වර්තමානයේ එය බොහෝ දෙනකුට ධන උල්පතකි. හරියටම කිවහොත් wrestling යනු ක්‍රීඩා ලෝකයේ අති දැවැන්ත ව්‍යාපාරයකි. එහෙත් ලොව පුරා ක්‍රීඩා රසිකයින් මිලියන ගණනක්‌ උන්මාදයෙන් වැළඳගත් wrestling සැබවින්ම අපට පෙනෙන පරිදි ක්‍රීඩාවක්‌ද? අප නොඉවසිල්ලෙන් උනන්දුවෙන් බලා සිටින සියල්ල එහි සැබවින්ම සිදුවෙනවාද? නැතිනම් එය ප්‍රේක්‌ෂකයන්ගේ ඇස්‌ ඉදිරිපිට මවා පාන රංගනයක්‌ද? වර්තමානයේ එය අති ප්‍රසිද්ධ රහසකි.

කවුරුත් දන්නා Pro Wrestling (Professional Wrestling) හෙවත් වෘත්තීමය මල්ලව පොර ක්‍රීඩාව යනු ක්‍රීඩාවත් වේදිකා රංගනයත් එක්‌ව තැනුණු ප්‍රදර්ශනාත්මක කලාවකි.මේ මල්ලවපොර වේදිකාවේ තරග නරඹන්නා දකින්නේ බිහිසුණු ලෙස කෙරෙන පොර බැදීමකි. විටෙක තම ප්‍රතිවාදියාට වැරෙන් අතින් පයින් පහර දෙන, තවත් විටෙක ප්‍රතිවාදියාව ඔසවා පොළොවේ ගසන, එසේත් නැතිනම් පුටුවක්‌ වැනි අතට අසුවන මානයෙන් සපයා ගත හැකි ක්‌ෂණික අවිවලින් ප්‍රතිවාදියාට ලේ පෙරෙන තුරුම පහර දෙන අයුරුය. ඒත් මේ සියල්ල තරගයට පෙර පිටපත ලියා, සැලසුම් කොට ඉදිරිපත් කරන රංගනයකි. මේ මල්ලව පොර සියල්ල සැලසුම් කෙරෙනුයේ එහි රංගන ශිල්පීන්ට හෙවත් ක්‍රීඩකයින්ට සැබවින්ම සිදුවන හානි අවම වන පරිද්දෙනි. මේ රංගනය සැලසුම් කිරීම ගැන රහස කලෙකට පෙර නම් තරග නිෂ්පාදකයන් දිවි දෙවැනි කොට රැකි රහසකි. එහෙත් වර්තමානයේ නම් මෙය ප්‍රසිද්ධ රහසකි. උතුරු ඇමරිකාවේ සංචාරක සැණකෙළිවලට එන මිනිසුන් පිනවීම සඳහා 19 වැනි ශත වර්ෂයේදී බිහිවුණු වෘත්තීමය මල්ලවපොර මේ වන විට ඩොලර් මිලියන ගණනින් මුදල් උපයන විනෝදාත්මක ක්‍රීඩා ව්‍යාපාරයක්‌ බවට පත් වී තිබේ. මුදල් ගෙවා නැරඹිය යුතු රූපවාහිනි නාලිකා මගින් ඉහළම මිල ගණන් වලට පෙන්වන වැඩ සටහන් අතරට මේ මල්ලවපොර තරග එකතු වී තිබේ.

WrestleMania, Bound for Glory වැනි wrestling තරග වැඩසටහන් එලෙසින් ඉහළම මිලට අලෙවි වන මල්ලවපොර සංදර්ශන වෙයි. සීඩී, ඩීවීඩී තැටි මගින් පමණක්‌ නොව අන්තර්ජාලයෙන්ද මුදල් ගෙවා නරඹන ජනප්‍රියතම ක්‍රීඩාව වී ඇත්තේද මල්ලවපොරය. වර්තමානයේදී වැඩියෙන්ම අලෙවි වන මල්ලවපොර සංදර්ශන නිපදවනුයේ ඇමරිකානු සමාගමක්‌ වන WWE විසින් වුවත් ඇමරිකාවේ Impact Wrestling, මෙක්‌සිකෝවේ Asistencia Asesoría y Administración, ජපානයේ New Japan Pro Wrestling, All Japan Pro Wrestling වැනි නිෂ්පාදන ආයතනද මෙම සමාගම සමඟ තරගකාරීව මල්ලවපොර සංදර්ශන නිෂ්පාදනය කරයි. දිනන්නේ කවුරුන්ද, ඊළඟ මොහොතේ කුමකින් කුමක්‌ සිදු වෙයිද යන නොඉවසිල්ලෙන් කුතුහලයෙන් යුතුව ප්‍රේක්‌ෂකයන් බලා උන්නද, දිනන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ඩොලර් ලක්‌ෂ ගණනින් ඔට්‌ටු ඇල්ලුවද මේ ක්‍රීඩාවේ සිදුවන සියල්ලත්, ජය පැරදුමත් සියල්ල මෙකී නිෂ්පාදන ආයතනවලින් කලින්ම තීරණය කොට නිර්මාණය කරන ලද සිදුවීම් වෙයි.

කෙසේ වුවත්, තම ඇස්‌ ඉදිරිපිට මැවෙන්නේ රංගනයක්‌ බව දැන දැනම වුවත් සැබෑම ක්‍රීඩාවකට දක්‌වන කුතුහලයත් උනන්දුවත් නොඅඩුවම ඇතිව wrestling නැරඹීමට ඇබ්බැහිව සිටින ක්‍රීඩාලෝලීන්ගේ නම් කිසිදු අඩුපාඩුවක්‌ නැත.

ක්‍රිඩා පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නික් පොතාස් පාකිස්තානය සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි – 20 තරගාවලියට සහභාගී නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.ඒ අනුව එම තරගාවලියට සහභාගී නොවී එක්දින තරගාවලිය අවසානයේ යළිත් ලංකාවට පැමිණීමට ඔහු තීරණයකර ඇති බව පැවසේ. කෙසේවෙතත් මෙම තොරතුරු මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් තහවුරු කර නොමැත.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෙකු වන නික් ලී සහ භෞතචිකිත්සක නිර්මලාන් ධනබාලසිංහම් ද පාකිස්තානයට එරෙහිව විස්සයි – 20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක් නොවන බවද පැවසේ.උපුල් තරංග, ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන සහ අකිල ධනංජය යන ක්‍රීඩකයන් ද ලාහෝර් සංචාරය ප්‍රතික්ෂේප කර තිබේ.ඒ අතරින් කපුගෙදර සහ සුරංග ලක්මාල් 2009 වසරේ ලාහෝරයේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන විට ශ්‍රී ලංකා කණ්ඩායම් බස් රථයේ ගමන් කළ අයවෙති.

පිතිකරණ පුහුණුකරු සහ හිටපු නායකයෙකු වන හෂාන් තිලකරත්න ලාහොර් සංචාරයේදී ශ්‍රී ලංකා පිළේ පුහුණුකරු ලෙස යෙදවීමේ උත්සාහයක් ඇති බව වාර්තා වන අතර කෙසේවුවද එයට ක්‍රීඩකයන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබී නැති බවද වාර්තා වේ.ක්‍රීඩකයන්ගේ වැඩි මනාපය රුමේෂ් රත්නායකට බවද මේ අතර වාර්තා වේ.

ආරක්ෂක හේතූන් මත අවසන් තරගය වෙනත් රටක පවත්වන්නැයි ක්‍රීඩකයන්ගෙන් ලද ඉල්ලීම් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශකර තිබුනේ පුහුණුකරු නික් පොතාස්, කළමණාකරු අසංක ගුරුසිංහ, පිතිකරණ පුහුණුකරු හෂාන් තිලකරත්න සහ පන්දු යැවීමේ පුහුණුකරු රුමේෂ් රත්නායක ද ලාහෝර් නුවර බලා පිටත්ව යන බවයි.

විස්සයි – 20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය අද නම් කෙරුනු අතර එහි නායකත්වය පවරා ඇත්තේ තිසර පෙරේරාටය.එම සංචිතයට ටෙස්ට් තරගාවලියට සහ එක්දින තරගාවලියට එක් නොවු ක්‍රීඩකයන් 11 දෙනෙකු නම්කර තිබීම ද විශේෂත්වයක්.දිල්ෂාන් මුණවීර / ධනුෂ්ක ගුණතිලක / සධීර සමරවික්‍රම / අශාන් ප්‍රියන්ජන් / මහේල උඩවත්ත / දසුන් ශානක / මිනෝද් භානුක / සචිත් පතිරණ / විකුම් සංජය / ලහිරු ගමගේ / සීක්කුගේ ප්‍රසන්න / විශ්ව ප්‍රනාන්දු / ඉසුරු උදාන / ජෙෆ්රි වැන්ඩසේ සහ චතුරංග ද සිල්වා පකිස්ථානයට එරෙහි 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත්.

මහේල උඩවත්ත වසර 8 කින් පසු ශ්‍රී ලංකා සංචිතයට නම් කර ඇති අතර මිනෝද් භානුක ශ්‍රී ලංකා සංචිතයට නම් කෙරුනේ පළමු වතාව මෙයවේ.මෙම සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද අනුමැතිය ලැබී තිබේ.

ක්‍රිඩා පුවත්

දැන් දරුවෝ හතරදෙනෙක්ගේ අම්මා කෙනෙක්. කොහොමද දැනෙන හැඟිම….?
හරිම හරි සතුටක් දැනෙනවා. දැන් මට හිතෙනවා මගේ ජිවිතේ හැම දෙයක්ම සම්පූර්ණයි කියලා. දැන් මට දුවලා දෙන්නෙකුයි, පුතාලා දෙන්නෙකුයි ඉන්නවා… ඉතින් හිතේ සතුට උපරිමයි. අපිට මුලින්ම හම්බවුණේ දුවෙක්. ඊළඟට හම්බවුණේ ආයේ දුවෙක්. බාල දෙන්නා පුතාලා.

මංජුලාගේ කේන්දරේ එහෙමත් කියලා තිබුණාද මේ තරම් දරු සම්පත්වලට වාසනාව තිබෙනවා කියලා?
කේන්දරේ බලද්දී නම් අපි එහෙම එකක් ඇහුවේ නෑ. හැබැයි මට එහෙම වාසනාව තිබෙනවා කියලා මම දැනගෙන හිටියා. ඉස්සර ඉඳන්ම මම දරු පැටවුන්ට හරිම ආස කෙනෙක්. අපි යද්දි පාරේදි එහෙම පොඩි බබාලා යද්දි වුණත් මම ඒ දිහා හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. අදටත් එහෙමයි. මගේ අම්මා වුණත් කියන දෙයක් තමයි ඔයාට නම් කොච්චර දරුවෝ හිටියත් ඇතිවෙන එකක් නෑ කියලා…. අද ඒක හැබෑවෙලා තියෙනවා.

ආසාවෙන් හිටියේ මේ පාර දුවෙකුටද..? පුතෙකුටද..?
මේ පාර අපි දෙන්නා හිතුවේ පුතෙක් කියලයි. අපිට දුවලා දෙන්නෙක්ම ඉන්න නිසා පුතාලා දෙන්නෙකුත් හිටියොත් හොඳයි කියලා මායි ඩිල්ෂානුයි දෙන්නම හිතුවා. ඒ නිසා ආසාවෙන් හිටියේ පුතෙකුට…..
(මෙහෙම කිව්ව ගමන් මංජුලාගේ ලොකු පුතා ළඟ ඉඳන් හරි අපූරු කතාවක් කිව්වා නෑ..නෑ.. මම ගේන්න කිව්ව නිසා තමයි මල්ලිව ගෙනාවේ…)

නමක් එහෙම තිබ්බද?
නමක් නම් තිබ්බා. අපි ඒක තව ටික දවසකින් කියමු නේද?

එයාගේ අක්කලා අයියා කොහොමද ඇවිත් බබාව පිළිගත්තේ…?
දැන් ඒ තුන්දෙනාටම හොඳටම තේරෙනවානේ. දැන් ලොකු දුවට වයස අවුරුදු නවයයි. දෙවැනි දුවට අවුරුදු හතහමාරක්. පුතාට හයක් වෙනවා. ඉතින් ඒ තුන්දෙනාටම හොඳට තේරෙනවා. ඉතින් පොඩි දරුවෙක් ඉපදෙද්දි අම්මා කෙනෙක් කොච්චර අමාරුවක් විඳිනවාද කියලා ඒ තුන්දෙනාම හොඳට දැක්කා. අමාරුකම්, වෙනස්කම් හැමදෙයක්ම ඒ තුන්දෙනා හොඳට දැක්කා. ඒ නිසා ඒ අමාරුකම් දැක්ක නිසාම එයලා අතරේ තියෙන බැඳීමත් වැඩියි. ඒ එයා එළියට එනකන් මේ තුන්දෙනා දින ගැන ගැන හිටියේ කවද්ද එන්නේ…. අද එනවාද කියන්නකෝ… කිය කියා එයාලා හැමවෙලේම අහනවා. අම්මා කෙනෙක් දරුවෙක් අතරේ තිබෙන බැඳීම එයාලා දැක්කා. අනික පුතා හම්බවෙන්න ඉන්න අන්තිම දවස් ටිකේ මට…. සෙරෙප්පු දෙක දාගන්න පවා ආමාරු වුණා. ඒ කිසිදෙයක් අමාරුවෙන් මට කරන්න මේ තුන්දෙනා දුන්නේ නෑ. මට කෑම කවනවා. මට නිදාගන්න ඔළුව අතගානවා. ඒවා හරි සුන්දර දේවල්. ඒ දවස්වල මට හැමදෙයක්ම ගෙනත් දුන්නේ මේ තුන්දෙනා.

එතකොට කොහොමද ඩිල්ෂාන්ගෙන් ලැබුණු සැලකිලි එහෙම…?
මෙහෙමයි මගේ මුල් දරුවන් තුන්දෙනා ඉපදෙන්න ඉඳිද්දි ඩිල්ෂාන්ට කීපවතාවක්ම එකදිගට රැඳෙන්න බැරිවුණා. මාස තුනක් එකදිගට දරුවන් ලැබෙද්දි එයාට ඉන්න ලැබිලාම නෑ. මේ පුතා තමයි මට දරු පැටියෙක් හම්බවෙන්න ඉන්නවා කියලා දැනගත්ත දවසේ ඉඳන්ම පුතා හම්බවෙන දවස දක්වාම ඩිල්ෂාන් ළඟ හිටපු අවස්ථාව. එයාට දැන් හැමෝගේම ආදරය වැඩිවෙන හින්දා එයා දැන් පවුලේ හුරතලා වෙලා.

පුතා ඉපදුනේ මොන රෝහලේදීද.?
පුතා ඉපදුනේ නාරාහේන්පිට නයින්වේල් රෝහලෙදියි.

දරුව ඉපදෙද්දි ඩිල්ෂාන් ළඟ හිටියද..?
ඔව් ඔපරේෂන් එකට යනකොටත්, ඔපරේෂන් කරලා ඉවර කරනතුරුත් ඩිල්ෂාන් මගේ ගාව හිටියේ. ඩිල්ෂාන්ට ළඟ ඉන්න හම්බවුණේ නැත්තේ මගේ ලොකු පුතා ඉපදෙද්දි තමයි. දුවලා දෙන්න ඉපදෙද්දීත් ඩිල්ෂාන් ළඟ හිටියා. ලොකු පුතා ඉපදෙද්දී ඩිල්ෂාන් කණ්ඩායමේ නායකයා විදිහට පළවෙනි වතාවට ලැබිලා. එයා ටෙස්ට් පිටියට යනවා මම හොස්පිටල් එකට යනවා. මට තාම මතකයි එදා අපි දෙන්නා ස්කයිප් එකෙන් කතාකර කර තමයි ගියේ. ඉතින් ලොකු පුතා ඉපදෙද්දි විතරයි ඩිල්ෂාන් ළඟ හිටියේ නැත්තේ.

ඇත්ත කියන්න.. පුංචි පුතා කවුරු වගේද..?
ඔය ප්‍රශ්නේ කවුරුහරි මගෙන් ඇහුවොත් මම කියනවා මම වගේ කියලා. ඩිල්ෂාන්ගෙන් ඇහුවොත් ඩිල්ෂාන් කියනවා එයා වගේ කියලා. (ඔන්න ඉතින් ආයෙමත් ලොකු පුතාගේ කට ඇරුණා. මල්ලි මම වගේ) පේනවා නේද ඔය ප්‍රශ්නේ දුවලා දෙන්නාගෙන් ඇහුවොත් කියන්නේ ඒ දෙන්නා වගේ කියලා තමයි.

ඩිල්ෂාන්ට හොඳට පුරුදුයිද බබාව වඩාගන්න නලවන්න එහෙම…?
ඩිල්ෂාන් ඉල්ලනවා බබාව නාවන්න, ඇඟ සෝදන්න එහෙම. ඒත් මම දෙන්නේ නෑ. මට බයයි. හැබැයි මම ඒ දෙවල් කරද්දි ළඟට වෙලා ඉඳලා මට උදවු කරනවා.

කවුද මුලින්ම බබා බලන්න ආවේ…?
මුලින්ම බබා බලන්න ආවේ ඩිල්ෂාන්ගේ අම්මා. ඩිල්ෂාන් පුතා ඉපදෙද්දි ළඟ හිටියනේ. ඉතින් මුලින්ම ආවේ ඩිල්ෂාන්ගේ අම්මා. අවුරුදු ගණනාවකට පස්සේ ඒ හැමෝම පුතා ළඟ පිරුණා. ඒක හරිම සුවශේෂී සිදුවීමක් වුණා. එදා ඇත්තටම අපිට ලොකු සතුටක් දැනුණා.

හොස්පිටල් එකේ අයත් අවාද ඩිල්ෂාන්ගේ අලුත් බබාව බලන්න…?
නයින්වේල් හොස්පිටල් එක ඇත්තටම අපිට අපේ ගෙදර වගේ. ඒ හැමෝම හරිම සුහදශීලි පිරිසක් අපිට ළඟම නෑ හිතමිතුරන් පිරිසක් වගෙයි. හොස්පිට්ල් එකේ හැමෝම වගේ අපිව බලන්න ආවා.

බබාගේ පින්තූර දැකපු අයගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද..?
බොහෝ දෙනා අපිට කතාකරලා සමහරු කිව්වා පුතා ඩිල්ෂාන් වගේ කියලා. සමහරු කිව්වා පුතා මම වගේ කියලා. ඉතින් කට්ටිය අපිට සුභ පැතුවා.

දරුවන්ගේ අනාගතය ගැන හිතෙද්දි අම්මා කෙනෙක් විදිහට මොනවද දැනෙන බලාපොරොත්තු..?
මට ලොකු ආඩම්බරයක් දැනෙනවා. කාන්තාවක් විදිහට අම්මා කෙනෙක් විදිහට දුවෙක් විදිහට බිරිඳක් විදියට වගකීම් කියලා දෙයක් තියෙනවානේ. ඉතින් මම හිතන්නේ අපි දරුවෝ හැදුවාට විතරක් මදි. ඒ දරුවන් හොඳ දරුවන් විදිහට ලෝකයට දායාද කරන්න ඕනේ. ඉතින් පුතාලා දෙන්නට තව දුවලා දෙන්නෙක් ලැබේවි. එයලා තව ලස්සන ගමනක් යාවි. දුවලා දෙන්නට තව හොඳ පුතාලා දෙන්නෙක් ලැබේවි. එයාලාගේ ගමනෙදි එයාලා තව දරුවන් අරගෙන යාවි. මායි ඩිල්ෂානුයි මේ දරැවන් හතරදෙනාටම ආදරේ දීලා ඒ ආදරේ විඳවන්නේ නැතිව විඳින්නයි මට ඕනේ. ඉතින් ඒ වගේම මට මේ දරුවන් දරන්න පුළුවන් වීම ගැන ලොකු ආඩම්බරයක් මගේ හිතේ තියෙනවා.

 

ක්‍රිඩා පුවත්

2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන විට ක්‍රීඩකයන්ගේ ජීවිතය ආරක්ෂා කරගනිමින් බස්රිය ධාවන කළ මුහම්ම්ද් ඛලිල් පිළිබඳව නොදන්නා කිසිවෙකු නොමැති තරම්ය.

ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් පාකිස්තානයේ තරග සංචාරයකට යෑමට සූදානම් වන අවස්ථාවේදී මුහම්මඩ් පිළිබඳවද බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

ඔහු විවිධ මාධ්‍යන්ට අදහස් දක්වමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම නැවත පාකිස්තානයට පැමිණීමට ගත් තීරණය පිළිබඳව සිය උපරිම සහයෝගය ලබාදෙන බවයි.

මෙම ප්‍රහාරයෙන් පාකිස්තාන ජාතිකයක් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හත්දෙනෙකු තුවාල ලැබීය.

මෙහිදී වෙඩි තැබීම සිදුවූ දිනට පෙරදින රාත්‍රියේදී කුමාර් සංගක්කාර ඔහුගෙන් විමසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පාකිස්තානයේදී ආරක්ෂිත බවද යන්නයි.

පාකිස්තානු සංචාරය පිළිබඳ අදහස් දක්වමින් මුහම්මඩ් මෙසේ පවසා ඇත.

“බලන්න ඔවුන් මොන තරම් බුද්ධිමත් ජාතියක්ද කියලා. මේ සිදුවීම වුණේ ඔවුන්ට. ඒත් ඔවුන් නැවතත් පාකිස්තානයට ඇවිත් ක්‍රීඩා කරන්න සූදානම්. හැම පාකිස්තානුවෙක්ම ඔවුන්ට ගෞරව කළ යුතුයි. අපි ඔවුන්ව ඉහළින්ම පිළිගන්නවා”

“සංගක්කාර මගෙන් ඇහුවා ‘මුහම්මඩ් මහත්මයා අපි පාකිස්තානයේදී ආරක්ෂිතද?’ කියා. මම කිව්වේ මුකුත් වෙන්නේ නෑ. යමක් සිදුවුණොත් මම වගේ දහස් ගණනක් පාකිස්තානු මිනිසුන් ඔබ වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතය කැප කරාවි කියලයි.”

ප්‍රහාරයෙන් තුවාල ලබාසිටින සංගක්කර ඇතුළු පිරිස බැලීමට මුහම්මඩ් රෝහලට පවා ගොස් ඇත.

“ඔහු (සංගක්කාර) මට කිව්වේ ‘ ඔබ ශ්‍රේෂ්ඨ මිනිසෙක්. ඔබ මගේ වීරයා’ කියලයි ” යනුවෙන් මුහම්මඩ් පවසා තිබේ.

ක්‍රිඩා පුවත්

මේ අතර පෙරේදා පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පුහුණුකරු දැඩි විවේචනාත්මක ස්වරයකින් පිතිකරුවන්ගේ ක්‍රියාකලාපය ගැන අදහස් දක්වමින් “මම බලාපොරොත්තු වෙනවා මේ දේවල් වෙනස් වෙන්න ඕන කියල. අපි තේරීම් කමිටුවත් එක්ක කතා කරල හරි චරිතයන් සොයා ගත යුතුයි. අපි දැක්කා ටෙස්ට් තරගාවලියේදි මොකක්ද වුණේ කියල.

ඔබට හරි ක්‍රීඩකයෝ වගේම සටන්කාමියො හිටියොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඒකයි ටෙස්ට් තරගාවලියෙදි සිද්ධ වුණේ. අපි ජය ගත්තා. ඒත් මේ මොහොතේ වෙන දේවල් කියන්නත් අමිහිරියි. මේ එක්දින කණ්ඩායමේ තවම එහෙම ලක්‍ෂණ දකින්න නැහැ. මෙහෙම ගියොත් ඊළඟ වර්ල්ඩ් කප් එකට රටේ බොහෝ පිරිසක් ටිකට්ස් වෙන්කරවා ගනීවි කියල මම විශ්වාස කරන්නෙ නැහැ” යනුවෙන්ද කීය.

තවදුරටත් එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පුහුණුකරුවා “අපි කොතරම් රැස්වීම් තිබ්බත් පුහුණු කටයුතු කළත් හතරේ සීමාව තුළට ගිහිල්ල සටනක් දුන්නෙ නැත්නම් ඒවායින් වැඩක් නැහැ. ඉතා අසීරු අවස්ථාවලදී මේ තත්ත්වය දිගින් දිගටම දැක්කා. ඒක වෙනස් වෙන්න ඕන. අන්තිම තරගයේ වුණත් හොඳ විකට්ටුවක් ලැබුණෙ. පාකිස්තානයේ දක්‍ෂ පන්දු යැවීමේ බළඇණියක් සිටියත් ඒ විකට්ටුව ලකුණු 208කට දැවී යන්න ඕන විකට්ටුවක් නම් නොවෙයි.

ඒක ස්ථිරයි. අවසන් තරගාවලි කිහිපය දෙස බැලුවාම මට එක දෙයක් කියන්න තියෙනවා. අපි පුහුණුකරණ කණ්ඩායමක් හැටියට වඩාත්ම කනස්සල්ලට කාරණය වෙන්නේ ජනතාවගෙන් එන දෝෂාරෝපණයයි” යැයිද පැවැසීය.