ඉතාලියේ ශ්‍රී ලාංකිකයින්ගේ සෝ සුසුම් මැද රිය අනතුරෙන් මිය ගිය තරුණයා සමුගනියි

2765

පසුගිය දින සමාජ ජාල මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහට ලක් වූ ඉතාලියේ හදිසි අනතුරකින් සමුගත් තරුණයා අද දින අවසන් කටයුතු ඉතාලියේ කතානියා නගරයේදී සිදු කරනු ලැබුවා.මිය යන විට වයස අවුරුදු 24ක්  වූ චින්තන ධනංජය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදී සිසුවෙකි.

නාරම්මල ,කඩහපොල ප්‍රදේශයේ පදිංචි රැකියා සදහා ඉතාලියට පැමිණ මොහු දෙමාපියන් සමග වාසය කර ඇති අතර අවසන් වරට මීට සති කීපයකට පෙර ලංකාව පැමිණි අතර ඒ පවුලේ විවාහ මංගල උත්සවයක් සදහා සහබාගි වීමටයි.

පසුගිය සදුදා අලුයම මිතුරෙකුගේ පියෙක් හදිසියේ අසනීප වීම නිසා රැ වැඩ අවසන් කර රෝහලට ගොස් එම පියාගේ සුවදුක් විමසා ගෙදර යාමට තම යතුරු පැදියෙන් පැමිණෙන විට මේ අවාසනාවන්ත රිය අනතුර සිදු විය.

ඉතාලියේ කතනියා ,මෙස්සිනා ,සිරකුසා විහාරවාසි සියලුම භික්ෂුන් වහන්සේලා මෙන්ම කතානියා නගරයේ ශ්‍රී ලංකා පියතුමන්ද, සිසිලි ශ්‍රී ලංකා කොන්සියුලර්වරයාද සහබාගි විය. කතානියා නගරයේ වාසය කරන විශාල ශ්‍රී ලංකිකයින් ඇතුළු ඉතාලි ජාතිකයන්ද දැඩි ලෙස මෙම මරණය සම්බන්ධව කම්පාවට පත් වූ අතර විශාල පිරිසක් අවසන් කටයුතු සදහා සහබාගි විය.

සොයුර චින්තන ධනංජය ඔබට නිවන් සුව ලැබේවා !

ස්තූතිය ජයාරූප – වීඩියෝ
ප්‍රගීත් පෙරේරා
ප්‍රසාද් මදුරංග