Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

හෝම් කමින් එකට මත්පැන් සහ දුම්වැටිවලට වියදම් වෙන මුදලෙන් අපූරු වැඩක් කරපු තරුණයෙක්

7889

අලූත ගෙනා මනාලිය නිවසට කැන්දාගෙන ඒම නිමිත්තෙන් පවත්වනු ලබන විවාහ මංගල උත්සවයට මත්පැන් සහ දුම්වැටිවලට වියදම් වෙතැයි අපේක්ෂා කළ මුදල උපයෝගී කොටගෙන මගී ආවරණයක්, තමා ඉගෙන ගත් පාසලට කුඩා ක්‍රීඩාංගණයක් හා ක්‍රීඩා මණ්ඩපයක් සාදා මනාලිය නිවසට කැන්දාගෙන ආ දා ජනතා අයිතියට පැවරූ අපූරු මනාලයකු පිළිබඳව පුවතක් අහුන්ගල්ල පතිරජාගම ගමෙන් වාර්තා වේ.

තම විවාහ මංගල දිනය දා මේ අපූරු සත්කාරය කළ ආදර්ශවත් මනාලයා අන් කවරකුවත් නොව අහුන්ගල්ල පතිරාජගම පදිංචි පිටියගේ මංජුල ප්‍රදීප් මහතාය.

Loading...

කොළඹ පෞද්ගලික සමාගමක සේවය කරන මංජුල මහතා ප්‍රේම සම්බන්ධතාවකින් පසුව කඩවත පදිංචි මහේන්ද්‍රා මාධවී සමඟ විවාහ ගිවිසගෙන සිය මනාලිය නිවසට කැන්දාගෙන ඒමට ප්‍රථම තමන්ගේ මංගල දිනය දා මත්පැන් හා දුම්වැටිවලට වියදම් වෙතැයි අපේක්ෂා කළ මුදල උපයෝගී කොටගෙන ඉදිකරන ලද තමා ඉගෙන ගත් කටුවිල කනිටු විදුහලේ සිසු සිසුවියන්ට කුඩා ක්‍රීඩාංගණයක්,

එයට අවශ්‍ය ක්‍රීඩා මණ්ඩපයක් හා පාසල ඉදිරිපිට මාර්ගයේ පාසල් සිසුන්ට මෙන්ම මගීන්ට ප්‍රයෝජනයට ගත හැකි මගී ආවරණයක් විවෘත කළේ තමන්ගේ විවාහ මංගල දිනය දා මත්පැන්, දුම්වැටි ආරාධිතයන්ට නොදී එම මුදලින් මෙවැනි සත්කාර්යයක් කළ පළමු ශ්‍රී ලාංකික මනාලයා ලෙස ඉතිහාසයට එක්වෙමින්ය.

මංජුල මහතා සිය මනාලිය තමන්ගේ නිවසට කැන්දන් යාමට පෙර තමන්ගේ ධන පරිත්‍යාගයෙන් සකස් කරන ලද මේ ක්‍රීඩාංගණය, ක්‍රීඩා මණ්ඩපය හා බස් මගී ආවරණය විවෘත කළේ මේ අවස්ථාවට එක්වූ සිය දහස් ගණනක ආරාධිතයන් හා ගම්වාසීන්ගේ සුභාශිංසන මධ්‍යයේය.

විස්තර ජායාරූප  අපිට එව්වේ මියුරු ජීවන්ත