කිම් ජෝන් පිටුපස ඉඳන් උතුරු කොරියාව මෙහෙයවන කවුරුත් නොදන්න මහ මොළකාරිනිය මෙන්න

7649

පසුගිය දවස්වල ලෝකයේ වැඩිම අවධානයක් යොමු වෙලා තියෙන රට තමයි උතුරු කොරියාව. අතීතයේ ලෝකයෙන් කොන් වෙලා පාඩුවේ හිටිය උතුරු කොරියාව දැන් ලෝකයත් එක්ක එකතු වෙන්න උත්සහා කරනවා. එකේ ලොකුම පියවර තමයි ඇමරිකාව සමඟ සමුළුවක් පවත් වීම.මේ නිසා උතුරු කොරියානු නායක කිම් ජෝන් අන්ට ලෝකයෙන්ම ප්‍රශංසා ලැබුණා. හැබැයි කවුරුත් නොදන්න රහසක් තියෙනවා. තීරණය පිටිපස්සේ ඉඳන් කිම් ජෝන්ව මෙහෙයවන මහ මොළකාරිනියක් ඉන්නවා. ඒ තමයි කිම් ජොන් අන්ගේ නංගි Kim Yo-jong. ඇය තමයි කොරියානු නායකයට සියලුම උපදෙස් දෙන්නේ.

පහුගිය දා තිබ්බ උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සාකච්ඡාවේදීත් මුලිකත්වය අරගෙන කටයුතු කරලා තියෙන්නේ ඇය. ඒ වගේම තිබ්බ ඇමරිකාව සහ උතුරු කොරියාව අතර සමුළුවේදී ලොකු වැඩකොටසක් ඇය කරලා තියෙනවා.සමුළුවට කලින් Kim Yo-jong සිංගප්පූරුවට ඇවිත් සියලුම දේවල් හොයලා බලලා තියෙනවා. ඒ වගේම සිංගප්පූරුවේ බලධාරීන් එක්ක සමුළුවේ ආරක්ෂාව ගැනත් සාකච්ඡා කරලා තියෙනවා. සමුළුව පැවැත් වෙද්දී කිම් ජොන් අන් අසලින්ම ඉඳගෙන ඔහුට උපදෙස් දෙන්නෙත් Kim Yo-jong. ඩොනල් ට්‍රම්ප් සහ කිම් ජොන් හිවිසුමට අත්සන් කරද්දී උතුරු කොරියානු නායකයා අසලට වෙලා ඉන්නෙත් ඇය.

මේ ගිවිසුම අත්සන් කරන්න පෑන් දෙකක් නායකයින් දෙදෙනාට මේසය මත තියෙලා තිබුණා. හැබැයි ටික වෙලාවකින් උතුරු කොරියාවේ ආරක්ෂකයෙක් ඇවිත් කිම් ජොන් අන්ට තියලා තිබ්බ පෑන් කොටස් වලට ගලවලා පරික්ෂා කරනවා. හැබැයි අවසානයේ කිම් ජොන් ගිවිසුමට අත්සන් කරන්නේ නංගි ගෙනත් දෙන පෑනකින්. මේ සියල්ල සිදු වෙලා තියෙන්නෙත් Kim Yo-jong ගේ උපදෙස් මත.කොහොම හරි සමුළුව ඉවර වෙලා උතුරු කොරියානු නායකයා පිටත්ව යනකම් Kim Yo-jong සිංගප්පූරුවේ රැඳී ඉන්නවා. කිම් ජොන් අන් ගියාට පස්සේ වෙනත් ගුවන් යානයකින් තමයි ඇය පිටත්ව ගිහින් තියෙන්නේ.

සිංගප්පූරුවේ තිබ්බ මේ සමුළුවට රටවල් දෙකේම රාජ්‍ය නායකයන් ආවේ විශේෂ ආරක්ෂක ක්‍රම එක්ක. විශේෂයෙන්ම උතුරු කොරියානු නායකයා සිංගප්පූරුවට ආවේ විශේෂ ආරක්ෂක සැලස්මක් අනුව.උතුරු කොරියානු නායකයා සිංගප්පුරුවට එන්න ගුවන් යානා තුනක් යොදා ගෙන තිබුනා. ඉන් ගුවන් යානා දෙකක් සතුරන් නොමග යැවීම සඳහා Decoy Flights විදියට යොදා ගෙන තිබ්බා. IL-76, එයාර් චයිනා බොයිං 747 ගුවන් යානාවක් සහ සෝවියට් රුසියාවේ නිෂ්පාදිත Ilyushin IL62 ගුවන් යානා තමයි ඔහු මේ ගමනට යොදා ගෙන තිබ්බේ.

හැබැයි උතුරු කොරියානු නායකයා සිංගප්පුරුව බලා පැමිණියේ එයාර් චයිනා බොයිං 747 දරණ ගුවන් යානයෙන්. IL-76 දරණ ගුවන් යානයෙන් උතුරු කොරියානු නායකයාගේ නිල රථය, සමුළුව පැවැත්වෙන කාලය තුලදී අවශ්‍ය කරනු ලබන ඔහුගේ ආහාර පාන සහ ජංගම වැසිකිලිය අරගෙන ඇවිත් තිබුණා. උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය සහ අනෙක් නියෝජිතයින් සෝවියට් රුසියාවේ නිෂ්පාදිත Ilyushin IL62 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුවට ඇවිත් තියෙනවා.

සාමාන්‍ය උතුරු කොරියාවේ ඉඳන් සිංගප්පුරුවට එන්න ගුවන් යානයකට පැය 6.5 ක කාලයක් ගත වෙනවා. හැබැයි උතුරු කොරියානු නායකයාගේ ගුවන් ගමනට පැය 10 ක් ගත වෙලා තියෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ උතුරු කොරියානු නායකයා චීනය හරහා වෙන්වූ ආරක්‍ෂිත ගුවන් මාර්ගයකින් පැමිණීමයි. කිම් ජොන් අන් චීනයට ඉහළින් පියාසර කරද්දී චීනයෙන් සුවිශේෂි වූ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරලා තියෙනවා.

තවත් විශේෂ කාරණයක් තමයි කිම් ජොන් අන් ජංගම වැසිකිලියක් අරගෙන ඇවිත් තිබ්බා. ඒ ඔහුගේ මළමුත්‍රා CIA ඇතුළු විදෙස් රහස් ඔත්තු සේවාවන් අතට පත්වීම වළක්වන්න. මොකද පුද්ගලයෙකුගේ මළමුත්‍රා පරික්ෂා කරලා ඔහුට තියෙන රෝගාබාධ, ලබා ගන්නා ඖෂධ ආදිය හොයා ගන්න පුළුවන්.