ඇලෝසියස්ගෙන් මුදල් ගත් බව දයාසිරි පිළිගනියි – මැතිවරණයට ගත්තේ ඒ සල්ලි තමයි (වීඩියෝ සහිතයි)

626

අර්ජුන ඇලෝසියස් මහතාගේ මුදල් මැතිවරණය සඳහා යෙදවුවද බැඳුම්කර සිද්ධියේ දී කිසිවිටක ඔහු ආරක්ෂා කිරිම සඳහා පෙනීසිටියේ නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (25) පැවසීය.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අධිකරණයේ පවරා ඇති නඩුව අද දිනයේ විභාගයට ගත් අවස්තාවේදී මේ බව හෙලිවූ අතර චෙක් පත මාරැ කර එම මුදල බැංකු රථගාලේදී මන්ත්‍රීවරයාට දුන් බව ආරක්‍ෂක නිලධාරීයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට සදහන් කර ඇත.වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වු අවස්ථාවේ දී මුදල් චෙක්පතක් ලැබුණු බවත් එය දුන් අය සහ මාරු කළ අය පිළිබඳව මතකයක් නැතැයි ද දයාසිරි මහතා කීය.

පාර්ලිමේන්තුවේ අද (25) පැවති විසර්ජන පනත යටතේ යෝජනා සම්බන්ධයෙන් වු විවාදයට එක්වෙමින් මෙසේ පැවසීය.