නංගි අපිත් මෙහෙම හිටියට කුමාරවරු තමා හිටං – රජ මගුලට අපේ අය බුකියෙන් කිව්ව කතා මෙන්න

1338

චාල්ස් කුමාරයාගේ සහ ඩයනා කුමරියගේ විවාහයෙන් පස්සේ ලෝකයේ හතර වටින්ම අවධානය දිනා ගත්ත රාජකීය විවාහය තමයි හැරී – මේගන් විවාහය. එකට හේතු ගොඩක් තිබ්බා. මෙගන් කියන්නේ කලින් විවාහ වෙලා දික්කසාද වුන කෙනෙක්. ඒ වගේම මේගන් හැරීට වැඩ අවුරුදු 3 ක් වැඩිමල්. අනික මේගන් ඇමෙරිකානු ජාතිකයෙක්.

හැබැයි මේ දේවල් රජ පවුලටවත් බ්‍රිතාන්‍ය වැසියන්ටවත් ප්‍රශ්නයක් වුනේ නෑ. වැරදිලාවත් හැරී සහ මේගන් ලංකාවේ වුණා නම් මිනිස්සු මේ විවාහයට මොනවා කියයිද. මේ තියෙන්නේ ඒ ගැන Facebook එකේ පලවුන අපූරු Post එකක්. ඒ විතරක් නෙමේ ලංකාවේ ෆේස්බුක් පිටුවල තිබු අපුරු නිර්මාණ කීපයක් පහතින් නරඹන්න

හැරී කුමාරයි මෙගාන් මාකලුයි ලංකාවේ වුණානම් ලංකාවේ ගෙවල් වල කතාවෙන දේවල් …

– පිස්සුද අනේ හැරීට කසාඳ බැඳපු ගෑණියෙක් බැඳලා තියෙන්නේ.. අවුරුදු හයක් යාළුවෙලා ඉදල, අවුරුදු දෙකක් විතර ඒ මිනිහත් එක්ක පවුල් කාලත් තියෙනවලු. මෙච්චර නොබැඳපු අරක නොකරපු ගෑණු ඉන්න රටේ කුමාරයෙක් වෙලත් වෙන මිනිහෙක් එක්ක බුදියපු ගෑණියෙක් බඳින්න වුණානේ. කරුමේ තමයි ඉතින් …

– මෙගාන් කලවන් ලු .. අඩු කුළෙත් එක්කලු (කළු ජාතික). හනේ ඉතින් රජ පවුලේ නම්බුවත් ඉවරයි.. දැන් ඉතින් මොන රෝයල් ද .. ළමයි හරියට හැදුනේ නැති වුණාම ඔහොම තමයි. ඕක තමයි කියන්නේ නිසි වයසට ආපු අහම පවුලට ගැළපෙන තැනකින් ළමයින්ට කෙනෙක් යෝජනා කරලා තියෙන්න ඕනා කියලා. ඕව අම්මල තාත්තලාගේ වැරදි..

– රජෙක් වෙන්න පුළුවන් මිනිහෙක්ට ඉතින් නළගනක් බඳින්න වුණා. හොඳ නැටුම් නටපු එකියෙක් වෙන්න ඇති. ඔය හොඳ හොඳ, එළියේ දාන් ඉන්න ෆොටෝත් තියෙන්නේ. නිළියක් නේ.

– ඔය මඟුල තියෙන්නේ නෑ.. මෙගාන් ගේ කුජ හතේ ලු.. පවුලක් තියෙන්නේ නෑ . කළිනුත් දික්කසාද වෙලා තියෙන්නේ ඒකයි. පස්සේ කෝකියෙක් එක්කත් යාළුවෙලා ඉදල තියෙනවා. ඒක හරි ගිහිල්ලත් නෑ.
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්