පාර්ලිමේන්තුවේ හැමෝම සහයෝගය දෙනවා නම් දුප්පත් අයට මංගල දෙන්න යන සුපිරි සහනය මෙන්න

1470

පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රිවරුන්ගේ අනුමැතිය ලැබෙනවා නම් ගල් අරක්කු මිල අඩු කළ හැකි බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැසුවේය.පොඩි මිනිහා පාවිච්චි කරන ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ යුතු බව තමාද අදහස් කරන බව සමරවීර මහතා පැවැසුවේය.

සමරවීර ඇමැතිවරයා මේ සඳහන කළේ සුරාබදු ආඥාපනත යටතේ ඉදිරිපත් වූ නිවේදන තුනක් පිළිබඳව පැවැති විවාදයේදීය.හිදී වැඩිදුරටත් කියා සිටියේ මත්පැන් පානය කරනව නම් සෞඛ්‍යට හානි නොවන ආකාරයට බියර් වයින් පානය කිරීම සඳහා බොන අයට යම් සහන ලබාදිය යුතු බවත්, මුදල් ඇමතිවරයා ලෙස තමාගේ පෞද්ගලික විශ්වාසය බියර් හා වයින් බලපත්‍ර ලබාදීම වඩාත් ලිහිල් කළ යුතු බව යැයිද සමරවීර මහතා කීය.

වීඩියෝව පහතින් නරඹන්න