Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

දකුණේ කලාප හයක පාසල් සහ පෙර පාසල් හෙට අනිද්දා නිවාඩු – Breaking News

586

දකුණු පළාතේ දරුවන් පැතිරි යන වෛරස් උණ රෝගය හේතුවෙන් දකුණු පළාතේ කලාප අධ්‍යාපන කාර්යාල හයකට අයත් ප්‍රාථමික පාසල් හා ද්විතික පාසල්වල ප්‍රාථමික අංශ හෙට (22) සහ අනිද්දා (23) යන දෙදින තුළ වසා තැබිමට කලාප අධ්‍යක්ෂකවරුන්ට ලිඛිතව අද (21) පස්වරුවේ දැනුම් දුන් බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වයි වික්‍රමසිරි මහතා පවසයි.

ගාල්ල ,මාතර, මුලටියන අකුරැස්ස, තංගල්ල ,වලස්මුල්ල යන කලාප කාර්යාලවලට අයත් ප්‍රාථමික පාසල් හා ද්විතික පාසල්වල ප්‍රාථමික අංශය වසා තබන බවද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කළේය.

Loading...

එමෙන්ම දකුණු පළාතේ සියලුම පෙරපාසල් මෙම සතිය තුල වසාතබන ලෙස නියෝග කළ බව පවසන පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා. කුඩා දරුවන්ගේ ජිවිත ගැන සලකා බලා දෙමව්පියන්ගේ හා ජනතාවගේ දැඩි ඉල්ලිම මත මෙම තිරණය ගත් බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කළේය. සෞඛ්‍ය අංශවලින් මෙකි වෛරස් උණ පිළිබද නිර්දේශ ඉල්ලා ඇතත් තවමත් එය නොලැබුණු බව පවසන පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා එම නිර්දේශ ලැබෙන තෙක් තාවකාලිකව මෙම දින දෙක තුළ පාසල් වසා දැමිමට තින්දු කළ බවද පැවසිය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් මේ ගැන අප කළ විමසුමකදි මේසේ කිවේය.

පාසල් වැසිම හා දරුවන් පාසල් වලට නොයැවිම පිළිබද තිරණයක් ගන්න ඕන. වසංගත රෝග අංශයෙන් මෙම තත්වය ගැන සොයා බැලිමෙන් පසුවයි.නිලධාරින් ඒ ගැන තිරණයක් දෙන තෙක් දරුවන් පාසල්වලට යවනවාද නැද්ද කියන විවිධ මත වලට වඩා විද්‍යාත්මකව වසංගත රෝග අංශයෙන් දෙන තිරණය මත යැපෙනවානම් ගොඩක් හොදයි. රෝගය වැලැක්විම සදහා සියලු දේනාගේ සහයෝගය ලැබිය යුතු වෙනවා යැයිද රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසිය.