Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

නීති විරෝධී වැඩ මින් ඉදිරියට බෑ – ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් 6ක් අත්අඩංගුවේ

11037

ව්‍යාජ ලියකියවිලි සහ ගුවන් ගමන් බලපත්‍ර යොදාගනිමින් පුදගලයින් ඉතාලියට ඇතුල් කිරීමේ මහා පරිමාණ ජාවාරමක යෙදුනු ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු පලේර්මෝ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 2016 දෙසැම්බර් මස 31 වෙනිදා පෝලන්තයේ සිට පැමිණි අයෙක් පලේර්මෝ ගුවන්තොටුපලේදී ප්‍රශ්න කිරීමෙන් පසු අඛණ්ඩව පොලිසිය කරන ලද පරීක්ෂණ වලදී මේ සියලු කරුණු අනාවරණය වී ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජාතිකයින් වන Mary Amalanayaki Bosco Chandrakumar, Chandrakumar Anthiresu Bosco, Anton Nitharsan David Anton Winsilo, Prashanth Chandrasegaram, Jerade Alosius Alphonse e Dukeshikanth Edwerd Selvarasa, යන අයයි.

Loading...

නීති විරෝධී ලෙස ඉතාලියට ඇතුල් කිරීම සදහා යුරෝ 28 දහසක් දක්වා ගෙවන ලැබූ පුද්ගලයන් සිටින බවද ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර භාවිතා කිරීම තුළින් මෙසේ ප්‍රංශයේ සහ ස්විස්ටර්ලන්තයේ ඉතාලි දේශසීමාව ඉතාලියට පුද්ගලයින් ඇතුල් කර ඇත. පොලිස් ජංගම කණ්ඩායම අත්අඩංගුවට ගැනීමෙන් පසු පලේර්මෝ අධිකරණ විමර්ශන මහේස්ත්‍රාත් විසින් මෙවුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කර ඇත.

මේ සම්බන්ධව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදෙස් පරිදි සිසිලියේ ශ්‍රී ලංකා කොන්සියුලර් ඌගො වස්සාල්ලෝ මහතා අත්අඩංගුවට පත් අය ගැන විස්තර ශ්‍රී ලංකා රජයට දැනුම් දීම සදහා පලේර්මෝ ප්‍රධාන පොලිස් මුලස්ථානයට ගියත් පරීක්ෂණ අවසන් වන තුරු කිසිම තොරතුරක් ලබා දිය නොහැකි බව පවසා ඇත.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ ගන්නා ලද සහ පුද්ගලයින්ගේ ඡායාරූප පහතින් නරඹන්න