Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

රෝමයේ මහමග තිබී හමු වූ ලක්ෂ 10ක අත් ඔරලෝසුවට ලාංකික තරුණයා කළ දේ

1769

ඉතාලියට රැකියා සඳහා සංක්‍රමණය වු සමහර ලාංකිකයන් දිනෙන් දිනම එරටදි විවිධ නීති විරෝධි කටයුතු සම්බන්ධයෙන් එරට සමාජය තුල අපවාදයට ලක් වෙද්දි පසුගියදා රෝම නගරයේ රැකියාව කරන ලාංකිකයෙක් එරට මාධ්‍ය තුලින් හා ඉතාලි සමාජය තුල ප්‍රසාදයට ලක්වු පුවතක් පසුගියදා වාර්තා වී  තිබෙනවා.

ඒ එම ලාංකිකයා රැකියාවට යන අතරතුර තමන්ට මගමග තිබී හමුවූ එරට මුදලින් යුරෝ 5000කට අධික වටිනාකමකින් යුත් මෙරට මුදලින් රුපියල් ලක්ෂ 10ක් පමණ වන රොලෙක්ස් වර්ගයේ වටිනා අත් ඔරලෝසුවක් රෝම නාගරික පොලිසියට බාර දීමයි.

Loading...

මෙම සත්ක්‍රියාව සිදුකර ඇත්තේ මාතර ප්‍රදේශයේ සිට ඉතාලියට ගොස් එහි සේවයේ නියුතුව සිටින ප්‍රභාත් පින්සර නැමති අයෙකි.

ලාංකීය ජාතියේ නාමය ඉතාලි සමාජය තුල යහපත් ආකාරයෙන් තබන්නට දායක වු  ප්‍රභාත් පින්සර මහතාට එරට රැකියා නියුතු ලාංකිකයන්ගේ ද  පැසසුම් ලැබී ඇතැයි  සඳහන්.