ගොසිප්

තම කාර්යමණ්ඩලය වෙත සිංහල බස කතා කරන පිරිස් බඳවාගන්නා බව ෆේස්බුක් සමාගම සඳහන් කරයි. ෆේස්බුක් සමාජ ජාලයේ සිංහල බසින් පළවන වෛරී සහ ජනයා කුපිත ප්‍රකාශ හඳුනාගැනීම එලෙස සිංහල කතා කරන පිරිස් බඳවා ගන්නා බව ද එම සමාගම සඳහන් කර සිටී.

මහනුවර ඇති වූ මුස්ලිම් විරෝධී කලකෝලහාල වලින් මාස තුනකට පසු ෆේස්බුක් සමාගම මෙම පියවර ගෙන තිබේ. මාර්තු මාසයේදී මහනුවර ඇති සිදුවීම් හේතු කරගනිමින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් තාවකාලිකව අවහිර කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය.

එම තාවකාලික තහනම සතියක මුළුල්ලේ පැවැති අතර ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළවන වෛරී, ජනයා කුපිත කරවන සහ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් පියවර ගන්නැයි ශ්‍රී ලංකා රජය ෆේස්බුක් සමාගමෙන් ඉල්ලා සිටියේය.

“අපි වැරැදි කළා. ඒ ගැන අපි තරමක් සෙමින් කටයුතු කළේ ” යැයි ෆේස්බුක් සමාගමේ ප්‍රකාශක අම්රිත් අහුජා පැවැසීය. සිංහල භාෂාව කතා කරන පිරිස් සමාගම වෙත බඳවා ගන්නා බව ද හෙතෙම කීය.

එහෙත් දැනට සේවය කරන සිංහල භාෂාව කතා කරන පිරිස සම්බන්ධයෙන් කරුණු අනාවරණය කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන සමඟ ද සාකච්ඡා කරන බව අම්රිත් අහුජා කීය.

“මේක අපට තියෙන ප්‍රශ්නයක්. අපි ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම සමඟ සාකච්ඡා කරනවා. ඔවුන්ට සිංහල මූලාශ්‍ර අවශ්‍යවී තිබෙනවා” යැයි ද ඩිජිටල් යටිතල පහසුකම් සහ විදුලි සංදේශ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කීය.

“ෆේස්බුක් සමාගම 2013 සිට සිදුවන බොහෝ දේවල්වලට වගකිව යුතුයි. ඒ සම්බන්ධයෙන් සාක්ෂි තිබෙනවා. පොරොන්දු දුන් කාලය අවසන්. දැන් අවශ්‍යවෙලා තියෙන්නේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. එමෙන්ම ඒ ක්‍රියාමාර්ග විනිවිදභාවයෙන් සහ වගවීම ආරක්ෂා කළ යුතුය” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පර්යේෂක සංජන හත්තොට්ටුව පැවැසීය.

ඒ.එෆ්.පී ඇසුරිනි

ගොසිප්

විශ්ව ලංකා කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්.ඒ වගේම තමයි කවුරුත් ආදරය කරන නිවේදකයෙක්.ඉතින් මේ දිනවල විශ්ව ගැන අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.ඒ විශ්ව දාපු Fb Post එකකට පියුමි හංසමාලි යොමු කළ සටහනක් නිසායි.

කෙසේවෙතත් මේ ගැටුම මේ වෙද්දි ගොඩක් දෙනෙක් අතරට ගිහින්.ඒ නිසා අපි මේ කතාව ගැන අහන්න විශ්ව ලංකා සම්බන්ධ කරගත්තා.

ඔහු කිව්වේ මෙවන් කතාවක්.

මම ඒක කිසිම කෙනෙක් ඉලක්ක කරගෙන දාපු post එකක් නෙවෙයි. ඒක fb එකේ share වුණා. මම එහෙමම ඒක share කළා. හැබැයි කෙනෙක් ඒක අදාළ නැති විදියට තොප්පිය දාගෙන තියෙනවා. නමුත් මට ඒක අදාළ නැති නිසා මම ඒක ගණන් ගත්තේ නැහැ. ඒත් මගේ බිරිඳට යම් චෝදනාවක් කරලා තිබ්බා.

මගේ බිරිඳ කවුද කියන්න මේ ලංකාවේ ඉන්න සියලු දෙනා දන්නවා. මාත් එක්ක වැඩ කරන අයත් එයාව දන්නවා. අද මම යම් තැනක ඉන්නවානම් ඒ ඉන්නෙත් මගේ බිරිඳට පිං සිද්ධ වෙන්න. මම ඒක ඕන තැනක කියනවා. මගේ බිරිඳට විවිධ දේවල් කිව්ව එක තමයි මට ගොඩක්ම ඉවසගන්න බැරිව ගියේ. ඒ හින්දා තමයි මම fb එකේ දැම්මේ “අපේ රටේ නිළියෝ දිහා හැමෝම බලන්නේ අද ගණිකාවෝ දිහා බලනවා වගේ. ඒකට හේතුව තමයි මේ වගේ 3rd class අය… මේ අය මේ කලාවෙන් එලවලා දාන්න ඕන” කියලා.

හැබැයි ඉතින් මම මේක මෙහෙම දැම්මේ පොදුවේ. මේ වෙද්දි අදාළ අය ඒ තොප්පිය දාගෙන තියෙනවා. නැවතත් මට මේ ගැන කියන්න තියෙන්නේ මම කිසිම දෙයක් කාවවත් ඉලක්ක කරගෙන කිව්වේ නෑ.

කොහොමවුනත් මම දැනුත් මම කිව්ව මතයේ ඉන්නවා. අපේ රටේ කලාවට අගෞරවයක් එකතු කරන්න යන මේ වගේ නූගත් , සමාජය විසින් කොන් කරපු, සමාජය විසින් අයින් කරලා දාලා තියෙන මේ වගේ නිළිකම විකුණගෙන කන ගෑණූ පයින් ගහලා එළවලා දාන්න ඕන. ඒ මතයේ මම දැනුත් ඉන්නවා.

ඒවගේම තමයි අපේ රටේ දේශපාලඥයා කියන චරිතය සම්පූර්ණයෙන්ම මේ වෙද්දි ප්‍රතික්ෂේප වෙලා තියෙන චරිතයක්. ඉතින් එහෙම දේශපාලඥයෝ ගාව දෙකට තුනට නැවෙන කලාකරුවෝ ඉන්නවා. ඒ අයත් මේකෙන් එළවන්න ඕන. එතකොට තමයි අපේ රටේ කලාවට ගරුත්වයක් හැදෙන්නේ. මේක ඇත්තටම ගෞරවනීය විෂයක්. මිනිස්සු ගොඩක් ආදරෙයි මේ කලාවට. හැබැයි කලාකරුවන්ම විසින් මේ ගෞරවනීයත්වය නැති කරගෙන තියෙනවා.

ඉතින් කලාව වෙනුවෙන් කලාව ගොඩගන්න ඒ වෙනුවෙන් පෙනී සිටින්න ඕනම වෙලාවක මං බය නෑ. ඒකට හේතුව ලංකාවේ සියලුම සහෝදර සහෝදරියෝ, ප්‍රේක්ෂකයෝ මේ වෙලාවේ මගෙත් එක්ක එකට හිටගෙන ඉන්නවා. ඒ හින්දා මං කිසිකෙනෙකුට බය නෑ. ඒ ශක්තිය මට තියෙනවා.

ඒ නිසා ඇත්තටම මට කියන්න තියෙන්නේ මේ වගේ දෙයක් වෙනුවෙන් කාලය වෙන් කරන එකත් වැඩක් නෑ කියලා.

 

 

උපුටාගැනීම – වෙබ්ගොසිප්

ගොසිප්

පසුගිය දිනෙක පැවැත්වුණු රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පිළිබඳ බොහෝ දෙනා කතා කළා.සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වුණු මේ උපන්දින සාදයට කෝටි ගණනක වියදමක් ගියා කියලා තමයි ඇතැමුන් කීවේ.මේ සාදයට ආපු  කලා ලොවේ බොහෝ දෙනා ඇඳගෙන ආපු ඇඳුම් වලටත් කාගෙත් අවධානය යොමුවුණා.කොහොම වුණත් නෙත් ගොසිප් සමග එකතු වුණු චන්දිමාල් නම් කීවේ කොච්චර වියදමක් ගියත් එය කවුරුත් ප්‍රශ්ණයක් කරගන්න ඕන නෑ කියලයි.

කොහොම වුණත් චන්දිමාල් තමන්ගේ මවට පස්සේ දෙවන අම්මා ලෙස සළකන රෝසි සේනානායකට මේ සාදයට එන්න බැරිවුණා.රෝසි සේනානයක චන්දිමාල්ට බොහෝ උදව් උපකාර කරලා තියනවා කියලා තමයි අපි එක්ක කිව්වේ..රෝසිට මේ සාදයට එන්න බැරිවෙලා තිබුණේ ඇය විදෙස් ගත වෙලා හිටපු නිසා.

ඒ වුණත් චන්දිමාල්ගේ උපන්දිනය වෙනුවෙන් රෝසි චන්දිමාල්ට අපූරු තෑග්ගක් නම් ලබා දීලා තියෙනවා. ඒ තමයි 2018 වසර සඳහා ‘මිසිස් වර්ල්ඩ්‘ හි ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂක තනතුර. ඒ අනුව 2018 මිසිස් වර්ල්ඩ් කිරුළ සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගී වන රූ රැජිණියන් තෝරා පත් කරගැනීමේ අයිතිය තියෙන්නේ චන්දිමාල්ටයි.ඉතින් මේ තනතුර චන්දිමාල්ට ලබාදීමට රෝසි සේනානායක මහත්මිය විශාල මහන්සියක් දරා තිබෙන බව තමයි අපට ආරංචි වුණේ.

උපුටාගැනීම – නෙත්

සයුරෙන් එහා පුවත්

කිම් කඩාෂියන් සිය 63 හැවිරිදි මී මිත්තනිය විඳින සිර දඬුවමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටි සමාව ලැබීමත් සමග ඇලිස් මාරියා ජොන්සන් බන්ධනාගරයෙන් නිදහස් වී තිබේ.

පසුගිය සතියේදී කිම් කාඩාෂියන් ඇමෙරිකානු ජනාධිපතිවරයාව පෞද්ගලිකව මුණ ගැසෙමින් මෙම ඉල්ලීම සිදුකර තිබූ අතර, එය ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ හමුවක් විය. ධවල මන්දිරයේ ඕවල් කාමරයේදී ජනපති ට්‍රම්ප් හමුවූ කාඩාෂියන්, සිය මී මිත්තනිය වෙනුවෙන් ජනපති සමාවක් ලබාදෙන ලෙස ඔහුගෙන් අයැද සිට ඇති බව විදෙස් වාර්තා පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ වරදක් හේතුවෙන් ඇලිස් මාරියා ජොන්සන් වසර 20ක සිර දඬුවමක් ඒ වනවිටත් බුක්ති විඳ තිබූ අතර, ඇය ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමකට යටත්ව සිටියාය. කෙසේ වෙතත්, ජනපති සමාවත් සමග ඊයේ (06දා) ඇය බන්ධනාගාරයෙන් නිදහස ලැබීය.

ජනපති ට්‍රම්ප් සමග සිදුවූ හමුවේදී කිම් කාඩාෂියන් ඔහුගේ කාර්යාල මේසය අසලට වී සිටින විශේෂ ඡායාරූපයක්ද මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි. එහිදී, කිම්ගේ හමුවීම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබූ ට්‍රම්ප් පවසා තිබුණේ ඔවුන් අතර අතිශය සුවිශේෂී හමුවීමක් සිදුවූ බවකි.

නිදහස ලබා පැමිණි ඇලිස් ජොන්සන් රැගත් රථය ඇලබාමා හි ඇලිස්විලේ වෙත පැමිණි විට ඇය එම රථයෙන් පැන තම ඥාතීන් වෙත වේගයෙන් දුවගෙන පැමිණෙන ඡායාරූප හා විඩියෝ දර්ශන මාධ්‍ය වෙත නිකුත් වී තිබුණි.

ඇයට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් ඇමෙරිකානු සමාජය තුළද මේ වනවිට කතාබහක් ඇති වී ඇති අතර, ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී ජෝන් කෙලී මීට අකැමැතිව සිටි බවක්ද වාර්තා වෙයි.

කෙසේ වෙතත්, කිම් කාඩාෂියන් යනු ජනප්‍රිය ගායක කෙනී වෙස්ට්ගේ බිරිඳයි. එමෙන්ම, නිරූපණ හා රියැලිටි ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක් වන ඇය, සිය දේහ විලාසය හා ඒ හා බැඳුණු විලාසිතා සම්බන්ධයෙන්ද ලොව පුරා රසික පිරිසක් වසඟයට ගත් චරිතයක් බවද නොරහසකි.

 

දේශීය පුවත්

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය තුලදී ඊයේ (06) රාත්‍රියේ ගැබිණි කාන්තාවක් පිරිමි දරු ප්‍රසුතියක් සිදුකර තිබිණි.වසර 160ක මෙරට දුම්රිය ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාවද මෙය බව වාර්තාවේ.

ධවනය වෙමින් තිබු දුම්රිය තුල විලිරුදාවෙන් පෙලෙනෙ කාන්තාවක් සිටින බවට දුම්රියේ ආරක්ෂක නිලධාරියාට දැනගන්නට ලැබී තිබිණි.වහාම ක්‍රියාත්මක වූ ඔහු හබරණ පොලීසියට දැනුම් දෙන්නට කටයුතු කර තිබූ අතර පොලිසිය හබරණ රෝහලේ වෛද්‍යවරයාට දැනුම්දී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් හා තවත් කාර්ය මණ්ඩලය සමග ගිලන් රථයක් දුම්රිය ස්ථානය වෙත පිටත් යැවීමට කටයුතු කර පොලිස් ජීප් රථයද දුම්රිය ස්ථානයට ළඟාවී තිබේ.

ඒ සමගම ධාවනය වන දුම්රිය හබරණ දුම්රිය ස්ථානයේ නතර කරන ලෙස පොලීසිය දුම්රිය ආරක්ෂක නිලධාරියාට උපදෙස් දී තිබේ.දුම්රිය නතර කරනවාත් සමග මව දරු ප්‍රසුතිය සිදුකර තිබේ.ඒ අනුව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් මව හා දරුවා සෞඛ්‍යාරක්ෂිතව පිටතට ගෙන ගිලන් රථයෙන් රෝහලට ගෙනවිත් රෝහල් ගත කර තිබේ.

මව හදවත් රෝගයකින් පෙළෙමින් සිටීම නිසා ඇයගේ ජීවිතාරක්ෂාව පතා වැඩිදුර ප්‍රතිකාර සදහා දඹුල්ල මුලික රෝහලට මාරුකර යවා තිබේ.දඹුල්ල රෝහලේ නේවාසිකව සිටින මව හා දරුවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහලේ වෛද්‍යවරුන් කියා සිටිති.

මෙම ගැබිණි මව හදවත් රෝගී තත්වයෙන් පසුවීම නිසා, දරු ප්‍රසුතියෙදී මවට හා දරුවාට සිදුවිය හැකි අවදානම සලකා වෛද්‍යවරුන්ගේ උපදෙස් මත කොළඹ ප්‍රධාන රජයේ රෝහලක නේවාසිකව සිටියදී වෛද්‍යවරුන්ගේ අවවාද නොතකා රෝහලින් බැහැරව තම සැමියා සමග දුම්රියෙන් තම ගම් ප්‍රදේශය බලා යමින් සිටියදී මෙසේ දරු ප්‍රසුතිය සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

හබරණ පොලිස් ස්ථාන්ධිපති වසන්ත් පිටිගල මහතාගේ උපදෙස් මත රාත්‍රී පොලිස් රාජකාරියේ දී සිටි නිලධාරීන්ගේ හා හබරණ රෝහල් කාර්ය මණ්ඩලයේ මැදිහත්වීම මත මෙම මවගේ හා දරුවාගේ දිවි රැක ගැනීමට හැකිව තිබෙන දඹුල්ල රෝහල් කාර්ය මණ්ඩලය කියා සිටිති.

ගොසිප්

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාරගේ පුතා බීමත්ව අධික වේගයෙන් රිය පැදවීම නිසා අනතුරක් සිදුවුනා. හලාවත  පුත්තලම මාර්ගයේ බංගදෙණිය ප්‍රදේශයේදී සිදුවුන මෙම අනතුරින්  නිවසට දැඩි හානි සිදුවුන අතර අමාත්‍යවරාගේ පුත්‍රයාටද තුවාල සිදුවුනා. කෙසේ වෙතත් හානි වූ නිවසේ හිමිකරු සඳහන් කලේ තමන්ට වන්දියක් ලබා දෙන තුරු  අනතුරට පත්වූ කැබ් රථය ඉවත් කර ගැනීමට ඉඩ ලබා නොදෙන බවයි.

එසේම අමාත්‍යවරයාගේ පුත්‍රයා පැදවූ කැබ් රථය අමාත්‍යවරයා කලින් කටයුතු කල  නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට අයත් බවයි පරීක්ෂණ වලින් අනාවරණය කරගෙන තිබෙන්නේ. එසේම අනතුර සිදුවන අවස්ථාවේදී කැබ් රථය තුල තිබී විදෙස් මත්පැන් බෝතලයක් මෙන්ම කඩුවක් සහ මුඟුරක්ද  සොයා ගෙන තිබෙනවා.

මීට පෙරද අමාත්‍යවරයාගේ පුත්‍රයා විසින්  ආණමඩුව ඉගිනිමිටිය ප‍්‍රදේශයේ දී එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනෙකුට තුවාල කරමින් අනතුරක් සිදුකර තිබූණා. මේ අතර ඔහුගේ අතින් සිදුවුනු තවත් අනතුරකින් ආනමඩුව ප්‍රදේශයේ දෙදරු පියෙකු මිය ගොස් තිබුණා‍ෙ.එම අවස්ථාවේදීද ඔහු තමන් පැදවූ රිය නොනවත්වා දාවනය කර ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් මේ වන තෙක් අමාත්‍යවරයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ ආරච්චිකට්ටුව පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂන සිදුකරන බවයි. කෙසේ නමුත්   රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත‍්‍රයා ප‍්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබුණද තවමත් ඔහු නිවස වෙත පැමිණ නැති බවයි වාර්තා වන්නේ.

පසුගිය කාලය පුරා ඔහු සිදුකල මෙම රිය අනතුරු වල වීඩියෝ දෙකක් ඔබට පහතින් නැරඹිය හැක

ගොසිප්

බණ්ඩාරගම රයිගම කර්මාන්ත ශාලාව තුළදී පුද්ගලයකුගේ අධෝමාර්ගයට වායු නළයක් ඇල්ලීමෙන් බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා මිය ගිය බව බණ්ඩාරගම පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ බණ්ඩාරගම රයිගම උතුර පදිංචිව සිටි තිදරු පියකු වන ඩබ්ලිව්.ආර්. සුමනදාස (64) නමැත්තෙකි.ලෑලි පදම් කරන එම කර්මාන්ත ශාලාවේ අත්උදවුකරුවකු ලෙස සේවය කළ මේ පුද්ගලයා ඉකුත් 28 වැනි දින දහවල් ආහාර ගැනීම සඳහා සේවය නතර කළ අවස්ථාවේදී තවත් සේවකයකු විසින් මොහුගේ අධෝමාර්ගයට වායු බටයක් අල්ලා ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.එම කර්මාන්ත ශාලාවේම සේවය කරන යන්ත්‍ර ක්‍රියාකරුවකු මියගිය පුද්ගලයා අසලින් ගමන් කිරීමේ දී කවටකමක් කිරීම සඳහා වායු පීඩන යන්ත්‍රයේ බටය ඔහුගේ ශරීරයට අල්ලා ඇති බව පොලිසිය කියයි.

ඒ සමඟම ක්ෂණයකින් එම වායු පීඩන බටය අත්උදවුකරුගෙන් උදුරාගත් යන්ත්‍ර ක්‍රියාකරු අත්උදවුකරු හැඳ සිටි කලිසමට පිටතින් පශ්චාත් භාගයට ඇල්ලීමත් සමඟ තත්පර කීපයක් තුළ අත්උදවුකරුගේ උදරය පිම්බී පිටතට නෙරා විත් ක්ලාන්තව ඇදවැටීමට යද්දී සේවකයන් ඔහුව අල්ලාගෙන වහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ල අනුව යන්ත්‍ර ක්‍රියාකරු සැකපිට අත්අඩංගුවට ගෙන හොරණ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් විසිපන්දහස බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත් එම දිනවල දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයාට රුපියල් විසිපන්දහසක ප්‍රතිකාර දීමනාවක් ගෙවන ලෙසත් නියෝග කර තිබිණි.

වායු බට රැගෙන උසුලු විසුළු කරමින් සිටි අවස්ථාවේදී එක්වරම අනෙක් සේවකයා අදාළ අධිපීඩන වායු බටය ඔහුගේ සිරුරේ පිටුපස ප්‍රදේශයට ඇතුලු කර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණා.ගුද මාර්ගයට වායු ධාරා ඇතුලූවීමෙන් ඇතිවූ පීඩනයත් සමඟ බඩවැල් පුපුරායාමෙන් මෙම මරණය සිදුව තිබෙනවා.

දින හතක පමණ කාලයක් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයා පෙරේදා (04දා) සවස මිය යෑම සම්බන්ධයෙන් නැවතත් ඊයේ (05දා) අධිකරණයට කරුණු වාර්තා කරන බව බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඩබ්ලිව්.එල්. වික්‍රමරත්න මහතා පැවැසීය.

ඒ අනුව අධිකරණයෙන් ඇප මත මුදා හැර සිටි සැකකාර යන්ත්‍ර ක්‍රියාකරු නැවතත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව ස්ථානාධිපතිවරයා පැවැසීය.

බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්ලිව්.එල්. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මහිලාල් මහතා පරීක්ෂණ පවත්වයි.

සයුරෙන් එහා පුවත්

පසුගිය දින අප ඔබට වාර්තා කළා ඉතාලියේ නව රජයට පත් වූ සැනින් අමාත්‍ය මත්තයෝ සැල්වීනි සංක්‍රමණිකයන්ට එරෙහිව ක්‍රියා කරන බවට.එම නිවේදනය නිකුත් කර දින කීපයක් යන්නට මත්තෙන් කළු ජාතිකයින් පිරිසක් එරට පොලිස් නිලධාරීන් සමඟ ඇති වූ ගැටුමක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක් වී ඇත.

ඉතාලියේ පීසා නගරයේ අනවසර වෙළදාමෙහි නියැලෙන කලු අප්‍රිකානුවන් පිරිසක් පිළිබඳව සෝදිසි කරන්න පැමිණි පොලිස් නිළධාරියෙකුට කෝපයට පත් අප්‍රිකානුවා විසින් පහර දෙන අන්දම මේ වීඩියෝව සදහන්.මේ වීඩියෝව අමාත්‍ය මත්තයෝ සැල්වීනි තම ෆේස්බුක් පිටුවට එක් කර ඇති සටහන ඔහුගේ වචන වලින් මෙසේය

 

“Venditori aggrediscono i Carabinieri e durante un controllo ne mandano all’ospedale uno, al quale invio tutta la mia solidarietà e auguri di buona guarigione.Serve #tolleranzazero: espulsioni per i clandestini e restituzione alle nostre città di un clima di legalità, questo è il mio obiettivo.

වෙළෙන්දන් අපේ පොලීසියට (Carabinieri) පහර දුන්නා.එක් අයෙක් රෝහල් ගතව මේ වන විට ප්‍රතිකාර ලබනවා.මගේ භටයාට ඉක්මන් සුව පතනවා. නීතිවිරෝධී සංක්‍රමණිකයන් නෙරපා හැරීම සහ අපගේ නගරවලට නිත්‍යානුකුල වට පිටාවක් කිරීම ,මෙය මගේ එකම අරමුණයි.

වීඩියෝව පහතින් නරඹන්න

++ VIDEO CHOC! PISA, CARABINIERI AGGREDITI E FERITI DA ABUSIVI ++

Venditori aggrediscono i Carabinieri e durante un controllo ne mandano all’ospedale uno, al quale invio tutta la mia solidarietà e auguri di buona guarigione.Serve #tolleranzazero: espulsioni per i clandestini e restituzione alle nostre città di un clima di legalità, questo è il mio obiettivo.

Posted by Matteo Salvini on Wednesday, June 6, 2018

ගොසිප්

ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්නගේ මරණයට හේතුව මොළයේ නහරයක් පුපුරා යාම බවට හෙළි වී තිබෙනවා.මීට පෙර සැක කෙරුණේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගිය බවටයි.

දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකෙරුණේ කොළඹ ජාතික රෝහලේ පිහිටි පොලිස් මෘත ශරීරාගාරයේදීයි.මොළයේ නහරයක් පුපුරා ගොස් සිදුවූ අභ්‍යන්තර ලේ වහනයක් හේතුවෙන් ඔහු මරණයට පත්ව ඇති බව එහි දී අනාවරණය වූවා.

මාළඹේ – මිල්ලගහවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේ කාමරයක මියගොස් සිටියදී හේමනලින් කරුණාරත්න මාධ්‍යවේදියාණන්ගේ දේහය ඊයේ දහවල් සොයා ගැණුනා.පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිය නිවසට පැමිණ ඇති ඔහු පසුදා දහවල්වන තුරුම ඉහළ මහලේ පිහිටි සිය කාමරයේ ‍ දොර විවෘත කර නැහැ.

එම නිසා ඔහු පිළිබඳව සොයා බැලීමට ඉණිමගක් ඔස්සේ කාමරය වෙත ගිය නිවැසියන්ට දේහය සොයාගත හැකි වූවා.
අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 56 ක්.ජාතික රූපවාහිනිය ඔස්සේ සිය මාධ්‍ය ජීවිතය ඇරඹූ හේම නලීන් මාධ්‍යවේදියාණන්, එම නාලිකාව ඔස්සේ 90 දශකයේ විකාශය වූ 9.05 වැඩසටහන හරහා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූවා.

පසුව ස්වර්ණවාහිනී ආයතනයට සම්බන්ධ වී කැපී පෙනෙන මාධ්‍ය මෙහෙවරක නිරත වූ ඔහු ඉන් අනතුරුව දිවයිනේ නාළිකා රැසකට සම්බන්ධ වී කටයුතු කළා.තමන්ගේම රූපවාහිනී නාලිකාවක් ලෙස HTV නාලිකාව ආරම්භ කොට මියයන තුරුම එම නාලිකාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ හේම නලීන් ඒ හරහා, මාධ්‍ය ක්ෂේත්‍රයට හිතැති සිය දහස් ගණනක් වූ ආධුනිකයින්ට සිය ශිල්ප ඥාණය නොමසුරුව ලබා දීමට ද කටයුතු කළා.

මේ වන විට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හේමනලීන් කරුණාරත්න මහතාගේ දේහය  එතුමාගේ මාලඹේ මිල්ලගහවත්ත පාරේ තුන් වන පටුමගේ පිහිටි නිවසේ තැන්පත් කර ඇත. ජායාරූප පහතින් නරඹන්න

 

 

ගොසිප්

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පිළිබඳ පසුගිය දිනවල බොහෝ දෙනා කතා කළා.මෙම උපන්දින සාදයට නළු නිළියන් ඇතුළු කලා ලොවේ රැසක් එක්වෙලා හිටියා.මෙම ඡායාරූප ප්‍රසිද්ධියට වීමත් සමග කාගෙත් අවධානයට යොමූවූ කෙනෙක් හිටියා.

ඇය තමයි නොඑල් ටොකුහිසා. 28 හැවිරිදි ටොකුහිසා සංක්‍රාන්තික ලිංගිකයෙක්.ටොකුහිසා මේ වන විට නර්තන ශිල්පියෙකු ලෙස කටයුතු කරනවා.ඒ වගේම ඇය 2018 වසරේදී සංක්‍රාන්තික ලිංගිකයන්ටම වෙන්වුනු Miss International Queen තරඟයටත් සහභාගි වෙලා තිබෙනවා.

ඒ තරඟය සඳහා කළ සාකච්ඡාවකදි ඇය කියලා තිබුණේ මෙවැනි දෙයක්..

‘‘පිරිමි දරුවෙකු ලෙස හැදී වැඩෙන විට මට දැනුනා මම මගේ වයසේ අනෙක් පිරිමි දරුවන්ගෙන් වෙනස් කියලා.ටිකෙන් ටික මම ගෑනු ළමයෙක් වගේ අදින්න පුරුදු වුණා.පිරිමි ළමුන් එක්ක වඩා ගෑනු ළමුන් එක්ක කතා කරන්න පුරුදු වුණා.ඉන් පස්සේ මම නර්තනයට වඩාත් ඇලුම් කළා.පිරිමියෙකු ලෙස විතරක් නෙමෙයි කාන්තාවක ලෙසත් නටන්න පුලුවන් වුනා.නර්තනට තිබූ ආසාව මා වඩාත් සැහැල්ලු කලා.

රූ රැජිණ තරඟයකට සහභාගි වෙලා ජයග්‍රහණයක් ලබද්දි මට වයස අවුරුදු 18යි.ඒ අවස්ථාවේ මා ඇත්තටම කාන්තාවක ලෙස දැනුනා.ඉන්පසුව මා වෙනස් වෙන්න, මට අවශ්‍ය කෙනා ලෙස ජීවත් වෙන්න තීරණය කළා.ලිංගික සංක්‍රාන්තිකයන්ට ආදර්ශයක් වෙන්න මම කැමතියි‘‘ යනුවෙනුයි.

වීඩියෝව නැරඹීම සදහා පහලට යන්න – උපුටාගැනීම නෙත්