ගොසිප්

පණපිටින් සිටි කත හෝමාගම රෝහලේදී මෝචරියට – ඔබත් දැනුවත් වෙන්න හරියටම මැරිලා කියලා කියන්නේ මෙහෙමයි

හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක මියගිය බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීමෙන් පසුව දේහය මෘතශරීරාගාරය වෙත රැගෙන යාමේදී නැවත ‘පණ ආ‘ පුවතක් වාර්තා වේ.

Loading...

පසුගිය 24 හෝ එම ආසන්න දින මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ කොට්ටාව මත්තෙගොඩ නිවාස සංකීර්ණය ආසන්නයේ පිහිටි කිරිගම්පමුණුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි දෙදරු මවකි.

උදරාබාධයක් හේතුවෙන් ඇය හෝමාගම රෝහලට ඇතුළත් කර තිබිණි. එහිදී වෛද්‍යවරුන් රෝගියා පරීක්ෂා කර බලා මූලික ප්‍රතිකාර ලබාදී ඇත. අනතුරුව හෙදියක් එම රෝගියාට එන්නතක් ලබාදී තිබේ. ඉන් පසු රෝගියා සිහිසුන් වී ඇති අතර ඇය පරික්ෂා කළ වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ රෝගියා මිය ගොස් ඇති බවයි.

මියගිය ගිය බව පැවැසෙන කාන්තාවගේ සමීප ඥාතීන් සෙසු දැනුම් දිය යුතු අයටද මරණය සැලකර ඇත. දේහය මෘතශරීරාගාරයට දැමීමට පෙර පැයකට වැඩි වේලාවක් රෝගී ඇඳ මතම තිබෙන්නට හැරීමෙන් අනතුරුව සිරුර ට්‍රොලියකින් මෘතශරීරාගාරය වෙත රැගෙන යාමේදී මියගියා යැයි වෛද්‍යවරුන් නිගමනය කළ කාන්තාවගේ පාදයක් යාන්තමින් සෙලවෙනු දුටු ඇයගේ ඥාති සහෝදරියක් කෑගසා දේහය මෘතශරීරාගාරයට දැමීම වළක්වා තිබේ.

පසුව එම රෝගියා ඥාතීන් විසින් නිවසට රැගෙන යන ලදුව මේ වනවිට පෞද්ගලික ප්‍රතිකාර සඳහා යොමු කොට ඇත.

Loading...

කෙසේ වෙතත් ඇයගේ තත්ත්වය ඒ තරම් සතුටුදායක නොවන බව ඥාතීහු පවසති.

සිද්ධියෙන් කම්පනයට පත් රෝගියාගේ ඥාතීන් ප්‍රකාශ කරන්නේ රෝගියකු මියගිය බව නිගමනය කිරීමට පෙර හෝමාගම රෝහ‍ලේ වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මීට වඩා සැලකිල්ලකින් හා වගකීමකින් කටයුතු කළ යුතු බවය.

ජීවත්ව සිටින පුද්ගලයෙකු සායනික වශයෙන් මිය ගිය බව තහවුරු කෙරෙන නිර්නායක් කිහිපයක් තිබේ. ඉන් පලමු වැන්න වෙද නලාවට හෘදය ස්පන්දනය සංවේදී නොවීමය. දෙවැන්න නාඩි ඇණ හිටීමය. තුන්වැන්න රුධිර පීඩනය බින්දුවට බැසීමය. මේ සියළු දෙයින් වුව මරණය සායනිකව තහවුරු නොවේ.

ඉන් පසුව එය වඩාත් තහවුරු කර ගැනීම පිණිස මියගිය තැනැත්තාගේ ඇසක් විවෘත කර එතුළට විදුලි පන්දමක් වැනි දෑකින් අලෝක ධාරාවක් එල්ල කෙරේ. එවිට ඔහු හෝ ඇය සිහිසුන්ව සිටින්නේ නම් එම ආලෝකයට ඇසේ බබා (Pupil) සංවේදී වී එය හැකිලෙන ස්වභාවයක් ගනු ඇත.

එසේ නොවී ඇසේ බබා නිසල ලෙස විස්තාරණය(Dilate) වී තිබේ නම් ඉන් ඇඟවෙනුයේ එම තැනැත්තාගේ මොළය අක්‍රීවී ඇති බවය. මොළය අක්‍රීය වීම යනු ඒකාන්තයෙන්ම මරණයට පත්වීමකි.

මෙවන් තත්වයක් තුළ රෝගියාට කරනු ලබන සියළු ප්‍රතිකාර නතර කරන වෛද්‍යවරු එම සිරුර වාට්ටුවේ පසෙක (බොහෝ විට සුදු රෙද්දකින් වසා) පැය දෙකක පමණ කාලයක් තිබෙන්නටම හරිනු ඇත. ඒ එම සිරුරේ මෘත ලක්ෂණ පහළ වන තුරුය.

එහිදී පලමුව එම සිරුරේ උෂ්ණත්වය පහළ බැසීම (Algor mortis) සහ සිරුර පුරා ගමන් කළ රුධිරය යම් යම් ස්ථාන වල රුදී තිබීම (Livor mortis) සහ සිරුරේ ලිහිල් මාංශ පේෂීන් ඝනීභවනය වීම (Rigor Mortis) ආදී ලක්ෂණ මුල් කොට එම තැනැත්තා මිය ගොස් ඇති බව වෛද්‍යවරයාට පුර්ණ වශයෙන් නිගමනය කිරීමට හැකිවනු ඇත.

එම රෝගීයාගේ මරණය පිළිබඳ මරණ සහතිකය නිකුත් කරනුයේ එය මෘත දේහය මෘතශරීරාගාරය වෙත යොමු කරෙනුයේත් ඉන් පසුවය.

එහෙත් ප්‍රායෝගිකව ඉහත සඳහන් විද්‍යාත්මක ක්‍රම මගින් සායනික වශයෙන් මරණය තහවුරු කරන ඇතැම් වෛද්‍යවරු එහි අවසන් නිගමයන ගැනෙන මෘත ලක්ෂණ කෙරෙහි උනන්දුවක් පළ නොකොට ඉහත සඳහන් සෙසු නිර්නායක මගින් පමණක් මරණය සහතික කරති.

එහෙත් ඉහත සඳහන් තත්වයන් තුළ වුව යමෙකු ‘පණ හැංගුණ‘ පසුබිමක් තුළ ජීවතුන් අතර සිටිය හැකිය. එය හැදින්වෙනුයේ ප්‍රාණය පිළිබඳ අවිනිශ්චිතතාව (Suspended Animation) යනුවෙනි.

කෙසේ හෝ එවනි තත්වයන් අතිශය දුලබ වන අතර වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත් කම හේතුවෙන් මෙතෙක් ජීවත්ව සිටින කිසිවෙකුත් මළවුන්ගේ ගොඩට ඇද දමා නොමැති බවට සහතිකයක් දීමට මෙලොව කිසිදු වෛද්‍යවරයෙකුටවත් නුපුලුවන.

Related Posts