මිතුරාගේ පියාගේ සුව දුක් විමසා රෝහලේ සිට නිවසට පැමිණි තරුණයා ඉතාලියේ දී නොයෙන ගමන් යයි

1770

ඉතාලියේ කතානිය නගරයේ දී  සිදු වු රිය අනතුරකින් ශ‍්‍රි ලාංකික තරුණයෙක් මියගොස්  ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ ගම්පහ පදිංචි එම් චින්තන ධනංජය (24)  නැමති තරුණයෙකි .

ඊයේ (28) අලුයම  මෙම  අනතුර සිදු වී ඇත.

මියගිය තරුණයා රැකියාව කර පසුව තම මිතුරෙක් ගේ පියෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බැවින් රෝහලට ගොස්  සුව දුක් විමසා තම ස්කුටරයෙන් නිවෙස බලා එමින් සිටියදි කතානියා නගරයේ හතරමං හන්දියකදි වෙනත් මාර්ගයකින් ආ ලොරි රථයක් ගැටී මෙම අනතුර සිදු වි ඇති බව කතානියා නාගරික පොලිසිය පවසයි.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබු ලාංකික තරුණයා එම ස්ථානයේම මියගොස් ඇති බව කතානියා නාගරික පොලිසිය සඳහන් කළේය.

කාලයක සිට ඉතාලියේ රැකියාව කරන මෙම තරුණයා ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ආදි සිසුවෙකි.

අවසන් කටයුතු හෙට සවස කතානියා පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි