රජ මගුලේ නිල ඡායාරූප මෙන්න

1090

පසුගිය 19 වනදා නිමාවට පත් වූ සසෙක්ස් හි ආදිපාදවරයා හා ආදිපාදවරිය වන හැරී – මේගන් රාජකීය විවාහ මංගල්‍යයේ නිල ඡායාරූප මාධ්‍ය වෙත මේ වන විට නිකුත් කර තිබේ.

ඇලෙක්සි ලුබොමර්ස්කි විසින් ගන්නා ලබන මෙම ඡායාරූප අතරට විවාහපත් යුවළ සිය මල් කුමර කුමරියන් සමග මෙන්ම සිය සමීප පවුලේ සාමාජිකයන් සමග ගත් ඡායාරූප ඇතුළත් වේ.

පසුගිය සෙනසුරාදා දින පැවති සිය විවාහ මංගලයට එක්වූ සියළුම දෙනාට හැරී – මෙගන් යුවළ ස්තූති කර සිටින බව කෙංසින්ටන් මාළිගය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Windsor Castle හි පැවති මෙම විවාහා මංගල්‍යය නිමාවට පත්වී දින ගණනාවක් පසු වූ නමුත් අදටත් රාජකීය විවාහ මංගල්‍ය ගැන විවිධ පුවත් අසන්නට ලැබෙනවා.

ලෝකයේම අවධානය දිනාගත් මෙම මංගල්‍යයේ මාධ්‍යට නිකුත් කළ එම ජායාරූප පෙළ පහතින්.