ගොසිප්

මෛත්‍රී ජනපති වන බවට අනාවැකි කී පළමු ජෝතිර්වේදියා, නාත්තන්ඩියේ පී.ඩි පෙරේරා සියදිවි නසාගනී

දිවයිනේ ප්‍රකට ජෝතීර්වේදියෙකු මෙන්ම දේශපාලන අනාවැකි පළකරන්නෙකු වූ නාත්තන්ඩියේ පී ඩි පෙරේරා මහතා සියදිවි නසාගෙන ඇති බව වාර්තාවෙයි.

Loading...

“මියගොස් ඇති මාගේ ස්වාමි පුරුෂයා රජයේ ප්‍රබල ඇමැතිවරයකු සමඟ සම්බන්ධකම් පවත්වමින් සිටියා. එනිසා ඔහු පුද්ගලයන් රට යැවීමේ කටයුතු කළ බවත් දැන ගැනීමට ලැබුණා.”යැයි ප්‍රකට ජේ‍යාතිෂවේදියකු වූ නාත්තණ්ඩිය ධම්මිස්සර මාවතේ පදිංචිව සිටි පී.ඩී. පෙරේරා මහතාගේ මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමින් ඒ මහතාගේ බිරිය වන ආර්.පී. කුමාරි මැණිකේ මහත්මිය පැවැසුවාය.

ජේ‍යාතිෂවේදී පී.ඩී. පෙරේරා මහතා පෙරේදා (28දා) සවස මීගමුව කට්ටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබිණි.ඒ පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණය ඊයේ (29දා) පෙරවරුවේ මීගමුව නාගරික හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා ඉදිරියේ පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් සාක්‍ෂි දෙමින් කුමාරි මැණිකේ මහත්මිය මෙසේද කීවාය.අප දෙදෙනා විවාහ වී වසර විසි හයක් වෙනවා. අපට දරුවන් නැහැ. මගේ සැමියා පුද්ගලයකුගෙන් රුපියල් ලක්‍ෂ 28ක මුදලක් ණයට ලබාගෙන තිබුණා. අපරාධ විමර්ශන අංශය මඟින් ඒ සම්බන්ධයෙන් විභාග කළා. ඉන්පස්සේ ඒ මුදල මේ මැයි 31 වැනිදා වන විට ඒ පුද්ගලයාට ගෙවීමට නියම කර තිබුණා.

එය ගෙවා දමන්නේ කෙසේදැයි ඔහු පසුගිය කාලයේ කල්පනා කරමින් සිටියා. ඒ ණය මුදල ගෙවා දැමීමට නොහැකිව සිත්තැවුලෙන් සිටි නිසා මෙලෙස දුම්රියට පැන සියදිවි හානි කරගන්නට ඇතැයි සිතනවා”.බොරලැස්ස ලුණුවිල පදිංචි ලයනල් පෙරේරා මහතා (57) සාක්‍ෂි දෙමින් මෙසේ පැවැසීය.

Loading...

මගේ පුතා කට්ටුව දුම්රිය ස්ථානය භාරව කටයුතු කරනවා. මම දුම්රිය ස්ථානයේ සහායකයකු ලෙස අවශ්‍ය වේලාවලදී සේවය කරනවා. මම පෙරේදා (28දා) සවස 5.45ට පමණ දුම්රියපොළේ ‍ෙදාර ළඟ සිටියා. රේල් පාරට ආසන්නව අලිගැටපේර ගහ යට මිනිසෙක් වාඩිවී සිටියා දැක්කා. මම හිතුවා දුම්රිය මගියෙක් කියලා. සවස 6.00ට පමණ කොළඹ සිට හලාවත දෙසට යන ශීඝ්‍රගාමී දුම්රිය ගියා. එය කට්ටුව දුම්රියපොළේ නවත්වන්නේ නැහැ.

ඒ මොහොතේ දඩාස් ගාලා එකපාරටම ශබ්දයක් ඇසුණා. පසුව මම දැක්කා දුම්රියට කෙනෙක් පැන ඇති බව. රේල්පාර ආසන්නයේ වාඩිවී සිටි තැනැත්තා මෙසේ දුම්රියට පැන ඇති බවට විශ්වාස කරනවා.මෙම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය මීගමුව රෝහලේදී ඊයේ (29දා) පැවැත්වීමට නියමිතව තිබිණි.

පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව සලකා බලා මරණයට හේතුව ප්‍රකාශ කරන බව හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා පැවැසීය.

පුවත්පත් රැසකට ජෝතිෂ්‍ය ලිපි පළකළ නාත්තන්ඩියේ පී ඩි පෙරේරා මහතා දේශපාලන ආනාවැකිකරුවෙකු වශයෙන්ද ප්‍රසිද්ධියක් ඉසිලීය.2015 ජනාධිපතිවරණය පිළිබඳවද ප්‍රබල අනැවකි රැසක් පළකල ඒ මහතා වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පදවියට පත්වන බවට සඳහන් ඛල ප්‍රථම ජෝතිර්වේදියාද විය.

එමෙන්ම 2015 මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුවද ඔහුට අගමැති වීමේ හැකියාවක් නැති බවටද ඔහු අනාවැකි පළකොට තිබූණි.2010 ජනපතිවරණයෙන් සරත් ෆොන්සේකා මහතා පරාජය වන බවත්, ඔහුට හිරේ විලංගුවේ වැටීමට සිදු වන බවත්, ඉන් පසු ඔහු සිරකල අය විසින්ම නිදහස් කරන බවත් ඔහු කියා තිබුණි.

ෆොන්සේකා මහතාට නැතිවූ සියලු වරප්‍රසාද 2015 අප්‍රේල් වන විට ලැබෙන බව ද පීඩී පෙරේරා මහතා 2015 මහ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමඟ ආණ්ඩු කරන බවද ඔහු සඳහන් කර තිබුණේය.

(ජෝතීර්වේදි නාත්තන්ඩියේ පී ඩි පෙරේරා මහතා කල දේශපාලන අනාවැකි නැරඹීමට පහලට යන්න)

 

Related Posts