“පුහුණු වෙන්නවත් සල්ලි දීලා නෑ” දහසක් අඩුපාඩු මැද මවුබිම දිනවයි ජපානෙට ගිය අපේ දරුවන් ලක්මව රනින් සැරසවූ හැටි

901

ලක් මවට අභිමානයක් වෙමින් ආසියාවම ඉදිරියේ ශ්‍රී ලංකා මාතාව රනින් සැරසවීමට ශ්‍රී ලංකා කණිෂ්ඨ මළල ක්‍රීඩා කණ්ඩායම සමත් විය.

නොයෙකුත් බාධක අපහසුතා මැද ජපානයේ පැවති කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ, ශ්‍රී ලංකා කණිෂ්ඨ මළල ක්‍රීඩා කණ්ඩායමක් ඉතිහාසයේ වාර්තා කළ ඉහළම දස්කම වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

එහිදි ශ්‍රී ලංකා කණිෂ්ඨ කණ්ඩායම රන් පදක්කම් 3ක් සහිතව මුලු පදක්කම් 9 දිනා ගත්තේ ආසියාවේ දැවැන්ත රටවල් අභිබවා පස්වෙනි ස්ථානයට මවුබිම ඔසවා තබමිනි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට සෙසු රටවල් සාපේක්ෂව බලද්දි පවතින්නේ අවම සම්පත් ය. ඔවුන්ට අනුග්‍රාහකයන් නැත. මුදල් නොමැති නිසා විදෙස් පුහුණුවීම් අත් හැර ගත් මෙම කණ්ඩායමේ ක්‍රීඩකයන් පිළිබදවද වාර්තා වේ.

මළල ක්‍රීඩාව ජනප්‍රිය නැති, මළල ක්‍රීඩාවට නිසි පිලිගැනීම හෝ අනුග්‍රාහකත්වය නොලැබෙන තත්වයක් මත මවුබිම නියෝජනය කරමින් මවුබිම දිනවූ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්පතක් වන්නේ එබැවිනි. ක්‍රිකට් වැනි ක්‍රීඩාවන්ට ලැබෙනා මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් 1% ක ශ්‍රී ලංකා මළල ක්‍රීඩාවට නොලැබෙන බවට සැකයක් නැත.

නිමාවූ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය හමුවේ පරාජය විය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිනයේ කොදෙව් කණ්ඩායම හමුවේ ලකුණු 226ක දැවැන්ත පරාජයක් ලැබීය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ වැටුප් මෑතකදී තවත් වැඩි වූයේය. සියලූ සම්පත්, අනුග්‍රාහකත්වය පවතින ක්‍රිකට් ක්‍රීඩාව එලෙසින් පරාජයන් ලබද්දි ඒ කිසිවක් නොමැතිව කණිෂ්ඨ මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ ලබා ගත් ජයග්‍රහනයන්ට මවුබිමේ උපහාරය හිමි විය යුතුය.

මේ අනුව රන් පදක්කම් තුනක් රන් 3 ක් ( මීටර් 400 – අරුණ දර්ශණ , මීටර් 3000 – පාරමී වසන්ති , 400*4 – අරුණ , පසිඳු , නිකු , රවිශංක ) , රිදී පදක්කම් 4ක් ( අමාෂා – මීටර් 100 , 200 , පසිඳු මීටර් 400 , දිල්ෂි මීටර් 400 ) ලෝකඩ 2ක් (දිල්ෂි මීටර් 800 , 400*4 – දිල්ෂි , සචිනි , රොමේෂි , අමාෂා ) මවුබිමට හිමි විය.

වරෙක මේ ක්‍රීඩකයන් කීප දෙනෙකුටම ජැමෙයිකාවේ පුහුණුවට යාමට පහසුකම් ලැබී තිබියදී වීසා ලබාගැනීමේ ගැටළුවට පවා බළධාරීන් මැදිහත් වී නොමැති බවත් සදහන් ය. තරගාවලියේ මීටර් 100 බාළිකා සහය දිවීමේ කණ්ඩායමක් සහභාගී කරවූවා නම් බොහෝවිට අපිට තවත් පදක්කමක් උරුම වීමට තිබුනි. බලධාරීන්ගේ අමන පූර්ව නිගමනය අනුව එය අපිට අහිමි විය.

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී වසන්තී මාරිස්ටෙලා, ඓතිහාසික ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට සමත් වූවාය.

වයස අවුරුදු 20 න් පහළ බාලක බාලිකාවන් වෙනුවෙන් පැවැත්වෙන, කණිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී, ඇය මීටර් 3000 බාධක දිවීමේ බාලිකා ඉසව්වට සහභාගීවෙමින් අද දැක්වූ දක්ෂතාව මිනින්තු 10:21.54 කි එය පුද්ගලිකව ඇය වාර්තා කර ඇති හොඳම දක්ෂතාව ද වේ.

මෙය ඇය එම ඉසව්වෙන් මීට පෙර වාර්තා කර තිබූ හොඳම කාලය 10:37.33 තත්පර 15 කින් පමණ අලුත් කිරීමක් ලෙසද සැලකිය හැකිය.

මෙම තරගාවලියේදී මිට පෙරද ශ්‍රී ලංකාව වෙනුවෙන් ආසියානු කණිෂ්ඨ වාර්තාවක් සමගින් මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට අකුරම්බඩ වීරකැප්පැටිපොල වි අරුණ දර්ශන සමත් විය.

ශ්‍රී ලංකා කණිෂ්ඨ මළල ක්‍රීඩා කණ්ඩායම පිළිබදව ෆේස්බුක් සමාජජාලයේ පළව තිබූ නිර්මාණ කිහිපයක් පහතින්,