Uncategorized

ඉතිහාස ගත ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදීන්ගේ බිහිසුණු අපරාධයට වසර 31යි

මුලු මහත් රටම කම්පාවට පත් කළ ශෝකජනක සිදුවීමකට අදට වසර 31ක් සපිරේ.

Loading...

රුදුරු කොටි ත්‍රස්තවාදීන් විසින් 1987 ජුනි 2 වැනිදා අම්පාර අරන්තලාවේ සිදු කළ භික්‌ෂු ඝාතනය තවමත් ශ්‍රී ලාංකිකයන් සංවේදි කරවීමට සමත් සිදුවීමක් ය.

කොටි ත්‍රස්තවාදීන් සිදු කළ අරන්තලා සමූල ඝාතනයෙන් බෞද්ධ භික්‌ෂූන් 33 ක්‌ හා සිවිල් වැසියන් සිව් දෙනකුද ඝාතනය විය. මින් වැඩි දෙනා කුඩා සාමනේර භික්‌ෂූන් වහන්සේලා ය

අම්පාර දීඝවාපී විහාරයේ සිට කැලණිය රජ මහා විහාරයට වන්දනා ගමනක්‌ යැමේ අරමුණින් බස්‌රියක ගමන් කරමින් සිටි එම බෞද්ධ භික්‌ෂූන් වහන්සේලාට නුවරතැන්න ගම්මානය අසලදී විස්‌සකට අධික කොටි ත්‍රස්‌ත කණ්‌ඩායමක්‌ ප්‍රහාර එල්ල කළහ.

බස්‌රියට ගොඩ වූ ත්‍රස්‌තයෝ එම බස්‌රිය අරන්තලාව වනයට ගෙන යන ලෙස නියෝග කිරීමෙන් පසු එම භික්‌ෂූන් පිරිස කඩුවලින් කපා දමමින් වෙඩි තබා මිලෙච්ජ ලෙස ඝාතනය කරනු ලැබිණ.

Loading...

ඝාතනය වූ භික්‍ෂූන් වහන්සේලා අතර විද්‍යානන්ද පිරිවෙනේ අධිපති හෑගොඩ ඉන්ද්‍රසාර හිමියන්ද විය. මෙහිදී භික්‌ෂූන් වහන්සේලා තිදෙනෙකු දිවි ගලවා ගැනීමට සමත් වූහ. එහෙත් ඔවුන් බරපතළ තුවාල ලබා තිබිණි.

මේ අතර ඝාතනය කරන ලද හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නාහිමියන් ඇතුළු හිමිවරුන් තිස්‌එක්‌ නම සිහිකිරීම නිමිති කොටගෙන අරන්තලාව බෞද්ධ මධ්‍යස්‌ථානයේදී ඊයේ (1දා) කුල දරුවෝ 31 දෙනෙක්‌ සසුන්ගත කර තිබේ.

මෙම කුල දරුවන් පැවිදි කිරීම නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක පාදාගොඩ පුරාණ රජමහා විහාරාධිපති තලාගංගොඩ ධම්මරතන හිමියන්ගේ සහ සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක ඉන්ද්‍රරත්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්ව තිබේ.

2013 වසරේදී එම භික්‌ෂූන් වහන්සේලා ඝාතනය වූ බස්‌රිය භාවිත කර අනුස්‌මරණ කටුගෙයක්‌ ස්‌ථාපිත කරනු ලැබීය. ඉන් මිලෙච්ඡ ඝාතනය පිළිබිඹු කරයි.

Related Posts