ඉතාලියේ පීසා හී ඇලවුණු කුලුනේ වාර්තාව ශ්‍රී ලංකාව හිමිකර ගනී ?

2156

ජනමාධ්‍යවේදී නාරද විජයසුරිය මහතා තම ෆේස්බුක් පිටුවේ හරි අපූරු  සටහනක් තබා තිබුනා.එනම් වැල්ලම්පිටියේ බස් නැවතුම් පොලක් වසර ගණනක් තිස්සේ ගරා වැටීමට ලක් වී ඇති බවත්.ඉතින් මේ කතාව නාරද මහතාගේ වචන වලින්ම පහතින් නරඹන්න

පීසා හී ඇලවුණු කුලුනේ වාර්තාව ශ්‍රී ලංකාව හිමිකර ගනී

ඉතාලියේ පීසා කුලුනේ ඇලය අංශක 3.9 ක් විය .ඊටත් වඩා ඇලයකින් යුත් ඉදිකිරීමක් ශ්‍රී ලංකාවේ වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් ලෝක පුදුම අතරට එක්වී ඇත .

මේ බස් නැවතුම්පොළේ ආනතිය 12.6° ක් වන අතර ඉදිකර වසර කිහිපයකින් මෙසේ වාර්තාගත ලෙස ඇලවීමට පටන් ගෙන ඇත .

ප්‍රදේශයේ පළාත් සභා මන්ත්‍රීන් ගේ ආරාධනයෙන් , පලාතේ මන්ත්‍රීවරුන් ගේ අවධානයෙන් , ගරු ඇමති වරුන්ගේ අනුග්‍රහයෙන් , අගමැති වරුන්ගේ උපදේශකත්වයෙන් , ජනාධිපති වරුන්ගේ අධීක්ෂණයෙන් දැනට වසර 10 ක් තිස්සේ කොළඹ සංචාරක ආකර්ෂණයක් ලෙස මෙම නැවතුම්පොළ පවත්වාගෙන යයි .

දේශීය සංචාරකයින්ගේ ජනප්‍රිය නැවතුමක් ලෙස දැනට නොමිලයේ එහි ඇතුල් වී මොහොතක් ගත කිරීමේ අවස්ථාව ඇති අතර විශේෂත්වය වන්නේ ගොඩ නැගිල්ලේ වහලයට යොදා ඇති සෙවිළි තහඩු ක්‍රි.ව.2000 සිට තවමත් නොදිරා පැවතීමයි .

මේ සුවිශේෂ බස් නැවතුම්පොළ ඇති ප්‍රදේශය යුනෙස්කෝ ලෝක උරුමයේ කොටසක් ලෙස නම් කරවා ගතහොත් විදේශ සංචාරකයන් ගෙන් මෙය නැරඹීම සඳහා ගාස්තුවක් අය කර ගැනීමෙන් මහ බැංකු බැඳුම්කර පාඩුව අවම කරගත හැකි බව ඇලෝසියස් මහතා සහ ඒ මහතාගෙන් නඩත්තු වන ජාතියේ මුර දේවතාවන් විසින් අදහසක් ඉදිරිපත් කර ඇත .

සංස්කෘතික අමාත්‍යාංශය යටතට පවරාගෙන මෙය නගා සිටුවීමට ගත් උත්සාහයට විරෝධය පා පෙළපාලියක් සහ දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ .

මා වාහනය ඇතුලේ සිට නිර්භීතව මේ චයාරුපය ලබා ගන්නා අවස්ථාවේ ඒ තුල රැඳී සිටි ජනතාව අභිමානවත් ලෙස බස් රථයක් එනතුරු අපේක්ෂා සහගතව සිටි අයරු දැක ගත හැකි විය !

නාරද විජයසූරිය