අපිත් මෙහෙම හිටියට රංගේ බණ්ඩාරගේ පුතා වගේ තමා – වොඩ්කා බෝතලේ වතුර දාගෙන ගිය ළමයට බුකියේ කිව්ව කතා

2431

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර රිය අනතුරක් හේතුවෙන් රෝහල් ගත කර සිටිනවා.

සිය පියාගේ අමාත්‍යංශයට අයත් වාහනයක ගමන් කරමින් සිටියදි අදාල වාහනය මාර්ගයෙන් ඉවතට පැන අසල නිවසකටද හානි කරමින් මෙම අනතුර සිදුව තිබුනා.

මේ අතර මෙම අනතුරෙන් තුවාල ලබා රෝහල් ගතව සිටින යශෝධ රංගෙ බණ්‌ඩාරට ශල්‍යකර්මයක්‌ සිදුකරනවාද නැද්ද යන්න අද (11) තීරණය කරන බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂ සුසිත් සේනාරත්න මාධ්‍යයට පවසනවා.

අනතුරට ලක්‌වීම නිසා යශෝධ රංගෙ බණ්‌ඩාරගේ ගෙල ප්‍රදේශයේ අස්‌ථියක්‌ වෙනස්‌ වී ඇතිබව එම්.ආර්.අයි. පරීක්‍ෂණයකින් තහවුරු වී ඇති බවත් එම අස්‌ථි වෙනස්‌වීම නිසා ඔහුගේ බෙල්ල හැරවිය නොහැකිව දැඩි වේදනාවෙන් පෙළෙන බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා පවසනවා.

මේ වන විට ඔහුගේ ගෙල ප්‍රදේශයට ආවරණයක්‌ යොදා තිබෙන බවත් තරුණ බව නිසා ශල්‍යකර්මයකට නොගොස්‌ ගෙලට ආවරණයක්‌ දමා සුවකර ගැනීමට වෛද්‍යවරුන් දැඩි උත්සාහයක්‌ ගන්නා බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් එම රෝහලේ අධ්‍යක්ෂකවරයා මාධ්‍යයට පවසනවා.

ඒ අනුව මේ වන විට වේදනා නාශක ඇතුලු ඖෂධ කිහිපයක් ලබා දෙමින් සිටින යශෝධ රංගේ බණ්ඩාරට සැත්කමක් සිදුකරනවාද නැද්ද යන්න පිළිබදව අද තීරණය කිරීමට නියමිත බව ඔහු පවසනවා.

මේ අනතුර වෙන වෙලාවේ වාහනේ ඇතුලේ තිබිලා විදේශ මත්පැන් බෝතලයක්, කඩුවක් සහ යකඩ පොල්ලක් තිබ්බා.

මේ ගැන පාලිත ඇමතිතුමා නම් කිව්වේ විදේශ මත්පැන් බෝතලයේ තිබ්බේ වතුර කියලා. ඇමතිතුමාගේ මේ කතාවට බුකියේ රසවත් Post පලවෙලා තිබ්බා. මේ තියෙන්නේ ඒ ඔක්කොම පොස්ට්.