අඟහරු ලෝකේ ආවාටසොයන නාසාහි ළාබාලම තානාපතිවරිය මල්මි

3325

කුඩා අවධියේ හිරු, සඳු, තරු ගැන ඇතිවූ නොතිත් කුතුහලය ඔස්සේ සිහින දැක තාරකා විද්‍යාඥවරියක වීමේ සිහිනය ලුහුබැඳ ගිය ශ්‍රී ලංකාවේ දිරිය දියණියක පිළිබඳව සටහනක් තබන්නට අවස්ථාව ලැබී තිබේ. ඇමෙරිකාවේ නාසා (ව්ඒඉඒ) ආයතනයේ සෞරග්‍රහ මණ්ඩල වැඩසටහනේ තානාපතිවරියක (ඉධතචප ඉරඵබඥථ ඒථඡචඵඵචඤප) ලෙස පත්වූ ඇය මල්මි ප්‍රසන්දි කිරිවන්දලගේය. මල්මි තවමත් 22 හැවිරිදි වියේ පසුවන්නීය. ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ලෝන් අයිලන්ඩ් ප්‍රදේශයේ ජනතාවට නාසා ආයතනයේ කටයුතු පිළිබඳ අලුත්ම දැනුම ලබා දෙන්නේ ඇය විසිනි.

මල්මි ප්‍රසන්දි කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. ඇගේ මවුපියන් කපිල කිරිවන්දලගේ සහ සමන්මලී කිරිවන්දලගේ දෙපොළය. රෑ අහසේ දිලෙන කෝටි ගණන් තරු පොකුරු අතර ඇය හත් දින්නත් තරු පොකුර සෙව්වේ බහ තෝරන වියේදීය. මල්මි පාසලේ පහළ පන්තිවල සිටිද්දී අනුර සී. පෙරේරා තාරකා විද්‍යාව පිළිබඳව ලියූ පුංචි පොත් කියැ වූවාය. ඉන් ඇගේ කුතුහලය තව තවත් පිබිදුණු අතර ජීවිතයේ කෙදිනක හෝ තාරකා විද්‍යාඥවරියක වන්නෙමැයි ඇය අධිෂ්ඨාන කරගත්තාය. විශ්වයේ අෑත කෙළවරක දිලෙන මුතු ඇටයක් වන් තනි තරුවක ඇගේ ප්‍රාර්ථනා ලියැවී තිබිණි. ඕතොමෝ ඉදිරියට පැමිණි සියලු බාධක අභියෝගවලට මුහුණ දෙමින් දිරිය දියණියක ලෙස ඇගේ සිහිනය ලුහුබැඳ ගියාය. 2018 වසරේ නාසා ආයතනයේ නියෝජිතවරියක වශයෙන් ඇය පත්කර ගැනීමට ඇමෙරිකානු ෆෙඩරල් කාර්යාංශය තීරණය කර තිබෙන්නේ ඇගේ ජීවිතය හා චර්යාවන් පිළිබඳව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුවය. එම තනතුරට ළඟාවූ ඇමෙරිකානු පුරවැසියන් සිටින්නේද අතළොස්සකි. අද ඇය ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල හා නොයෙකුත් ප්‍රජා ආයතනවල නාසා ආයතනයේ නව සොයාගැනීම් පිළිබඳ දේශන පවත්වන්නීය.

අපි මල්මි ප්‍රසන්දිට සවන් දෙමු.

“මම කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකාවෙ ඉගෙන ගනිද්දි තාරකා විද්‍යා සංගමයේ සාමාජිකාවක වුණා. පස්සෙ සංගමයෙ සභාපති වෙලා බාහිර ක්‍රියාකාරකම් රැසකට දායක වුණා. අපි ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වෙලා “රොකට්” එකකුත් හැදුවා. සෞරග්‍රහ මණ්ඩලය ගැන දැන ගන්න විශ්වය ගැන ඉගෙන ගන්න මහා කුතුහලයකින් මම හිටියෙ. පන්තියෙ විෂයයන් ගැන උනන්දුවක් නෑ කියලා ටීචර් මගෙ අම්ම ඉස්සරහදි මට බැනලත් තියෙනවා.

මගෙ විශාල සිහිනයක් තිබුණා මම කවදා හරි ඇමෙරිකාවෙ නාසා ආයතනයේ රැකියාවකට යනව තාරකා විද්‍යාඥවරියක වෙලා. අලුත් ග්‍රහ ලෝක සොයා ගන්නවා කියන සිහිනය ඔස්සේ මම ගියා. ඒ සඳහා යන පාර මොකක්ද කියන එක ගැන මට වැටහීමක් තිබුණෙ නැහැ. මගෙ විකාර හීන ගැන සමහරු මට හිනා වුණා. ඒත් මම මගෙ අරමුණ අතඇරියෙ නැහැ. මම සෞරග්‍රහ මණ්ඩලය ගැන පර්යේෂණ කරන නොයකුත් ආයතන සමඟ ඡ්ථචඪත හරහා සම්බන්ධ වුණා. මේ අතර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන් වෙද්දි මට ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලය මඟින් පැවැත්වූ හය මාසික වැඩමුළුවකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූ බව කිව හැකියි.

වැඩිදුර අධ්‍යාපනය ලැබිය යුතු කොයි ආකාරයෙන්ද කියලා මම එහිදී තේරුම් ගත්තා. 2012දී මම නිව්යෝර්ක්වල ඉභටටධඬ ඛ්ධභදබපර ඛ්ධථථභදඪබර ඛ්ධතතඥඨඥ එකට ඇතුළත් වුණා. මගේ මූලික විෂය වුණේ තාරකා විද්‍යාව (ඒඵබපධදධථර) තාරකා ජීව විද්‍යාව (ඒඵබපධඡඪධතධඨර) තාරකා භෞතික විද්‍යාව (ඒඵබපධනඩරඵඪජඵ) අජටාකාශ විද්‍යාව (ඛ්ධඵථධතධඨර) අඟහරු ග්‍රහ භූගෝල විද්‍යාව (ට්ඥධතධඨර ධට ථචපඵ) භෞතික විද්‍යාව (ර්ථීඩරඵඪජඵ) කලනය (ඛ්චතජභතභඵ) සෞරග්‍රහ මණ්ඩලය (ඒඵබපධදධථර ධට ඵධතධප ඉරඵබඥථ) සහ රසායන විද්‍යාව (ඛ්ඩඥථඪඵබපර)

නාසා ආයතනය හා සම්බන්ධ මගේ විශ්වවිද්‍යාලෙ මහාචාර්යවරයාගේ උපදේශකත්වය යටතේ මා සිදුකළ පර්යේෂණය පදනම් කර ගනිමින් ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකාවක් නාසා ආයතනය 2017දී පිළිගත්තා. මගේ පර්යේෂණයට විෂය වූයේ අඟහරු ග්‍රහයාගේ දක්ෂිණාර්ධ ගෝලයේ හඳුනා ගත් ජල විවර සම්බන්ධවයි. අඟහරුගේ උත්තරාර්ධ ගෝලයේ කුහර තුළ ජලය පවතින බව නාසා ආයතනය සොයාගෙන තිබුණා. මම දක්ෂිණාර්ධ ගෝලයේ පවතින විවර සිතියම් ගත කර එම විවරයන්හි ජලය නොමැති බව තහවුරු කළා. මගේ දෙවැනි පර්යේෂණ පත්‍රිකාව ර්-13 තරු පොකුරේ විකිරණ වර්ගීකරණය සම්බන්ධව සිදුකළා. මේ සියලු පර්යේෂණයන් සමීක්ෂණය කිරීමෙන් පසුවයි 2018 මාව නාසා ආයතනයේ සෞරග්‍රහ මණ්ඩල වැඩසටහන් තානාපතිවරියක වශයෙන් පත්කර ගත්තේ. වෘත්තීයමය වශයෙන් මා මේ කාර්යයේ නිරත වන්නේ මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු අතරමයි. මම දැනට නිව්යෝර්ක් සෙල්ඩන්හි සෆ්ලොක් ප්‍රාන්ත විද්‍යාලයේ තාරකා විද්‍යා හා භූ විද්‍යා ශාස්ත්‍රපති උපාධිය ලබා සිටිනවා. මේ වසරේ සැප්තැම්බරයේ මම ඉබධදර ඕපධධඬ උදඪමඥපඵඪබර එකට ඇතුළත් වෙනවා. ඒඵබපධදධථර චදඤ ර්ථීතචදඥබචපර ඉජඪඥදජඥ ර්චණධප (තාරකා විද්‍යාව සහ ග්‍රහ තාරක) උපාධිය සඳහා. ලබන මාසයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පවත්වන විද්‍යාඥයන් 3000ක් සහභාගි වන වැඩමුළුවකටද සහභාගි වීමට මට අවස්ථාව ලැබී තිබෙනවා. ඛ්ධථථඪබබඥඥ ධට ඉනචජඥ අඥඵඥචපජඩ (ඛ්ර්ණීඉර්ථීඒඅ) නමින් හඳුන්වන මේ වැඩමුළුව මගේ ජීවිතයේ අමතක නොවන දින 10ක් වේ යැයි මා හිතනවා. මා අපේක්ෂා කළ ඉලක්කය වූ තාරකා විද්‍යාඥවරියක් වී ලංකාවට කීර්තියක් අත්කරදීම අතේ දුරට සමීප වීම ගැන මා අවංකවම සතුටු වෙනවා.

අන්තර්ජාලය ඔස්සේ මට හමුවන බොහෝ නංගිලා මල්ලිලා අජටාකාශ විෂයන් ගැන උනන්දුවෙන් කතා කරනවා. ඒ හැම දෙනාටම මා දෙන පණිවුඩය තමයි
“ඔබ සිහින දකින්න. ඒ සිහින සැබෑ කරගන්න. ආත්ම ශක්තිය ඇති කරගන්න. කුමන බාධක ආවත් ඉලක්කය අත්නොහරින්න. අභියෝග ජය ගන්න කැපවීම් කරන්න මැළිවන්න එපා. අධිෂ්ඨාන සහගතව ඉදිරියට යන්න ඔබට වරදින්නේ නැහැ”

අප මල්මි ප්‍රසන්දි දියණිය හමුවේ තැබූ අවසන් ප්‍රශ්නය වූයේ,

විශ්වයේ කිසියම් ස්ථානයක ජීවීන් සිටීද..?” යන්නයි. මේ ඇය ඊට දුන් පිළිතුරයි.

“අනිවාර්යයෙන්ම විශ්වයේ ජීවය පවතිනවා. එම ජීවය අප වැනි මනුෂ්‍යයන් යැයි නිශ්චිත කළ නොහැකියි. බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයන් 64ක් තිබෙනවා. ඉන් 4ක් ප්‍රධානයි. එයින් “යුරෝපා” යන චන්ද්‍රයාගේ පෘෂ්ඨයේ ක්ෂුද්‍රජීවීන් සිටින බව නාසා ආයතනය තහවුරු කරගෙන තිබෙනවා”

නාසා ආයතනය සිදුකරන සෞරග්‍රහ මණ්ඩල ගවේෂණයන් සඳහා වැය කරන්නේ ඇමෙරිකානු ෆෙඩරල් රජයට බදු ගෙවන ජනතාව බවත් එබැවින් ඔවුන් සොයාගන්නා දේ සහ ඔවුන්ගේ පර්යේෂණ සම්බන්ධව ජනතාව දැනගත යුතු අතර සෞරග්‍රහ මණ්ඩල වැඩසටහන් තානාපතිවරුන් පත්කරන්නේ ඒ සඳහා බවත් ඇය ප්‍රකාශ කළාය. නොදුරු අනාගතයේම ඇය නාසා තානාපතිවරියක ලෙස ලංකාවේ ප්‍රජාව දැනුවත් කරනු ඇත. අපි ඇයට සුබ පතමු.