සයුරෙන් එහා පුවත්

ප්‍රකට නිළි ගීතා මියයයි – පවුලේ අය අවමඟුලට පැමිණීමෙන් වළකියි

ප්‍රකට බොලිවුඩ් නිළියක්‌ වූ ගීතා කපූර් අභාවප්‍රාප්ත විය. මියයන විට ඇය 67 හැවිරිදි වියේ පසුවිය. පකිසා චිත්‍රපටය ඇතුළු චිත්‍රපට 100 ක රඟ පෑ ගීතා කපූර් මියගියේ මුම්බායි වැඩිහිටි නිවසකදීය.

Loading...

ගීතා කපූර්ගේ පුත්‍රයා වේෂ නිරූපන ශිල්පියකුවන අතර දියණිය ගුවන් සේවිකාවකි.

මේ දරු දෙදෙනාම තම මව බැලීමට කිසිදිනෙක පැමිණියේ නැත.

එහෙත් චිත්‍රපට නිෂ්පාදක අශෝක්‌ පණ්‌ඩිත් ඇගේ රෝහල් බිල් ගෙවාදමමින් සහාය වී තිබේ.

ගීතාගේ සිරුර ඇගේ දරු දෙදෙනා එනතුරු පාලේ රෝහලේ තැන්පත් කළා. එහෙත් ඔවුන් ආවේ නැහැ යයි පණ්‌ඩිත් කීවේය.

Loading...

මියයාමට දින කීපයකට පෙර ගීතා පැවසුවේ තම පුත්‍රයා වූ රූපා කපූර් තම ගිණුමේ ඇති මුදල් සියල්ල ලබාගත් බවයි.

 

Related Posts