කටවහගෙන ඉන්නකෝ.මහත්තයටත් ඔහොමද?-සුජීව – මගේ මහත්තයා ඔය වගේ වටේ යන්නේ නෑ – දිල්කා

13463

දෙරණ 360 වැඩසටහනට ඊයේ සහභාගී වුණේ ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ.

මෙහිදී සාකච්ඡාවට ලක්වුණේ සුජීව සේනසිංහ අමාත්‍යවරයාට පසුගිය මැතිවරණ සමයේ මෙන්ඩිස් සමාගමෙන් ලබාදුන් බව කියූ චෙක්පත් සිද්ධිය සම්බන්ධයෙන්.

ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තු දෙරණ 360 වැඩසටහනේ එක් අවස්ථාවකදී සුජීව සේනසිංහ අමාත්‍යවරයා තම හඬ වෙනස් කරමින් ” ලබාගන්න, ලබාගන්න.. කට වහගෙන ඉන්නකෝ ප්‍රශ්නයක් ඇහුවම.. කට වහගෙන ඉන්නකෝ.. ගිරවා වගේ කියවනවා. පොඩ්ඩක් ඉවසගෙන ඉන්නකෝ.. ගෙදර මහත්තයටත් ඔහොමද..?”

මෙයට සුජීව සේනසිංහ අමාත්‍යවරයාට අපූරු පිළිතුරක් ලැබුණා.

ඊයේ පැවති දෙරණ 360 වැඩසටහන පුරාම පාහේ ඉතා උණුසුම් ස්වභාවයෙන් පැවති අතර වැඩසහටන මෙහෙයවූ දිල්කා හා චාපා වෙත අවස්ථා ගණනාවකදී අමාත්‍යවරයා චෝදනා එල්ල කලේය.

සමාජ මාධ්‍ය හරහා වැඩි කතාබහක් ඇතිකළ මෙම කතාවේ වීඩියෝව පහතින් නැරඹිය හැකිය.

ඊයේ ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සහභාගී වු දෙරණ 360 වැඩසටහන සම්පූර්ණ සංවාදය පහතින් නරඹන්න.