මේ සතිය ඔබට සුබ වෙන්නේ මෙහෙමයි ( ජූනි 04 – ජූනි 10)

836

මේෂ – ස්ථාන මාරු 
වෘත්තීමය ක්ෂේත්‍රවල චංචලභාවයක් ඇතිවේ. වෙනස්කම් ඇතිවෙයි. ස්ථාන මාරුවීම්වලට ඉඩකඩක් ඇත. සති අග වන තෙක් හදිසි ධන වාසි පෙන්වයි. සෞන්දර්ය කලාකරුවන්ට හිතකර සතියකි. අය පක්ෂයේ පසුබෑමක් නැත. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකවේ. අපේක්ෂිත විදේශ ගමන් කල්යයි. බැංකු කටයුතු අඩාල විය හැක. පුණ්‍ය කටයුතුවල නිරතවේ. පාසල් අධ්‍යාපයට දැඩි අවහිරතා සෙම් රෝග ඇතිවෙයි.

වෘෂභ – වාහන අනතුරු 
පාසල් වෙනස්වීමකට ඉඩකඩක් ඇත. වාසස්ථාන මාරුවීමේ ප්‍රවනතාවක් ද පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපන කටයුතුවල දැඩි බාධා අවහිරතා ඇත. වාහන අනතුරක් පෙන්වයි. හදිසි ගමන් ඇතිවේ. බහුවිද ආදායම් මාර්ග කරා යොමුවිය හැක. පෙම්වතුන්ට සුබ කාලයකි. දුර බැහැර විදේශ ගමන්වලට අවස්ථාව උදාවේ. මූලාශ්‍රවලින් ආදායම් ලැබෙන්නන්ට හිතකර කාලයකි. කලාවට සුබවේ. දියවැඩියා, වකුගඩු රෝග ඉස්මතුවිය හැක.

මිථුන – රුධිරගත දෝශ 
හදිසි ධන වාසි ඇත. ස්ත්‍රීන්ගෙන් උදව් ලැබේ. හවුල් ව්‍යාපාරවලට අවහිරතා හා අභියෝග ඇත. අය පක්ෂය දැඩි බාධා මධ්‍යයේ ගොඩනැගේ. කට වරද්දා ගැනීම නිසා අවාසිදායක විය හැක. යුග ජීවිතයේ ගැටුම් පෙන්වයි. කලා ක්ෂේත්‍රයේ නිරතවූවන්ට අධික වියදම් දැරීමට සිදුවේ. සුබසාධක කටයුතුවල යෙදීමට පෙළඹේ. සුඛෝපභෝගී දෑ සඳහා වියදම් කරයි. රුධිර දෝෂ සිදුවිය හැක.

කටක – සමගිය දෙදරයි 
අසහනයට පත්විය හැක. සෙම් රෝග ජීවිතයේ ක්‍රියාකාරකම්වලට බාධා කරයි. ගන්නා ආයාසයන් කල්යෑම්, දිග්ගැස්සීම්වලට භාජනය වේ. හවුල් ව්‍යාපාර කටයුතුවලට සුබ කාලයක් නොවිය හැක. පවුලේ සමගිය දෙදරයි. කලාවේ නිරතවූවන්ට සැනසිලිදායක අවස්ථාවක් උදාවේ. කෙටි ගමන්, දුර ගමන් යෙදේ. ඒවා නිසි ප්‍රයෝජන වේ. නිදන්ගත රෝගයක් මතුවිය හැක. ළය පීනස ඉස්මතුවේ.

සිංහ – ප්‍රතිවාදීන් සමඟ ගැටුම් 

කලාවේ නිරතවූවන්ට හිතකර කාලයකි. වෘත්තීමය ක්ෂේත්‍රයේ හදිසි වෙනස්කම් ඇතිවේ. වාසස්ථාන ගැටලු ඇතිවිය හැක. පාසල් අධ්‍යාපනයට හිතකරය. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවලට බාධා අභියෝග එල්ලවේ. ප්‍රතිවාදීන් සමඟ ගැටුම් ඇතිවිය හැක.ඉඩකඩම් ගැටලු මෙහිදී මූලික වේ. ව්‍යාපාර, අඩමාන ව්‍යාපාර බාරගැනේ. හදිසි ධනවාසි පෙන්වයි. විදේශ ගමන් ප්‍රමාද වේ. රුමෙන්ටික් ආබාධ ඇතිවිය හැක.

කන්‍යා – අපේක්ෂා ඉටුවේ 
සැලසුම් හා කාර්යයන් සුලු කාලපරාසයක් තුළ වෙනස් කරයි. හදිසි දුරබැහැර ගමන්, විදේශීය ගමන් යෙදේ. අය විය යුතු මුදල් ප්‍රමාදයට භාජනය වේ.වෘත්තීමය කටයුතු සති අග සිට සාර්ථක විය හැක. අධ්‍යාපනයට සුබ සතියකි. තම අපේක්ෂා ඉටුකර ගැනීමට දැඩි ආයාසයක් ගතයුතුව ඇත. තලතුනා මිතුරන්ගෙන් උදව් ලබයි. උදරාබාධ ඉස්මතුවේ.

තුලා – හදිසි ධන වාසි 
වෘත්තීමය මට්ටමින් බාධක ඇතිවේ. රැකියා තත්ත්වයේ වෙනස්වීමකට ද කටයුතු යෙදේ. දුර බැහැර ගමන් ඇත. ප්‍රවාහන පහසුකම් ලබයි. විදේශ ගමන් අපේක්ෂා කරන්නන්ට හිතකර සතියකි. හවුල් ව්‍යාපාරවල අවාසිදායක තත්ත්වයක් නැත. ආදායමේ උස්පහත්වීමක් මේ සතිය පුරා ඇත. ඉඩකඩම් පිළිබඳ ගැටලුවක් මතුවිය හැක. හදිසි ධනවාසි ඇත. ප්‍රේමවන්තයන් රැවටිලිවලට භාජනය වේ. වකුගඩු ආබාධ ගැන සැලකිලිමත්වන්න.

වෘශ්චික – අධ්‍යාපනයේ ප්‍රගතියක් 
හදිසි දුර බැහැර ගමන් යෙදේ. එසේම වන්දනා ගමන් මෙන්ම විදේශීය ගමන් ද ඇතිවිය හැක. සුඛෝපභෝගී දෑට මුදල් වියදම් කරයි. ප්‍රවාහන වියදම් ද අධිකය. හදිසි ධන හානි ඇතිවිය හැක. පාසල් අධ්‍යාපනයට එතරම් සුබදායි තත්ත්වයක් නැත. උසස් අධ්‍යාපනයට යම් ප්‍රගතියක් පෙන්වයි. කලාවට නරක නැත. යුග දිවියට බාධා ඇතිවේ. රුධිර දෝෂ, සතුන් දෂ්ඨකිරීම් ආදිය ඇතිවෙයි.

ධනු – ස්ත්‍රීන්ගෙන් උදව් 
පාසල් අධ්‍යාපන කටයුතුවලට බාධා ඇත. උසස් අධ්‍යාපන කටයුතු ද දුෂ්කර වාතාවරණයක් යටතේ කිරීමට සිදුවේ. ප්‍රවාහන පහසුකම් ලබයි. හවුල් ව්‍යාපාරවලට දුෂ්කරය. ස්ත්‍රීන්ගෙන් උදව් උපකාර ලැබේ. තම සේවා ස්ථානයේ වෙනස්කම් සිදුවිය හැක. උය පක්ෂයේ වාසිය රඳවා ගැනීමට අසීරු වේ. පෙම්වතුන්ට දැඩි බාධා ගෙනදේ. ආමාශ ආශ්‍රිත ආබාධ වැළඳිය හැක. එබැවින් ප්‍රවේශම් වන්න.

මකර – යුග දිවියට බාධා 
සුඛෝපභෝගී දෑට අධික වියදමක් දරයි. ප්‍රවාහන වියදම් ද අධික‍වේ. සැලසුම් වරින්වර වෙනස් විය හැක. කලාවට හිතකර කාලයකි. පෙම්වතුන්ට තම සිතැඟියාවන් කරා යා හැකිය. මඟුල්තුලා කටයුතුවලට අවහිරතා ඇතිවේ. යුග දිවියේ යහපැවැත්මට ද බාධා පැමිණේ. අපේක්ෂිත විදේශ ගමන් යා හැකිය. හිසේ රෝගාබාධ ඉස්මතුවේ. බෙල්ලේ, උගුරේ ආබාධ ද ඇතිවිය හැක.

කුම්භ – දුර බැහැර ගමන් 
අධ්‍යාපනය සාර්ථකවේ. විදේශිය මූලාශ්‍රවලින් ලබන ආදායමක් වෙතොත්, එහිද ප්‍රගතියක් පෙන්වයි. වෘත්තීමය වෙනස්කම් සිදුවිය හැක. යෙදූ ආයෝජන ඇත්නම් ඒවායේ ප්‍රතිලාභ ලැබෙනු ඇත. දුර බැහැර ගමන්, විදේශීය ගමන් යෙදේ. හදිසි රෝහල්ගතවීමක් පෙනේ. තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අතිරේක වැයවීම් සිදුකරයි. ගෘහස්ථ වෙනස්කම් සිදුවේ. ළය ‍පීනස, සෙම් රෝග, ඇතිවිය හැක. ප්‍රවේශම් වන්න.

මීන – උසස්වීමක් ඇතිවේ 
වෘත්තීමය වශයෙන් හිමි මුදල් ලැබීම් ප්‍රමාද විය හැක. පාසල් අධ්‍යාපනය දැඩි බාධක මධ්‍යයේ ආයාසයෙන් පවත්වාගෙන යෑමට සිදුවේ. උසස් අධ්‍යාපනයට සාර්ථක සතියකි. කලා ක්ෂේත්‍රයේ නිරතවූවන්ට හිතකර කාලයකි. තම රැකියාවේ හදිසි වේතන වැඩිවීමක් හෝ උසස්වීමක් බලාපොරොත්තු විය හැක. ප්‍රවාහන පහසුකම් ලබයි. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට මේ සතිය සුබ වේ. සෙම් රෝග ඇතිවිය හැක.