දේශපාලන

මහින්දගේ හෙලිකොප්ටරය ගැන ජනපති කියූ කතාව වසර 2කට පසු වෙනස් වෙයි (වීඩියෝ)

අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වැනි ජන්ම දිනය සැමරුම වෙනුවෙන් කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ පැවැති උත්සවයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිදුකළ කතාව මේවන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.

Loading...

පසුගිය වසර තුන ඇතුළත සිදු වූ දේවල් පිළිබඳව දැඩි අයුරින් ජනාධිපතිවරයා අදහස් පළ කළ අතර සහ ඒ සම්බන්ධයෙන් තමන් වෙත නැගෙන චෝදනාවලට ඔහු පිළිතුරු ද ලබා දුන්නා.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයෙන් පරාජය වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හට තංගල්ලට යාම සඳහා හෙලිකොප්ටර් ලබා දීම පිළිබඳව ජනාධිපතිවරයා ඊයේ දැක්වූ අදහස් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ ඔහු විසින්ම මීට වසර 2කට පමණ පෙර පළ කළ පරස්පර ප්‍රකාශයක් හේතුවෙන්.

2016 වසරේ අප්‍රේල් මස 09 වැනි දා මොණරාගල ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තංගල්ල බලා යාමට හෙලිකොප්ටරයක් ලබා දුන්නේ තමා විසින් බවයි.

එහෙත් ඊයේ දිනයේ ජනාධිපතිවරයා චෝදනා කළේ එම හෙළිකොප්ටරය ලබා දී තිබුණේ තමාගේ අනුදැනුමකින් තොරව බවයි.

Loading...

https://www.facebook.com/hodamagossip/videos/225329068052970/

 

Related Posts