වැස්සත් සමග ආර්ථික වර්ධන වේගය වැඩි වෙලා. ජනපති විශේෂ හෙලිදරව්ව මෙන්න

324

මේ දිනවල පවතින අයහපත් කාලගුණය ගංවතුර වැනි ආපදා තත්වයන්ට හේතු වුවද නොකඩවා ඇද හැලෙන වර්ෂාව එක් පැත්තකින් සුභදායක බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ග‍්‍රාම ශක්ති සංවර්ධන වැඩපිලිවෙලෙහි බදුල්ල දිස්ත්‍රීක් ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදි අදහස් දැක්වූ ජනපතිවරයා කියා සිටියේ…මේ දිනවල වර්ෂාව නිසා එක පැත්තකින් කණගාටු වෙනව වගේම තවත් පැත්තකින් සතුටු වෙනව. අපි දැන් පහුගිය අවුරුදු හතරක් රටේ තුනෙන් එකකට වැඩි ප‍්‍රමාණයක දැඩි නියගයකට මුහුණ දුන්නා. මම ඉතාම සතුටට පත් වෙනව පසුගිය සතිය දෙක ගත් විට අනුරාධපුර කලා වැව පිටාර ගලන්න ගත්තේ අවුරදු හතරකින් පස්සෙ. වලවේ ජලාශය පිටාර ගලන්න ගත්තෙ මං හිතන්නේ අවුරුදු පහකට විතර පස්සෙ. කිසිම සංවර්ධන කාර්යක් නොකර ආණ්ඩුව නිකං හිටියත් හොදට වර්ෂාව ලැබෙනව නම් GDP 2.5-3.0%ක් නිකම්ම නගිනවා. ඒ නිසා වර්ෂාව හොදින් ලැබෙනව කියන්නේ අනිවාර්යෙන්ම ආර්ථික වර්ධන වේගය 2.5-3.0% ස්වභාව ධර්මයාගෙන්ම ලැබෙන ආශිර්වාදයක් බවයි.

එම අවස්තාවේ වීඩියෝව පහතින්,