ක්‍රිඩා පුවත්

ක්‍රිකට් ක්‍රීඩාවට ලකුණු 8 පහර හදුන්වා දෙයි – ලකුණු ලැබෙන විදිය මෙන්න

වාණිජකරණයට ලක්වීමත් සමග ක්‍රිකට් ක්‍රීඩාව විවිධ වෙනස්කම් වලට ලක්වෙමින් පවති. පිතිකරුවන්ට හිතකර නව නිතී, අඩු කාලයක් තුල අවසන් වන තරග මේ වෙනස්කම්හි ප්‍රධානත්වයක් ගන්නවා. මේ අතර ක්‍රිකට් ක්‍රීඩාවේදි ලකුණු අටේ පහරක් හදුන්වා දිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.

Loading...

සුප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයකුද වන ඩීන් ජෝන්ස් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. ‘ස්ටාර් ස්පෝර්ට්ස්’හී වැඩ සටහනකට සහභාගී වෙමින් ඩීන් ජෝන්ස් යෝජනා කරන්නේ, මිටර 85 වඩා දුරකට පන්දුව යන පරිදි එල්ල කෙරෙන ලබන පහරක් සඳහා ලකුණු 6ක් නොව ලකුණු 8ක් පිරිනැමිය යුතු බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වන ඩීන් ජෝන්ස් පවසා සිටියේ “8 පහර කදිමයි. ඔවුන් ක්‍රිස් ගේල්ට සහ සියලුම ප්‍රහාරකයන්ට ආදරය කරනවා. හරියට ගෝල්ෆ් වලදී ටයිගර් වුඞ්ස් සහ රොරි මැක්ලෝරි මිටර 350 වඩා ඈතට යන්න පහර දෙනවා වගේ”.

“තරගය තියෙන්නේ උච්චතම අවස්ථාවේ නම්, ඔවුන්ට අවශ්‍ය ලකුණු 8ක් නම්, මිටර 85 වඩා දුරකට පන්දුව යැව්වානම් හරි. ඔබ හිතන විදියට ක්‍රිස් ගේල් වෙන්න පුඑවන්, ඔන්ඩි්‍ර රසල් හරි කිරන් පොලාඞ් වෙන්න පුඑවන්. ඔවුන් එවිට එය ලබා ගනීවී” යනුවෙනි.

Loading...

Related Posts