දහසක් පැතුම් පොදි බැද දින දෙකකට කලින් යුග දිවියට ගිය තරුණයාට දෛවය එරෙහි වුන හැටි

9177

මාතර , වැලිගම , හේන්වල ප්‍රදේශයේ අද (05දා) උදෑසන සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වැලිගම පොලීසිය සඳහන් කරයි.

යතුරුපැදියක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ වැලිගම, කප්පරතොට ප්‍රදේශයේ පදිංචිව සිටි දිලුම් කුමාර (19) නමැති තරුණයෙකි.

මියගිය දිලුම් කුමාර තරුණයා අනතුර වීමට දින දෙකකට පෙර විවාහ වූ අයෙක් බවද සඳහන් වෙයි.

අනතුරින් තුවාල ලැබූ යතුරු පැදියේ ගමන් ගත් තවත් අයෙක් කොටවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මාතර මහා රෝහල වෙත මාරුකර යවා ඇත.

අද (05) උදෑසන යතුරු පැදිය මාතර දෙස සිට වැලිගම දෙසට පැමිණ ඇති අතර, බස් රථය වැලිගම දෙස සිට මාතර දෙසට ගමන් කර ඇති බවත් වැලිගම, හේන්වල මංසන්ධියේදී වාහන දෙක මුහුණට මුහුණ ගැටී තිබෙන බවත් පොලීසිය පවසයි.