ගොසිප්

ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලීන් කරුණාරත්න මහතා අභවප්‍රාප්ත වෙයි – Breaking News

ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතා මීට සුළු මොහොතකට කලින් අභාවප්‍රප්ත වුණා. ඔහු රූපවාහිනී නාලිකා කිහිපයකම වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, නිවේදකයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් විදියට කටයුතු කරා.

ජනතා ආකර්ෂණය දිනාගත් මෙම ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතා ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශනය වූ 9.05 මෙවැනි වාර්තා වැඩසටහන ඔස්සේ ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණා.

කලක් විදේශගතව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණි  මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතා තමන්ගේම වාර්තා වැඩසටහන් ඉදිරිපත් කරන නාලිකාවක් ලෙස Heart TV යන නමින් පවත්වා ගෙන යනු ලැබුවා.

අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙන බව සඳහන්.එකල අතිශයින් ජනප්‍රිය ජාතික රූපවාහිනියෙන් විකාශනය වූ 9.05 වැඩසටහනෙන් කොටසක් පහතින් නරඹන්න.

හොදම ගොසිප් අපි එතුමන්ට නිවන් සුව පතමු !