Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

මේ සතිය ඔබට සුබ වෙන්නේ මෙහෙමයි (මැයි 21 – මැයි 27)

873

මේෂ – ආත්ම ශක්තිය ඇතිවේ 
බාධා මධ්‍යයේ වුවද වෘත්තීය කටයුතු කරගෙනයයි. අප පක්ෂයේ ප්‍රගතියක් ඇත. ආත්ම ශක්තිය, අධිෂ්ඨානය ඉස්මතු වේ. මේ නිසා ඇසුරු කරන්නන් සමඟ විරසක භාවයද ඇතිවිය හැක. විදේශීය මූලාශ්‍රවලින් උපකාර ලබන්නන්ට යහපත් සතියකි. සියලුම වර්ගයේ කලාකරුවන්ට හිතකරය. අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වන සතියකි. ස්ත්‍රීන්ගෙන් උපකාර ලබයි. හිසේ අමාරු ඇතිවෙයි.

වෘෂභ – වාහන අනතුරු 
ස්ව උත්සහයෙන් නායකත්වය දෙයි. හදිසි වියදම් අධිකය. වාහන අනතුරු අවධානමක් ඇත. සුඛෝපභෝගී දෑ වෙනුවෙන් වියදම් පෙන්වයි. ප්‍රවාහන වියදම් ද අධිකය. පෙම්වතුන් හිතුවක්කාරී වේ. මේ නිසා අපවාද ලබයි. කලා ක්ෂේත්‍රයේ නිරතවන්නන්ට අධික වියදම් දැරීමට සිදුවේ. මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට යහපත් සතියක් නොවේ. උගුරේ බෙල්ලේ අමාරු පෙන්වයි. රුධිර දෝෂ ඇති විය හැක.

Loading...

මිථුන – විදේශීය සංචාර 
දුර පළාත්වල අය හා ප්‍රේම සම්බන්ධතා ඇතිවිය හැක. සුඛෝපභෝගී දෑ සඳහා අධික වියදමක් දරයි. ප්‍රවාහන වියදම්ද අධිකය. ප්‍රභූන් හා ප්‍රධානීන් සමඟ ගැටුම් ඇතිවේ.පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ යම් ප්‍රගතියක් පෙන්වයි. උසස් අධ්‍යාපනයට බාධා ඇත. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට වාසිදායකය. අපේක්ෂිත විදේශ සංචාර වෙතොත් ඒවා ඉටු කර ගැනීමට හැකි වේ. රුමෙටික් ආබාධ ඇතිවේ.

කටක – නිධන්ගත රෝග 
නිධන්ගත රෝග ඉස්මතුවේ. තම සේවා ස්ථානයේ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවෙයි. හවුල් ව්‍යාපාර පරිපාලන කටයුතු අභියෝග මධ්‍යයේ කරයි. කලාවේ ඉස්මතුවීමක් පෙන්වයි.අධ්‍යාපනයට බාධා අවහිරතා ඇත. පෙම්වතුන් අපවාද ලබයි. ස්ත්‍රී පාර්ශ්වයෙන් උදව් ලබයි. දියවැඩියා උතුරේ අමාරු ඇතිවිය හැක. ප්‍රවේශම් වන්න.

සිංහ – ප්‍රධානීන් විරසකවේ 
වෘත්තීමය කටයුතු සාර්ථකය. කලාවේ ප්‍රගතියක් පෙන්වයි. සමස්ථයක් වශයෙන් අය පක්ෂය නරක නැත. තම සේවා ස්ථාන‍යේ ප්‍රධානීන් හා විරසකභාව ඇතිවිය හැක. ප්‍රතිවාදීන් අභිබවාලයි. අධ්‍යාපනයට බාධා ඇත. එහෙත් එය පවත්වාගෙන යයි. ආත්ම අධිෂ්ඨානය ඉස්මතුවේ. ප්‍රවේගකාරී බවද හටගනී. අපවාද ලබයි. බෙල්ලේ ආබාධ ඇතිවේ.

කන්‍යා – ප්‍රභූ ඇසුර 
කලාවේ නිරතවූවන්ට ඉතා හොඳය. අධ්‍යාපනයට යහපත් කැපවීම හා වීර්යය පෙන්වයි. ප්‍රභූන් හා දේශපාලඥයන් හා ඇසුරට වැටේ. මේ නිසා ගැටුම්ද ඇතිවේ. අපේක්ෂිත විදේශ ගමන් යැවේ.විශේෂයෙන් ව්‍යාපාර ගමන් හා වෘත්තීමය ගමන්ද යයි. ගැබිනි මාතාවන් ප්‍රවේශම්වන්න. අඩමාන ව්‍යාපාරවලින් පාඩු ලබයි. උසස් අධ්‍යාපන කටයුතු නිසා විදේශ ගතවීමක් පෙන්වයි. දියවැඩියාව ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම්වන්න.

තුලා – ස්ත්‍රී සබඳතා 
ව්‍යාපාර කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. මේ සතියේ හදිසි වියදම් අධිකය. හදිසි වාහන අනතුරක ප්‍රවනතාවක් ඇත. මඟුල්තුලා කටයුතු සාර්ථක වේ.උසස් අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. අපේක්ෂිත විදේශ ගමන් ප්‍රමාද වේ. ප්‍රේමවන්තයන් හිතුවක්කාරී තත්ත්වයකට පත්විය හැක. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට යහපත් සතියකි. ස්ත්‍රී සබඳතා නිසා අපවාද ලබයි. රුධිර පීඩනය ඇතිවේ.

වෘශ්චික – අධ්‍යාපනයට බාධා 
වෘත්තීමය කටයුතු සාර්ථකය. අධිෂ්ඨානයෙන් ස්ව උත්සාහයෙන් තම කාර්යයන් ඉටු කර ගනී. අන් අය පාලනය කළ හැක. ආවේගශීලී වෙයි. හවුල් ව්‍යාපාරකයින්ට හා ස්වාධීන ව්‍යාපාරිකයන්ට නරක නැත. පාසල් අධ්‍යාපනයට බාධා ඇතිවේ.උසස් අධ්‍යාපනයට යහපත්. ලැබිය යුතු ආදායම් හිරවෙයි. දානමය කටයුතුවල යෙදේ. හදවත් රෝග ඉස්මතු වේ.

ධනු – පෙම්වතුනට අපලයි 
බැංකු කටයුතු අඩාල වෙයි. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්න්නට හිතකර සතියකි. ස්ත්‍රී පාර්ශ්වයෙන් උපකාර ලබයි. උසස් අධ්‍යාපනයට යහපත්ය. පෙම්වතුන්ට සුබ නැත. අනියම් සබඳතා නිසා අපවාද අවලාද ලබයි. කලාවේ නිරතවූවන්ට වියදම් අධික සතියකි. දුර බැහැර ගමන් යෙදේ. අපේක්ෂිත විදේශ ගමන් යා හැක. රුධිර දෝෂ ඇතිවේ.

මකර – ඉඩම් ආරවුල් 
ප්‍රවාහන වියදම් අධිකය. කොන්තරාත්,අඩමාන ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කරයි. ආත්ම ශක්තිය ඉස්මතුවේ. නායකත්වය දරයි.ආත්මාර්ථකාමී ගති පෙන්වයි. කලාවේ ක්ෂේත්‍රයේ නිරතවූවන්ට හිතකර සතියකි. පාසල් අධ්‍යාපනයට සුබවේ. සුඛෝපභෝගී දෑ ගැනීමට වියදම් කරයි. ඉඩම් ආරවුල්වලට පසුබිමක් ඇතිවේ. දෘෂ්ඨි දෝෂ ඇතිවිය හැක.

කුම්භ – කතුන්ගෙන් උපකාර 
ප්‍රධානීන් හා විරසක භාව ඇතිවේ. තම දරුවන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රගතියක් පෙන්වයි. වාහන විකිණීමේ ගනුදෙනුවල ට යහපත් සතියකි. වෘත්තීය වෙනස්කම් ඇතිවේ. ස්ත්‍රීන්ගෙන් උදව් උපකාර ලබයි. හවුල් ව්‍යාපාර සඳහා ආ‍යෝජන යොදයි. රැවටීම්වලට භාජනය වෙයි. අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන අයට යහපත්ය. ළය පීනස ඇතිවේ.

මීන – පුණ්‍ය කටයුතු යෙදේ 
තම සැළසුම් බොහෝමයක් කල්යෑම්,ප්‍රමාදවීම් ආදියට භාජනය වෙයි. ලැබිය යුතු මුදලක් ඇත්නම් නියමිත වකවානුවට නොලැබේ. පුණ්‍ය කටයුතු, සුබසාධන කටයුතු වෙනුවෙන් කැපවෙයි. පෙම්වතුන්ට සුබ නැත. ප්‍රවාහන කටයුතු අඩාල වෙයි. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට වාසිදායකය. අපේක්ෂිත විදේශ ගමන් යෑමේ අවස්ථාව උදාවේ. අධ්‍යාපනයට නරක නැත. හදවත් රෝග මතුවිය හැක.