Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

පියා අහිමි වූ ධනංජයගේ නිවසට මහේල සහ මාලිංග එයි – Video

847

ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන දෙහිවල ගල්කිස්‌ස නගර සභාවේ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතාට පෙරේදා (24දා) රාත්‍රී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පාතාල කල්ලියක්‌ විසින් බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

කාලයක්‌ තිස්‌සේ පැවැති ආරවුලක්‌ මෙම ඝාතනයට හේතු වී ඇති බවද පොලිස්‌ විමර්ශන වලින් හෙළි වී තිබේ.

Loading...

මෙම ඝාතනය සම්බන්ධයෙන් ඊයේ වනවිට පුද්ගලයන් 21 දෙනකුගෙන් ප්‍රශ්න කර ඇතත් සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොතිබිණි. මෙම ඝාතනය සඳහා පාතාල කල්ලිය විසින් ටී56 ගිනි අවියක්‌ සහ මිලි මීටර් 9 වර්ගයේ පිස්‌තෝලයක්‌ යොදාගෙන තිබූ අතර රන්ජන් ද සිල්වාගේ සිරුරට වෙඩි ප්‍රහාර 4 ක්‌ එල්ල වී තිබූ බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය.

රන්ජන් ද සිල්වා මහතා සිය හිතවතුන් දෙදෙනකු සමග රත්මලානේ ඥනේන්ද්‍ර මාවතේ පිහිටි නිවස ඉදිරිපිට සිටියදී පෙරේදා රාත්‍රී පාතාල කල්ලියක්‌ විසින් වෙඩි ප්‍රහාර එල්ල කර තිබිණි.

ප්‍රහාරයෙන් නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතා මියගිය අතර දෙහිවල ගල්කිස්‌ස නගර සභාවේ සේවකයෙක්‌ සහ ධීවරයෙක්‌ තුවාල ලැබූහ.

ඔවුන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. ඝාතකයන් මෝටර් රථයකින් පැමිණි බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය පවසයි.

ධනංජයගේ පියාගේ අභාවය සම්බන්ධයෙන් ලොව පුරාම ඔහුගේ ප්‍රේක්ෂකයන්, හිතවතුන් වගේම ක්‍රිකට් ලෝකයේ තරු රැසක් සංවේගය පළ කරලා තිබුනා.

ඒ අතරෙන් ඔහුත් එක්ක එකතුවෙලා දුක බෙදාගන්න, ප්‍රවීණ ක්‍රීඩක දෙපලක් වන මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංග ඊයේ ධනංජයගේ ගෙදරට ආවා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Video එක.