සීදුව සකුරා නායක අජිත් විතානගේ සියල්ල හෙළි කරයි

2434

සීදූව නම ලෝකෙටම අරගෙන ගිය සීදූවෙන් බිහිවෙච්ච ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් තමා සීදුව සකුරා.

එහි නායකයා වන්නේ අජිත් විතානගේ.

වසර 27ක් පුරාවට ලංකාවේ කළා ක්ෂේත්‍රයේ ඉහලින්ම වැජබෙන සංගීත කණ්ඩායමක් ලෙසට සිදුව සකුරා සංගීත කණ්ඩායම අප කවුරුත් දන්නවා

ඒත් හදිස්සියේ සීදුව සකුරා කණ්ඩායමේ නායක අජිත් අයියා අපිට කතා කළා.

ඒ පසුගිය දින සීදුවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක නායකයෙක් කරපු මිනිමරුමක පුවතක් සම්බන්ධව.

සීදුවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක නායකයෙක් කියා හැම පුවත් වෙබ් අඩවි රැසක මේ පුවත පළවුනා.

මේ වන විට බොහෝ දෙනෙක් වැරදි අවබෝධයක් තමන් පිලිබදව ඇති කරගෙන කියලයි අජිත් අයියා කිවේ.

මොකද සීදුව කිව්වහම රටම දන්නේ සකුරා සංගීත කණ්ඩායමයි.

වැඩිදුරටත් කරුණු දක්වමින් අජිත් විතානගේ කිවේ තමන් කිසිම දවසක එවැනි පහත් ක්‍රියාවක නියෙලන බවත්.

වසර 27 පුරාවටම සංගීත කණ්ඩායම කාගෙන්වත් කිසිම දවසක චෝදනාවක් නොලැබූ ලංකාවේ එකම සංගීත කණ්ඩායම ලෙස තමන් ආඩම්බර වන බව පැවසුවේය.

මේ හේතුවෙන් අජිත් විතානගේ මහතාටත් ,සීදුව සකුරා සංගීත කණ්ඩායමටත් යම් අපහසුතාවක් වුනා නම් “හොඳම ගොසිප්” අපේ බලවත් කණගාටුව මෙයින් ඉල්ලා සිටිමු.