දේශපාලන

ජෙනට් ෂැඩික්‍ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මම්පිලව හැදුන් වු විශේෂ නාමය

පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මම්පිල මහතා අංක එකේ සොරෙක් බව ශ්‍රි ලංකාවේ ඕස්ට්‍රේලියානු ආයෝජක බ්‍රයන් ෂැඩික් මහතාගේ බිරිද වු ජැනට් ෂැඩික් මහත්මිය පවසනවා.

Loading...

තමන් වසර ගණනාවකට පෙර ශ්‍රි ලංකාවේ ආයෝජනය කරන අවස්ථාවේදි වයස අවුරුදු 20 ක් පමන වු කාර්යාල සෙවකයෙක් බවයි ඇය විසින් උදය ගම්මම්පිල මහතාව හදුන්වනු ලැබුවේ.

ජෙනට් ෂෙඩික් මහත්මිය අද පෙරවරුවේ කොළඹ දි පැවැත් වු ප්‍රවෘත්ති සාකච්ඡාවක දි මේ බව කියා සිටියා.

මේ වන විට දේශපාලනඥයෙකු ලෙසින් සිටින උදය ගම්මම්පිල මහතාගේ ක්‍රියා කාලපයෙන් ශ්‍රි ලංකාවේ ආයෝජනය කළ ඔස්ට්‍රේලියානු ඩොලර් මිලයන 7 ක් පමණ නැති වු බවයි ඇය පවසන්නේ. උදය ගම්මම්පිල දැන් දේශපාලකයෙක් වුවත් ඔහු සිය දේශපානය ආරම්භ කලේ තමන්ගේ ඩොලර් මිලියන ගණනාවක් සොරකම් කරමින් බවත් ඇය කියා සිටියා.

මේ වන විට හොද තත්වයක් ශ්‍රි ලංකාව තුළ ඇති බවත් වත්මන් රජය සම්බන්ධයෙන් වු විශ්වාසය මත නිතිය හමුවට ගිය බවත් ජෙනට් ෂෙඩික් මහත්මිය විසින් ඊයේ  කියා සිටියා. මෙය ඉතාමත් සංවේදි කාරුණක් බැවින් විශේෂ අවධානයක් යොමුවේ කියල සිතන බවයි ඇය පවසන්නේ.

Loading...

ශ්‍රි ලංකාව ඉතාමත් ආසා කරන රටක් සහ හොද මිනිසුන් සිටින රටක් වුවත් තමන්ට මෙම තත්වයට මුහුණදිමට සිදුවිම කණගාටුවට කරුණක් බවත් කියා සිටියා.

ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයකින් ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක සමාගම් කොටස් විකුණා එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණ චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ ව්‍යාපාරික සිඩ්නි ජයසිංහට එරෙහි නඩුව ඊයේ කොළඹ මහාධිකරණයේ දි විභාගයට ගත්තා.

දැනට දිවයිනට පැමිණ සිටිනි ජැනට් ෂැඩික් මහත්මිය මෙහිදි සාක්කි ලබා දුන්නා.

නඩු විභාගය අතරතුර රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්ති පාර්ශ්වය හරස් ප්‍රශ්න ඇසීමේ ක්‍රියාවලිය හිතාමතා ප්‍රමාද කිරීමට උත්සාහ කරන බවට චෝදනා කළා.

ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් නැමති ව්‍යාපාරිකයකුට අයත් ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් පමණ වටිනා පෑන් ඒෂියා බැංකුවේ කොටස් විකුණා එම මුදල සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ ව්‍යාපාරික සිඩ්නි ජයසිංහ යන අයට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා.

Related Posts