පාස්පෝට් නිකුත් කරන අලුත් විදිහ මෙන්න

5807

පැවති විදේශ ගමන් බලපත්‍ර හිඟය මාස දෙකකින් මඟහැරෙනු ඇතැයි ආගමන හා විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා පවසයි.

කැබිනට් මණ්ඩල යෝජනාවට අනුව සියලුම රටවල් සඳහා වු විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 10ක් ඇනවුම් කිරීම සඳහා වන කටයුතු අද (28) ආරම්භ කළ බවද ඒ මහතා සඳහන් කරයි.

එම ගමන් බලපත්‍ර ලැබෙන තෙක් මැදපෙරදිග සඳහා මුද්‍රණය කොට ඇති ගමන් බලපත්‍රවලට ”සියලුම රටවල් සඳහා” යනුවෙන් මුද්‍රාවක් යොදා නිකුත් කරන බවද ආගමන හා විගමන පාලක ජනරාල්වරය පැවසීය.

අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් පෙරේදා (26දා) පැවැති කැබිනට් මණ්ඩලයේ රැස්වීමේදී සලකා බැලීමෙන් අනතුරුව එම තීරණය ගෙන තිබේ.