මේ සතිය ඔබට සුබ වෙන්නේ මෙහෙමයි ( ජූනි 11 – ජූනි 17)

1540

මේෂ – පෙම්වතුන්ට සුබයි 
අය පක්ෂය නරක නැත. විදේශීය මූලාශ්‍රවලින්ද ආදායම් ලබන අයට වාසිදායකය. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකය. සෞන්දර්ය අංශය නිරතවූවන්ට සුබ සතියක් වනු ඇත. සති අග සිට වෘත්තීමය අංශවලට හිතකරය. විදේශීය ගමන් අපේක්ෂාවෙන් සිටින අයට කල්යෑම් ආදිය සිදුවේ. ප්‍රේමවන්තයන්ට හිතකර අවස්ථාවකි. පාසල් අධ්‍යාපනයට බාධා ඇති වේ. පාදයේ ආබාධ, උදරාබාධ ඉස්මතු වේ.

වෘෂභ – වාහන අනතුරු 
ප්‍රවාහන හා ගමනා ගමන වියදම් වැඩි නිසා අසීරුතාවට පත්වේ. සුඛෝපභෝගී දෑ ගැනීමට බො‍හෝ වියදම් දරයි. උසස් අධ්‍යාපනයට දැඩි බාධා එල්ල වේ. වාහන අනතුරු ප්‍රවණතාවක් ඇත. ව්‍යාපාරිකයන් ආයෝජන වැඩියෙන් යොදයි. තම වෘත්තියෙන් හිමිවිය යුතු හිඟ මුදල් ලැබේ. දුර බැහැර මෙන්ම විදේශීය සංචාර ද යැවේ නීති ප්‍රශ්න නඩු හබ ආදියටද මුහුණදීමට සිදුවිය හැක. මව් පාර්ශ්වයෙන් ලැබෙන උරුම හිමිකම්ද ලැබේ. දියවැඩියාව, අධිරුධිර පීඩනය ඇතිවිය හැක.

මිථුන – විදෙස් මූලාශ්‍රවලින් ආදායම් 
හවුල් ව්‍යාපාරවලට සුබ නැත. ප්‍රවාහන, ගමනා ගමන වාසි ඇත. ඒ සඳහා පහසුකම්ද ලැබේ. වෘත්තිමය කටයුතුවල වෙනස්කමකට පසුබිම සෑදිය හැක. වාහන ගනුදෙනු ඇති අයට වාසිදායකය. අනියම් සබඳතා හේතුවෙන් පවුලේ ගැටුම් ඇතිවිය හැක. විදේශීය මුලාශ්‍රවලින් ආදායම් ලබන අයට මේ සතිය හිතකරය. කොන්ත්‍රාත් ව්‍යාපාරකරුවන්ගේ වැඩ ආදායම්ද ඇණහිටිය හැක. සෞන්දර්ය කලා ක්ෂේත්‍රයේ නිරතවූවන්ට හොඳ කාලයකි. දියවැඩියාව, රුමෙටික් ආබාධ ඉස්මතු වේ.

කටක  – අධ්‍යාපනයට බාධා 
විශේෂයෙන්ම ශාස්ත්‍රීය ලිපි ලේඛන කටයුතු ආදිය අවසන් කරගැනීමට අපහසු වෙයි. බලාපොරොත්තු වන දුර බැහැර ගමන්ද විදේශීය ගමන්ද කල්යැවේ. තම සේවා ස්ථානයේ සහෝදර සේවක ප්‍රශ්නවලදී මූලිකත්වය ගෙන ක්‍රියා කිරීමට සිදුවේ. ප්‍රවාහන, ගමනා ගමන පහසුකම් ලබයි. උසස් අධ්‍යාපනයට බාධා ගෙන දේ. එහෙත් කැපවීමෙන් පවත්වාගෙන යයි. පාසල් අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දේ. මන්දගාමී වෙයි. කලා ක්ෂේත්‍රයේ නිරත වූවන්ට හිතකර වේ. සමේ රෝග ඇති වේ.

සිංහ – ප්‍රභූන් හා ගැටුම් 
ප්‍රභූන් හා ආයතන ප්‍රධානීන් සමඟ ගැටුම් සිදුවිය හැක. ලේඛන ග්‍රන්ථකරණය ආදී කලා ක්සෞත්‍රවල වැඩ ගොඩ ගැසේ. නොමැතිනම් ඇනහිටීම් සිදුවිය හැක. සෞන්දර්ය ක්ෂේත්‍රයේ නියුතුවූවන්ට හිතකර සතියකි. අධ්‍යාපනය මඟහැරේ. විදේශ ගමන් ඇත්නම් ඒවා කල් යැවේ. ගැබිනි මාතාවන් ප්‍රවේශම් විය යුතුය. අය විය යුතු මුදල් ප්‍රමාදයට භාවිතය වේ. විශේෂයෙන්ම බැංකු ගනුදෙනු අඩාල විය හැක. ආමාශ, හදවත් රෝග ඉස්මතු විය හැක.

කන්‍යා – හදිසි මුදල් වාසි 
අපේක්ෂා ඉටුකර ගැනීම් තවදුරටත් ප්‍රමාද වේ. කාර්යයන් දිග් ගැස්සෙයි. පාසල් අධ්‍යාපනයට අවහිරතා ඇති වෙයි. හදිසි මුදල් වාසි ද ඇත. තෑගි බෝගද ලබයි. ප්‍රවාහන, ගමනා ගමන පහසුකම් ලැබෙනු ඇත. සෞන්දර්ය ක්ෂේත්‍රයේ නිරතවූවන්ට හිතකර කාලයකි. අය විය යුතු මුදල් ප්‍රමාද වේ. ගෘශස්ථ කරදර ඉස්මතු වේ. ළය පීනස, රුමැටික් ආබාධ මතු වේ.

තුලා – ව්‍යාපාරවල ප්‍රගතියක් 
මඟුල් තුලා කටයුතු සාර්ථකය. ව්‍යාපාරවල ප්‍රගතියක් පෙන්වයි. කලාවේ නිරතවූවන්ට ප්‍රසිද්ධිය සහ පිළිගැනීම ලැබේ. පාසල් අධ්‍යාපනයට හිතකර කාලයක් නොවේ. උසස් අධ්‍යාපනයේ නිරතවූවන්ටද ප්‍රගතියක් නැත. පෙම්වතුන්ට සුබයි. තම සේවා ස්ථානයේ කටයුතු පැහැරහැරීමක් සිදුවිය හැක. වාහන හා ප්‍රවාහන පහසුකම් ලබයි. අසල්වැසියන් වෙනුවෙන් ඉදිරිපත් වෙයි. රුධිර පීඩනය ඉස්මතු වේ.

වෘශ්චික – ප්‍රසිද්ධියට පත්වේ 
යෙදූ ආයෝජනයක් ඇත්නම් එහි ප්‍රතිඵලය ලබයි. ප්‍රවාහන, ගමනා ගමන වියදම් වැඩිය. සුඛෝපභෝගී දෑ මිලට ගැනීමට යොමුවේ. දානමය පුණ්‍ය කටයුතු ආදියට වියදම් කරයි. ලේඛන ග්‍රන්ථකරණයේ නිරතවූවන්ට තම කාර්යය ගොඩගැසේ. සෞන්දර්යයේ අයට ප්‍රසිද්ධියට පත්විය හැකිය. වියදම් අධික වේ. ස්ත්‍රි පාර්ශ්වය සමඟ ගැටුම් ඇති වේ. හිසේ ආබාධ, උගුර, බෙල්ලෙ ආබාධ ඇති වේ.

ධනු – විදෙස් ගමන් 
පෙම්වතුන්ට යම් යම් ආබාධ පැමිණේ. එහෙත් අසුබ සතියක් නොවේ. කලාවේ නිරතවූවන්ට හිතකර කාලයකි. අපවාද අවලාද ලැබිය හැක. පාසල් අධ්‍යාපනය දුබල විය හැක. වැඩිමහල් සහෝදරියගෙන් උපකාර ලබයි. විදේශ මූලාශ්‍රවලින් මුදල් ලබන අයට මේ සතිය වාසිදායකය. අපේක්ෂිත විදෙස් ගමන් සති අග සිට යෙදේ. සමේ රෝග, උගුර අමාරු ඇතිවිය හැක.

මකර – පාදලේ ආබාධ 
සුඛෝපභෝගි දෑ වෙනුවෙන් අධික වියදමක් දරයි. වාහන විකිණීමේ ව්‍යාපාරවල නිරතවූවන්ට වාසිදායකය. ලිපි ලේඛන වැඩ අවසන් කිරීමට අධික වෙහෙසක් දරයි. ග්‍රන්ථකරණයේ නිරතවූවන්ටද පීඩනයක් ඇති වේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ මඟහැරයෑම්වලට ලක්වේ. බලාපොරොත්තු වන විදේශ ගමන් සති අග සිට ක්‍රියාත්මක විය හැක. පෙම්වතුන්ට සුබ කාලයකි. කෙටි ගමන් යෙදේ. පාදයේ ආබාධ, දක්ෂයේ ආබාධ ඇති විය හැක.

කුම්භ – මුදල් ප්‍රමාද 
පාසල් අධ්‍යාපන කටයුතු මෙන්ම උසස් අධ්‍යාපන කටයුතුවලද ප්‍රගතියක් පෙන්වයි. යෙදූ ආයෝජනයක ප්‍රතිලාභ ලැබේ. ප්‍රවාහන පහසුකම් ලබයි. යාන වාහන පිළිබඳ ගනුදෙනු ඇති අයට ලාභ ලැබිය හැකි සතියකි. පෙම්වතුන්ට සුබය. අසල්වැසියකු හා ප්‍රේම සබඳතාවක් ඇතිවිය හැක. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට වාසිදායක සතියකි. ප්‍රවාහන, ආපන ශාලා ක්ෂේත්‍රයේ අයට සුබ සතියකි. බැංකු කටයුතු අඩාල වේ. ඒ නිසා මුදල් ප්‍රමාදයන්ට ලක්විය හැක. කලාවට සුබ සතියකි.

මීන – අධ්‍යාපනයේ පසුබෑමක් 
හිඟ මුදල් ලැබීමේ වාසනාව ඇත. හදිසි ධන හානිද පෙන්වයි. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට වාසිදායකය. ප්‍රවාහන පහසුකම් ලබයි. වාහන මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටි අයට හිතකර කාලයකි.සුඛෝපභෝගී දෑ සඳහා වියදම් කරයි. ස්ත්‍රීන්ගෙන් උපකාර ලබයි. රැකියාවේ උසස්වීම් අපේක්ෂා කළ හැකිය. විදේශ ගමන් යෙ‍ෙද්. පාසල් අධ්‍යාපනයේ පසුබෑම්වලට ලක්වේ. හිසේ සෙම් රෝග ඇතිවිය හැකිය.