ඇමති පුතා හැංගිලා, නිතිය වල් වැදිලා – මෙන්න අනාථ කරපු දරු පවුල් වල සම්පුර්ණ විස්තර

4248

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාරගේ පුතා බීමත්ව අධික වේගයෙන් රිය පැදවීම නිසා අනතුරක් සිදුවුනා. හලාවත  පුත්තලම මාර්ගයේ බංගදෙණිය ප්‍රදේශයේදී සිදුවුන මෙම අනතුරින්  නිවසට දැඩි හානි සිදුවුන අතර අමාත්‍යවරාගේ පුත්‍රයාටද තුවාල සිදුවුනා. කෙසේ වෙතත් හානි වූ නිවසේ හිමිකරු සඳහන් කලේ තමන්ට වන්දියක් ලබා දෙන තුරු  අනතුරට පත්වූ කැබ් රථය ඉවත් කර ගැනීමට ඉඩ ලබා නොදෙන බවයි.

එසේම අමාත්‍යවරයාගේ පුත්‍රයා පැදවූ කැබ් රථය අමාත්‍යවරයා කලින් කටයුතු කල  නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට අයත් බවයි පරීක්ෂණ වලින් අනාවරණය කරගෙන තිබෙන්නේ. එසේම අනතුර සිදුවන අවස්ථාවේදී කැබ් රථය තුල තිබී විදෙස් මත්පැන් බෝතලයක් මෙන්ම කඩුවක් සහ මුඟුරක්ද  සොයා ගෙන තිබෙනවා.

මීට පෙරද අමාත්‍යවරයාගේ පුත්‍රයා විසින්  ආණමඩුව ඉගිනිමිටිය ප‍්‍රදේශයේ දී එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනෙකුට තුවාල කරමින් අනතුරක් සිදුකර තිබූණා. මේ අතර ඔහුගේ අතින් සිදුවුනු තවත් අනතුරකින් ආනමඩුව ප්‍රදේශයේ දෙදරු පියෙකු මිය ගොස් තිබුණා‍ෙ.එම අවස්ථාවේදීද ඔහු තමන් පැදවූ රිය නොනවත්වා දාවනය කර ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් මේ වන තෙක් අමාත්‍යවරයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ ආරච්චිකට්ටුව පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂන සිදුකරන බවයි. කෙසේ නමුත්   රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත‍්‍රයා ප‍්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබුණද තවමත් ඔහු නිවස වෙත පැමිණ නැති බවයි වාර්තා වන්නේ.

පසුගිය කාලය පුරා ඔහු සිදුකල මෙම රිය අනතුරු වල වීඩියෝ දෙකක් ඔබට පහතින් නැරඹිය හැක