කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි ප්‍රහාරයක්

2694

කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් හිමිනමක් ඊයේ රාත්‍රි වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ. ජීප් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කොට ඇති බව මේ වන විට අනාවරණයවී ඇත.

ස්වාමීන්වහන්සේලා ප්‍රතිකාර පිණිස දෙබරවැව රෝහල වෙත යොමු කොට තිබූ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහල වෙත යොමු කොට තිබේ.

විහාරාධිපති හිමියන් සහ තවත් හිමිනක් පියගැට පෙළක් බසිමින් සිටියදී සැඟසිටි පුද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම සිදු කොට මෝටර් රථයකින් පලා ගොස් තිබේ.

උන්වහන්සේලාගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

මෙම වෙඩි තැබීමට සම්බන්ධ මෝටර් රථය මේ වන විටත් අත්අඩංගුවට පත්ව ඇති අතර මෙම අපරාධකරුවන් ද අද දිනය තුළ අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන ගුණසේකර මහතා කියයි.