ගොසිප්

ග්‍රාම නිලධාරීනියන් දෙදෙනා සමග අනියම් ඇසුරට ලොල් වූ උපුල්ට හෝටල් කාමරයේදී සිදු වූ දේ.

අපරාධයක් සිදු කර සැඟව සිටි ඝාතකයෝ කිහිප දෙනෙක් පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වුණා. මෙහි විශේෂත්වය වුණේ ඔවුන් පොලීසියට කොටු වුණේ එම අපරාධය සම්බන්ධවම නොවේ. පොලිස් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී මීට මාස තුන හතරකට පමණ ඉහත දී සිදු වූ අපරාධයක සුලමුල හෙළිවීමත් සමඟ ඔවුන් පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින්. උපුල් රංජිත් තිස් හැවිරිදි තිදරු පියෙක්. දොඩම්ගොඩ, කොස්හේන, බොම්බුවල පදිංචි ඔහු දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා විශෝධන නිලධාරියෙක් ලෙස කටයුතු කළා. ඔහු දක්ෂ කථිකත්වයක් තිබුණු අයෙක්. මත්ද්‍රව්‍ය පිළිබඳව පාසල් දරුවන්ද ප්‍රජාවද දැනුවත් කිරීමේ කටයුතු වල නියැළුණු උපුල් බොහෝ පුද්ගලයින් මත්ද්‍රව්‍ය වලින් මුදවාගන්න කටයුතු කළා.

Loading...

පාසල් සමයේ සිට තරුණියක සමඟ පෙමින් බැඳුණු ඔහු අවසානයේද ඇය විවාහ කරගත්තේ දහසක් බලාපොරොත්තු ඇතුවයි. එම විවාහයෙන් ඔහුට දරුවන් තිදෙනක් සිටියා. බිරිඳට හා දරුවන් සමඟ ආදරෙන් කල් ගත කළත් ඔහු කාන්තා ඇසුරටත් තදින්ම ඇබ්බැහි වෙලා හිටියා.ග්‍රාම නිලධාරිනියක වන ගයානි ඔහුට මුණ ගැහෙන්නේ දොඩම්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන කාලයේදියි. මුලින්ම රාජකාරී කටයුතු සඳහා කතාබහ කළත් ටිකෙන් ටික ඔහු ඇයට ළංවුණා.

ගයානි ඒ වෙනකොටත් දෙදරු මවක්. ගයානිගේ සැමියා සේවය කළේ කළුතර ප්‍රදේශයේ. ඔවුන්ට හිටියේ නිවුන් දරුවන්. දරුවන් දෙදෙනෙකුගේ මවක් වුණත් උපුල්ගේ ගතිගුණ කතාබහ පිළිබඳ පැහැදුණු ගයානිගේ යටි හිත උපුල් වෙත ඇඳි ගියේ නිලධාරින්ටත් හොර රහසින්. එහෙම පටන් ගත්ත අනියම් පෙම දුර දිග ගියේ ඔවුන්ටත් හිතාගන්න බැරි විදිහට. දින සති මාස ගණන් ගත වෙනකොට මේ අනියම් ප්‍රේමය කාර්යාලයේ අයටත් රහසක් වුණේ නැහැ.මේ බව දැනගත්ත ප්‍රාදේශීය ලේකම්විරිය මොවුන් දෙදෙනාව කැඳවලා උපදෙස් දුන්නා. අනියම් සම්බන්ධතා හේතුවෙන් වන විනාශයත්, ආරවුල් ගැනත් ලේකම්වරිය පවුල් උපදේශිකාවක් වගේ මේ දෙන්නට තේරුම් කරලා දුන්නා.

වැඩිකල් නොගිහින් මේ බව ගයානිගේ සැමියාටත් ආරංචි වුණා. ඉන් අනතුරුවයි ගයානි හා සැමියා අතර පවුල් ආරවුල් ඇති වෙන්න පටන් ගත්තේ. ඇය මේ ගැන උපුල්ට කිව්වා.

‘‘අපි එකට ජිවත් වෙමු..‘‘ ඇය නිතරම වගේ උපුල්ට කිව්වා.

Loading...

ප්‍රශ්නය තවත් උග්‍ර වුණේ ගයානි සැමියාගෙන් දික්කසාද වෙන්න තීරණය කරනවත් එක්කමයි. සැමියාගෙන් මිදුණු ඇය නිදහසේ ජිවත් වීම සඳහා දරු දෙදෙනා තම මව භාරයේ තබා කළුතර මල්වත්ත ප්‍රදේශයේ කුලී නිවාසයක පදිංචි වුණා.

උපුල් ජිවත් වුණෙත් ඇය එක්ක. ඒ අතරේ ගයානිට සැමියාගෙන් දික්කසාදයත් ලැබුණා. ගයානි සමඟ අඹුසැමියන් ලෙස ජිවත් වුණත් උපුල් තමන්ගේ බිරිඳවත් දරුවනුත් අමතක කළේ නැහැ. ඔහු ඉඩක් ලැබුණු විගස දරුවනුත් බිරිඳවත් බලන්න ගියා.

ඒ වෙද්දි ඔහුගේ බිරිඳත් සැමියාගේ අනියම් සම්බන්ධය අග ඉඳන් මුලට දනගෙන හිටියා. දරුවන් වෙනුවෙන් සම්බන්ධය නවත්වන්න කියලා ඇය ඇවිටිලි කළත් ඵලක් වුණේ නැහැ. ගයානි අමතක කරන්න උපුල්ට හිත දුන්නේ නැහැ. සැමියාගෙන් දික්කසාද වුණු ගයානි තව තවත් උපුල්ට ළංවුණා. අන්තිමට වුණේ ගයානි ගැබ්ගත්ත එක. උපුල් තමන් එක්ක හැමදාම ජිවත් වෙනවා කියලා හිතපු ඇය නිතරම වගේ උපුල්ට කීවේ දැන්වත් විවාහ වෙලා අලුත් ජිවිතයක් පටන් ගනිමු කියලයි.

‘‘ඔයත් ඩිවෝස් වෙන්න. අපි අලුතින් අපේ ජිවිතය පටන් ගනිමු….‘‘

ගයානිගේ බලවත් ඉල්ලීම ඉදිරියේ උපුල් තවත් අන්ත අසරණ වුණා. දික්කසාද වෙන්න ඔහුගේ අදහසක් තිබුණේ නැහැ. ඒ වුණත් ගයානි නොයෙකුත් සිතුවිලි අතරේ හිරවුණ. ලැබෙන්නට ඉන්න දරුවාට පියෙකු අවශ්‍ය බව ඇයට වැටහුණා. ඒ නිසාම ඇය උපුල්ව තමන්ගේ ළඟින්ම තියාගන්න සැරසුණත් උපුල් හිමින් සීරුවේ ඇගෙන් ලිස්සා යන්න පටන් ගත්තා.

මෙය තවදුරටත් උත්සන්න වුණේ ගයානි සේවය කරන කාර්යාලයේම තවත් ග්‍රාම නිලධාරිනියක හා උපුල් පෙමින් වෙළි සිටීමයි. අවිවාහක තරුණියක වන ඇයත් ඒ වෙද්දි විවාහ වෙන්නයි සුදානමින් හිටියේ. උපුල් ඇයට කිට්ටු වුණේ ගයානිගෙන් නිතර නිතර ඇතිවන කරදර ගැන කියමින්. ඔහු තමාට අත්වුණු ඉරණම ඇයටත් කිව්වා. කසාඳ බිරිඳ තමාට සලකන්නේ නැති බවත් කිව්වා. ඒ ඇගේ ආදරය හා අනුකම්පාව දිනාගැනීමේ අදහසින්.

ගයානිටත් හොර රහසේ උපුල්, ඇය සමඟත් අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගියා. ඒත් වැඩි කල් නොගොස් මේ ගැන ගයානිටත් දැන ගන්නට ලැබුණා. මේ හේතු නිසාම නිතර නිතර බහින් බස් ඇති වී උපුල්ට ගයානි මහත් කරදරයක් වුණා. ඇගෙන් බේරීම සඳහා ඔහු නොයෙකුත් උපක්‍රම සෙව්වා.

අන්තිමට ගයානිගෙන් බේරෙන්න හිතාගෙන උපුල් යාල ප්‍රදේශයේ ලැගුම් හලක කාමරයක් හොයා ගත්තා. ඒ වුණත් උපුල් තමන්ගේ බිරිඳවත් දරුවනුත් බලන්න ගෙදර යන්නත් අමතක කළේ නැහැ. මේ ගැන ගයානිත් දැනගෙන හිටියා. ඇයට ගෙදර තනියම ඉන්න බැරි නිසා ආපහු තමන්ගේ මවගේ නිවසට යන්න සිද්ධ වෙනවා. ඒත් ඈ නිතරම කල්පනා කළේ උපුල්ව තමන්ට නතු කරගන්න විදහේ ක්‍රමයක්.

ඒත් සමහර දවස්වලට උපුල් ඇයව යතුරු පැදියේ එහෙ මෙහේ අරන් ගියා. කරන්නට දෙයක් නැතිම නිසා ඔහු එහෙම කළත්, ගයානිට උපුල් ගැන තිබුණේ ආදරයක් වෙනුවට වෛරයක්. ඒකට ලොකුම හේතුව උපුල් තනිවම හෝටල් කාමරයක පදිංචි වී සිටිමයි. එතනදී හෝටල් කළමණාකරුවාටත් ගයානිව අඳුන්වා දෙන්න උපුල් අමතක කළේ නැහැ. මේ නිසා ගයානි හෝටල් හිමිකරුව දැන හිටියා.

ඉන් අනතුරුව ගයානි නිතරම වාගේ උපුල් ගැන හෙව්වේ හෝටලේ කළමනාකරුට ඇමතුමක් දීලයි. උපුල් ග්‍රාම නිලධාරිනිය සමඟ පවත්වන සම්බන්ධය නිසා නිතරම වගේ ලැගුම් හලේ නැති බව කළමණාකරු මාර්ගයෙන් ඇය දැනගත්තා. යාල හන්දියේ සිට මීටර් 200ක් පමණ ගිය තැන අතුරු පාරේ මේ ලැගුම් හල පිහිටා තිබුණා.

එහි උඩුමහලේ තනි බිත්තියකින් වෙන් වූ දෙපසට තිබු කාමර 6 බැගින් වන පේළි දෙකේ එක් කාමරයක උපුල් නතර වෙලා හිටියා. හෝටලේ කළමණාකරු නිදාගන්නේ උපුල්ගේ කාමරයට විරුද්ධ පැත්තේ. ඔහු උපුල්ගේ මිතුරෙක් නිසා උපුල් ඉන්නවට ඔහු කිසිදු මුදලක් අය කළේ නැහැ. මිතුරාට කරදර නොකර පාඩම් කටයුතු වල යෙදෙන්න උපුල් වග බලා ගත්තා.

ගයානි රැකියාවට ආවේ ගියේ ඇගේ යතුරු පැදියෙන්. ගතවෙන හැම මොහොකතකම උපුල් ගැන සෝදිසියෙන් ඉන්න ඇය නිතරම වාගේ ලැගුම් හලට කඩන් පනිනවා. ඒ ඔහු තමන්ගේ මිතුරිය එක්ක ඉන්නවද කියලා සැක හැර දැනගැනීමේ අරමුණින්.

ගයානිට උවමනා වූයේ උපුල්ට හොඳ පාඩමක් ඉගැන්වීමටයි. ඇය මේ ගැන ඇගේ මවටත් කියා හිටියා. වැඩේට එකම සුදුස්සා චමින්ද හෙවත් කට්ටා කියලා මව ඇයට කිව්වා. කට්ටා ඌරගහ පදිංචිකරුවෙක්. ඔහු ගයානිටත් ඇගෙ මවටත් ඥාති පුතෙක්.

‘‘අනේ පුතේ බලපන්කෝ මේකීට පවුල් කන්න දෙන් නෑ…‘‘

‘‘කවුද….?‘‘

‘‘මේ උපුල් කියලා මනුස්සයෙක්. එකිගෙන් මේකිට හරිම කරදරයි. මේකට මොනාහරි කරලා දියන්…‘‘

ගයානිගෙත් මවගෙත් ඉල්ලීම ඉටු කරන්න කට්ටා සුදානම් වුණා. ගයානිත් විටින් විට කට්ටව ඇමතුවේ උපුල්ට කිසියම් අනතුරක් ඉක්මනින් කරන්න කියලා ඉල්ලමින්. කට්ටා තමන්ගේ මිතුරෙක් එක්ක දොඩම්ගොඩට ආවේ උපුල් ගැන හොයන්න.

උපුල්ව මුලින්ම කවුද කියලා හොයාගත්ත ඔවුන් උපුල් ඝාතනය කිරීමට සැලැස්මක් හැදුවා. උපුල්ට පහර දී ඝාතනය කිරීම සැලැස්මේ කොටසක් වුණත් ඒ දේ කොහොමහරි වැළකුණා. උපුල් දෙපාරක්ම තමන්ගේ ජිවිතේ බේරගන්න සමත් වුණා.

අන්තිමට කට්ටා තීරණය කළේ උපුල් හෝටල් කාමරයේ සිටියදීම ඝාතනය කිරීමටයි. එහෙත් ඒ සඳහා අධික වියදමක් යන බවත් පුද්ගලයින් උවමනා බවත් ඔහු ගයානිට කිව්වා. උපුල් නැවතිලා හිටපු හෝටලයත් කට්ටාට පෙන්වපු ගයානි, රුපියල් විසිපන්දහසක අත්තිකාරම් මුදලකුත් කට්ටා අතේ තැබුවා. ඒ ඝාතනය සඳහා වාහනයක් කුලියට ගැනීමටත්, මිතුරන්ට මත්පැන් ගන්නා ලෙසත් කියමින්.

‘‘වැඩේ හරියට කරන්න….‘‘

උපුල් ඝාතනය වෙනුවෙන් කට්ටා මෝටෝරියක් කුලියට ලබාගන්නේ ඔය අතරයි. මීගමුව පාරේ වෙළෙන්ඳෙකුගෙන් ඔවුන් මන්නා පිහිත් මිලදී ගත්තා. 15 වැනිදා රාත්‍රීයහි සැලැස්ම ක්‍රියාත්මක වුණා. ගයානි උපුල් හෝටල් කාමරයේ සිටිනවා දැයි සොයා බැලුවා. ඈ විටින් විට ඇමතුම් කිහිපයක් ගත්තා වුණත් ඔහුව සම්බන්ධ කරගන්න බැරිවුණා. ඉන් අනතුරුව ආරංචි වුණේ උපුල් තමන්ගේ බිරිඳ හා දරුවන් එක්ක පෙරහැරක් බලන්න ගමේ ගියා කියලයි.

ගයානි තමන්ගේ යතුරු පැදියෙන් කට්ටාව මුණ ගැහෙන්න ආවේ උපුල්ගේ ඉරණම තීන්දු කරන අදහසින්.

‘‘හරි මිනිහා ඇවිත් ඉන්නේ… ඔයාලා උඩට යන්න…..‘‘

හෝටලයේ ඉදිරිපස උපුල්ගේ යතුරු පැදිය නවත්තලා තිබුණා. ඔහු ආයෙමත් හෝටලයට ඇවිත් කියලා ගයානි අනුමාන කළේ එහෙමයි. කට්ටා ඇතුළු පිරිස හෝටල් කාමරයේ දොරට තට්ටු කළත් එය විවෘත වුණේ නැහැ. බලාපොරොත්තු සුන් කරගත්ත පිරිස ආපහු ගයානිගේ පිහිට පැතුවා.

‘‘අපි දොරට තට්ටු කළා. දොර අරින්නෙ නැහැ. ඔයා ගිහින් කතා කරන්න. එතකොට දොර අරියි….‘‘

ඒ අනුව ගයානි දොරට තට්ටු කරන්න පටන් ගත්තා.

‘‘උපුල්… උපුල් අයියේ දොර අරින්න.. මම ගයානි නංගී….‘‘

ගයානිගේ හඬ ඇහෙනවත් එක්කම උපුල් දොර විවෘත කළා. ඒත් එක්කම මන්නා පිහි ගත්ත පිරිසක් ඔහුව වට කර ගත්තා. ඔහු දොර වහන්න තැනුවත් සාර්ථක වුණේ නැහැ. එකපිට වැටුණු මන්නා පහරවල් නිසා ඔහු අඩපණ වුණා. කලබලයක සද්දේ ඇහෙද්දි කළමණාකරුත් ඒ ඉසව්වට දුවගෙන ආවා. කවුදෝ කෙනෙක් උපුල්ගේ කාමරයේ ඉඳලා දුවනවා ඔහු යන්තමින් දැක තිබෙනවා.

‘‘මොකද වුණේ…?‘‘

‘‘නංගි ඇවිත් මට කතා කළා. ඒ නිසා මම දොර ඇරියා. ඒත් එක්කම කවුද තුන් හතර දෙනෙක්……‘‘

තත්ත්වය බරපතල බව දැනගත්, කළමණාකරු වහා ගිලන් රථයක් ගෙන්වා ගත්තා. ඉන් අනතුරුව පොලීසියට දුරකථන ඇමතුමක් ලබා දුන්නා.

‘‘එයා මට කිව්වේ නංගි කතා කරපු නිසයි දොර ඇරියේ කියලා…‘‘

‘‘කවුද ඔය නංගි..‘‘

‘‘නංගි කියලා එයා කියන්නේ අර ග්‍රාම….‘‘

සියල්ල දැනගත් ස්ථානාධිපතිවරයා ඊළඟට කළේ ගයානිගෙනුත් මේ ගැන අහලා බලපු එක. ඒත් ගයානි නම් කිව්වේ මේ කිසිම දෙයක් තමන් දන්නේ නෑ. ඒ වෙලාවේ තදින්ම නින්ද ගිහින් හිටියා කියලයි. ඒත් පොලීසිය ඇගේ කීම පිළිගත්තේ නැහැ. ගයානි ගැන යම් සැකයක් ඇතිම වුණත් එය ඔප්පු කරන්න තරම් සාක්ෂි ප්‍රමාණවත් වුණෙත් නැහැ. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පස්සේ නැවත නැවතත් ඈව ගෙන්වාගෙන දීර්ඝ ප්‍රශ්න කිරීම්වලට තැත් කළත් එය සාර්ථක නොවුණේ ගයානි ඒ වෙනකොටත් ගැබිනියක් වෙලා හිටපු නිසයි.

මේ නිසාම ඈ නිතර ක්ලාන්ත ගතියක් ඇති කරගනිමින් පරීක්ෂණ කටයුතුවලට බාධා කළා.

‘‘එහෙමනම් තමන් මොකටද ඒ වෙලාවේ එතැනට ගියේ…‘‘

උපුල් එක්ක තමන්ගේ සම්බන්ධයක් තිබුණු බවත්, ඔහු නිසා තමන් ගැබ් ගත් බවත්, ඉන් පසුව ඔහු තවත් නිලධාරිනියක් සමඟ ඇසුරක් පවත්වපු බවත්, ඇයත් එක්ක ලැගුම්හලේ ඉන්නවාදැයි සැක හැර දැනගන්න අටියෙන් තමන් එහි පැමිණි බවත් ඇය පොලීසියට හෙළි කළා.

‘‘මම දොරට තට්ටු කළා. එයා දොර ඇරියා. ඒත් එක්කම කවුදෝ හතර පස් දෙනෙක් මාවත් තල්ලු කරගෙන කාමරයට ඇතුල් වුණා. මම බය වුණා, පස්සේ මම මගේ බයික් එකෙන් ගෙදර ගියා…‘‘

‘‘ඉතින් ඔයාට කෑ ගහන්න තිබුණනේ. පොලිසියට කෝල් කරන්න තිබුණනේ…‘‘

ස්ථානාධිපතිගේ ප්‍රශ්න හමුවේ ඇය නිරුත්තර වුණත් අටමස් ගැබිණියක් වීම ඇයට වාසනාව ගෙන දුන්නා. නිලධාරින්ට ඇගෙන් ප්‍රශ්න කරන එක අපහසු වුණා. සති ගණනක් ගත වන තුරු සිද්ධිය පිළිබඳ කිසිදු තොරතුරක් ලැබුණේ නැහැ. කාලය ගෙවුණා.

ඒ අතරේ ඉකුත් තුන්වැනිදා බේරුවල ප්‍රදේශයේදී වෙඩි තබා යතුරු පැදියක් කොල්ල කා ගිය සිද්ධියක් පොලිස් අධිකාරිගේ උපදෙස් මත කළුතර කොට්ඨාස විමර්ශන ඒකකය පුළුල් විමර්ශනයක් ආරම්භ කළා.

ඉන් අනතුරව අත්අඩංගුවට ගත් අයගෙන් ප්‍රශ්න කිරීමේදී උපුල් ඝාතනය පිළිබඳ තොරතුරු රැසක් එළියට ආවා. එහිදි ඒ සඳහා භාවිත කළ, මන්නා සහ මෝටෝරියත් සොයා ගැනීමට පොලීසියට හැකි වුණා.

ඒ අතරෙ ගයානිව අත්අඩංගුවට ගත් අතර ඇය තම දරුවා ප්‍රසූත කළේ බන්ධනාගාර ගතව සිටියදියි.

Related Posts