රංගගේ පුතා අත්අඩංගුවට – ගැලවීමක් නැ මෙන්න චෝදනා

982

රජයේ දේපලක් සාපරාධී සාවද්‍ය පරිහරණය, බීමත්ව රිය පදවා රිය අනතුරක් කිරීම, කඩුවක් සන්තකයේ තබාගෙන තහනම් පිහි ආඥා පනත යටතේ වරදක් කිරීම යන චෝදනා මත රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගෙ බණ්ඩාර පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට ආරච්චිකට්ටුව පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

යශෝධ රංගෙ බණ්ඩාර පසුගියදා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ආමාත්‍යාංශයට අයත් වාහනයකින් ගමන් කරන විට අනතුරකට ලක්විය.

පසුගිය දා  හලාවත – පුත්තලම මාර්ගයේ බංගදෙනිය – කෝට්ටපිටිය මං සන්ධියේදී අතුරු මාර්ගයක සිට පැමිණි කැබ් රථය පාලනය කර ගැනීමට නොහැකිව කෝට්ටපිටිය මං සන්ධියේ පිහිටි නිවසක් තුළට කඩා වැදී තිබෙනවා.

මේ අනතුරෙන් නිවස සහ නිවසේ බඩු වලටද දැඩි හානි සිදු විය,මිට අමතර පෙර අවස්ථා දෙකකදී රිය අනතුරු සිදු කර ඇති අතර ඒවායින් එකකදී ජීවිතයක්ද අහිමි වී ඇත.