තව ස්වල්ප මොහොතකින් දිවුරුම් දෙන ඇමතිවරු මෙන්න

2290

එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් හයදෙනෙකුට අද  (සඳුදා) නියෝජ්‍ය ඇමති ධුර ලබාදීමට නියමිත බව වාර්තාවේ.

එජාප මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නිර්දේශය මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාදීමට නියමිත මන්ත්‍රීවරුන්ගේ නම් මේ වනවිට තීරණය කර ඇති බව ‘සිරිකොත’ එක්සත් ජාතික පක්ෂ මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය අමාත්‍යාංශ නියෝජ්‍ය අමාත්‍ය ධුරය නලින් බණ්ඩාර මහතාටත් , වතු යටිතල පහසුකම් ලකී ජයවාර්ධන , සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ධුරය රන්ජිත් අලුවිහාර , කර්මාන්ත හා වානිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය බුද්ධික පතිරණ  මෙන්ම මහා නගර හා බස්නාහිර නගර සංවර්ධන  අමාත්‍යාංශ සඳහා අජිත් මාන්නප්පෙරුම සහ අභයන්තර කටයුතු සහ වයඹ අමාත්‍යාංශය සඳහා එඩ්වඩ් ගුණසේකර ලෙස  නියෝජ්‍ය අමාත්‍යවරු හයදෙනෙකු පත් කිරීමට නියමිත බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මේ අතර හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක  කැබිනට් අමාත්‍ය ධුරයක්  අද  පිරිනැමීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.