අනතුරෙන් පස්සේ රංගේ බණ්ඩාරගේ පුතා ආණ්ඩුවෙන් ගත්ත පිං පඩියත් මාට්ටු

3851

වාර්මාර්ග හා ජල සම්පත් කළමණාකරන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කර ඇත්තේ එම අමාත්‍යාංශයේ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන පාලිත රංගෙ බණ්ඩාර මහතාගේ පුතා බව ඊයේ අධිකරණය හමුවේ හෙළිවිය.

ඒ ඔහු ගමන්කළ වාහනය අනතුරකට ලක්වීම හේතුවෙනි.ඔහු ගමන්ගත් වාහනය වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍යාංශයට අයත් බව එම අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්. කපිල ජයසේකර මහතා ඊයේ (08දා) ආරච්චිකට්ටුව පොලීසියට දැනුම් දි ඇත.

කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේ යශෝධ බීමත්ව රිය පදවා ඇති බවත් කඩුවක් ළඟ තබාගනිමින් තහනම් පිහි ආඥා පනත යටතේ වරදක් කර ඇති බවටත් යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

බීමතින් කැබ් රථයක් පදවා හලාවත බංගදෙණිය කොට්ටපිටිය ප‍්‍රදේශයේ නිවසකට අලාභ හානි සිදු කළැයි අත්අඩංගුවට ගත් පුත්තලම දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර මහතාගේ පුත් යශෝධ රංගේබංඩාර ජුනි 12 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට නුගේගොඩ වැඩබලන මහේස්ත‍්‍රාත් තිස්ස විජේරත්න මහතා ඊයේ (8) නියෝග කළේය.