දැනුවත් වෙන්න, කඩ කෑම වල මිල අඩු වෙලා

6870

ගෑස් මිල පහළ යාමට සාපේක්ෂව තේ හෝ කෑම පැකට්ටුවක මිල අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එහි ජාතික සංවිධායක අසේල සම්පත් පැවසුවේ සිය සංගමය රැස්වී තේ එකක මිල රුපියල් 05 කින් හෝ කෑම පැකට්ටුවක මිල රුපියල් 10 කින් අඩු කිරිමට පියවර ගන්නා බව ය.

මේ අතර සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පැවසුවේ මීට පෙර ගෑස් මිල ඉහළ දැමු අවස්ථාවේ කිසිඳු නිෂ්පාදනයක මිල වැඩි නොකළ බැවින් මෙවර ගෑස් මිල පහළ දැමු අවස්ථාවේ නිෂ්පාදනවල මිල පහළ දැමීමක් සිදු නොවන බව ය.

කෙසේ වෙතත් පාරිභෝගික සේවා අධිකාරි අධ්‍යක්ෂ ජනරාල් ඩී. ජීවානන්ද පැවසුවේ ගෑස් මිල පහළ දමා තිබියදී පෙර මිලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.