Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

සැමගේ නෙතට කදුළු ගෙනෙමින් මාධ්‍යවේදී හේම නලීන් ජාතියෙන් සමුගනියි

1194

ප්‍රවීන මාධ්‍යවේදියෙකු මෙන්ම ජනප්‍රිය නිවේදකයකු වූ අභාවප්‍රාප්ත හේමනලීන් කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08) පෙරවරුවේ සිදුකෙරුණි.ඒ බොරැල්ලේ පොදු සුසාන භූමියේදීයි.

මාධ්‍යවේදී හේමනලීන් කරුණාරත්න මහතාගේ මාලඹේ, මිල්ලගහවත්ත පාරේ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ දේහය ඊයේ(07) උදෑසන කොළඹ පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන ආවේය.

Loading...

ඒ මහතාගේ දේහය අද පෙරවරු 9.30 දක්වා මහජන ගෞරවය සඳහා එම ස්ථානයේ තැන්පත් කර තිබුනු අතර පසුව ආදාහන කටයුතු සිදුකිරීම සඳහා දේහය බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන යනු ලැබීය.

අවසන් කටයුතු සිදුවූ අවස්ථාවට මාධ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන බොහෝ පිරිසක් මෙන්ම එතුමන්ගේ ඥාතීන්ද සහභාගී වූ අතර පෙරවරු 11.45ට පමණ අදාහන කටයුතු සිදුකර අවසන් කෙරුණි.

මියයන විට 56 වන වියේ පසුවූ ප්‍රවීන මාධ්‍යවේදී හේමනලීන් කරුණාරත්න මහතාගේ මරණයට හේතුව මොළයේ නහරයක් පිපිරී සිදුවූ ලේ වහනයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුගියදා අනාවරණය විය.

1983 වසරේදි පුහුණු වන නිෂ්පාදන සහකාරවරයකු ලෙස ජාතික රූපවාහිනි සේවයට එක් වු හේමනලින් කරුණාරත්න මහතා පසුව එහි සහකාර අධ්‍යක්ෂ ධුරය දක්වා උසස්වීම් ලැබූ අතර අනූව දශකය අගභාගයේ ජාතික රූපවාහිනය ඔස්සේ විකාශය වූ 9.05 වැඩසටහනින් අතිශය ජනප්‍රියත්වයට පත් විය.

පසුව ඔහු ස්වර්ණවාහිනී ආයතනය සමග සම්බන්ධ වූ අතර එහි දී ද කැපීපෙනෙන මාධ්‍ය මෙහෙවරක නිරත වූයේ එම නාලිකාව එවකට ඉහළටම ඔසවා තබමිනි.

පසුව ස්වර්ණවාහිනී ආයතනයෙන් ද ඉවත් වූ ඒ මහතා HTV නාළිකාව ආරම්භ කළ අතර මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට ආශාවෙන් සිටි තරුණ තරුණියන් දහස් ගණනකට සිය ශිල්ප ඥාණය ද ලබා දීමට ඉදිරිපත් වූවේය.

හේම නලීන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන අවස්ථාවේ දී ඔහුගේ සිසු සිසුවියන් බොහෝ දෙනෙකු අතිශයින් හැඟුම්බර වනු දක්නට ලැබුණි.