කොරියාව,ඉතාලිය ඇතුළු කොරෝනා වෛරසය ඇති රටවල් වලින් ලංකාවට එන අයට වෙන්න යන දේ

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට මෙරටට පැමිණෙන සියලුම මගීන් දින 14 ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට කටයුතු කරන බවට සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

අද උදෑසන පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පවසා සිටියා. මේ අතර චීනයේ මේ වනවිට කොරෝනා වෛරසය පැතිරීම යම්තාක් දුරකට නතර කර තිබෙන අවස්ථාවක ලෝකයේ අනෙක් රටවල් වලින් කොරෝනා වෛරසය අසාදනය වූ පිරිස් හමුවන බවත් අමාත්‍යංශය පවසනවා.

ඉතාලියේ හමුවුණු පළමු කොරොනා වෛරසය වැළඳුණු ශ්‍රී ලාංකික රෝගියා මෙරට සිටින මාධ්‍යවේදියෙකු සමග සිදුකල වීඩියෝ දුරකථන සංවාදයක් මේ වනවිට සමාජ මාධ්‍ය වල පැතිර යමින් තිබෙනවා.

අදාල කාන්තාව රාජකාරි සිදුකල නිවසේ අයිතිකරුගෙන් ඇයට මෙම රෝගය බෝවී ඇති බවයි ඇය පවසන්නේ. ඇයට මේ වනවිට හිසේ අමාරුව සහ උණ පවතින බව ඇය පවසනවා.

මේ අතර ඇය මේ වනවිට රෝහල් ගත කර ප්‍රතිකාර ලබන අතර වේදනා නාශක ලබාදී ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කරනවා. ඇයට එක් වරක් පමණක් මේ වනතෙක් ප්‍රතිකාර ලබාදී ඇති නමුත් ඉන් පසුව කිසිඳු ආකාරයේ ප්‍රතිකාරයක් ලබාදී නැති බවට ඇය පවසනවා.

මේ අතර ඇය ඊයේ දිනයේ සිට ආහාර ලබාගෙන නැති බවත් පවසනවා.

Related Posts