Uncategorized

2018 පාපන්දු කිරුළට ලොව සුපිරිම කණ්ඩායම් ගැටෙන්නේ මෙහෙමයි

ජගත් පාපන්දු සම්මේලනයේ 21 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මේ වසරේ ජූනි මස 14 වැනි දින සිට ජූලි මස 15 වැනි දින දක්වා රුසියාවේදී පැවැත්වේ. සත්කාරක රුසියාව හා සෞදි අරාබිය අතර පැවැත්වෙන තරගයෙන් 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වන අතර අවසාන මහා තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ජූලි 15 වැනිදාය.

Loading...

තරගාවලියේ මුළු තරග සංඛ්‍යාව 64කි. ජූනි 14 සිට ජූනි 28 දක්වා මූලික තරග 48ක් පැවැත්වීමෙන් පසුව තරගාවලිය ’16 දෙනාගේ වටය’ට පිවිසෙයි. ජූනි 30 වැනිදා ආරම්භ වන එම වටය අවසන් වන්නේ ජූලි 3 වැනිදාය.

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග ජූලි 6 හා 7 දිනවල පැවැත්වීමෙන් පසුව අවසන් පූර්ව තරග ජූලි 10 හා 11 යන දිනවල පැවැත්වෙනු ඇත.

තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා වන තරගය ජූලි 14 වැනි දින පැවැත්වීමෙන් පසුව අවසාන මහා තරගය ජූලි මස 15 වැනිදා පැවැත්වෙනු ඇත.

මේ අනුව සමස්ත තරගාවලියේ දින 32ක් තියුණු තරග පැවැත්වෙයි.

Loading...

සිවු වසරකට වරක් පවත්වනු ලබන ලොව ජනප්‍රියතම ක්‍රීඩා ඉසව්ව වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පසුගිය වතාවේ පැවැත්වුනේ දකුණු අමෙරිකානු රටක් වන බ්‍රසීලයේ සත්කාරකත්වයෙනි.

Related Posts