ගොසිප්

ජලයෙන් කොටුවූ ළමුන් බේරා ගැනීමට ජීවිතය පරදුවට තැබූ පොලිස් නිලධාරියා – Video

ජලයෙන් කොටුවි සිටි පවුලක් බේරා ගැනීමට ගොස් ජල පහරකට හසුවී අතුරුදහන්වූ පොලිස් නිලධාරියා සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කර තිබෙනවා.

Loading...

අතුරුදහන්වී ඇත්තේ මාදම්පේ පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් 88587 දසනායක පතිරැන්නැහැලාගේ ඩිලාන් සම්පත් නම් වූ 29 හැවිරිදි අයෙක්.

අවිවාහකයෙකු වන ඔහු ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු මෙම පොලිස් නිලධාරියා විසින් බේරා ගැනීමට උත්සහ කිරීමේ දී ඔහු මෙලෙස ගසා ගෙන ගොස් තිබෙනවා.

ඊයේ(25) දහවල් මාදම්පේ පොලිස් වසමේ ගල්මුරුව ගල් වල පාර ප්‍රදේශයේ ජලයෙන් කොටුවී සිටි දරු පවුලක් බේරා ගැනීම සඳහා ජලයේ පීනා යමින් සිටියදී පොලිස් කොස්තාපල්වරයා අතුරුදහන් වී ඇත.

ඊයේ දහවල් සිට ඔහු සොයා ගැනීම සඳහා නාවුක හමුදාව සහ යුද හමුදාවද මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

Loading...

අද(26) පෙරවරුවේ ගම්වාසීන් විසින් කණ්ඩායම් වශයෙන් සෑදී අතුරුදහන් වී සිටින පොලිස් නිලධාරියා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අයුරු අපට දක්නට ලැබුණා.

කෙසේ නමුත් අතුරුදන් වු පොලිස් නිලධාරියා මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.

මේ අතර මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පුත්තලම දිසා ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතාද එම ප්‍රදේශයට පැමිණියේය.

Related Posts