Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

හෘදයාබාධයක් නොවෙයි! මරණ පරීක්ෂණයේ දී හෙළි වූ දේ මෙන්න – දේහය නිවසට රැගෙන එයි

3645

ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්නගේ මරණයට හේතුව මොළයේ නහරයක් පුපුරා යාම බවට හෙළි වී තිබෙනවා.මීට පෙර සැක කෙරුණේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගිය බවටයි.

දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකෙරුණේ කොළඹ ජාතික රෝහලේ පිහිටි පොලිස් මෘත ශරීරාගාරයේදීයි.මොළයේ නහරයක් පුපුරා ගොස් සිදුවූ අභ්‍යන්තර ලේ වහනයක් හේතුවෙන් ඔහු මරණයට පත්ව ඇති බව එහි දී අනාවරණය වූවා.

Loading...

මාළඹේ – මිල්ලගහවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේ කාමරයක මියගොස් සිටියදී හේමනලින් කරුණාරත්න මාධ්‍යවේදියාණන්ගේ දේහය ඊයේ දහවල් සොයා ගැණුනා.පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිය නිවසට පැමිණ ඇති ඔහු පසුදා දහවල්වන තුරුම ඉහළ මහලේ පිහිටි සිය කාමරයේ ‍ දොර විවෘත කර නැහැ.

එම නිසා ඔහු පිළිබඳව සොයා බැලීමට ඉණිමගක් ඔස්සේ කාමරය වෙත ගිය නිවැසියන්ට දේහය සොයාගත හැකි වූවා.
අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 56 ක්.ජාතික රූපවාහිනිය ඔස්සේ සිය මාධ්‍ය ජීවිතය ඇරඹූ හේම නලීන් මාධ්‍යවේදියාණන්, එම නාලිකාව ඔස්සේ 90 දශකයේ විකාශය වූ 9.05 වැඩසටහන හරහා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූවා.

පසුව ස්වර්ණවාහිනී ආයතනයට සම්බන්ධ වී කැපී පෙනෙන මාධ්‍ය මෙහෙවරක නිරත වූ ඔහු ඉන් අනතුරුව දිවයිනේ නාළිකා රැසකට සම්බන්ධ වී කටයුතු කළා.තමන්ගේම රූපවාහිනී නාලිකාවක් ලෙස HTV නාලිකාව ආරම්භ කොට මියයන තුරුම එම නාලිකාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ හේම නලීන් ඒ හරහා, මාධ්‍ය ක්ෂේත්‍රයට හිතැති සිය දහස් ගණනක් වූ ආධුනිකයින්ට සිය ශිල්ප ඥාණය නොමසුරුව ලබා දීමට ද කටයුතු කළා.

මේ වන විට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හේමනලීන් කරුණාරත්න මහතාගේ දේහය  එතුමාගේ මාලඹේ මිල්ලගහවත්ත පාරේ තුන් වන පටුමගේ පිහිටි නිවසේ තැන්පත් කර ඇත. ජායාරූප පහතින් නරඹන්න