ක්‍රිඩා පුවත්

අර්ජුන නැසීගිය ගාමිණී දිසානායක මැතිතුමාගේ පුතෙක්ලු – අර්ජුනගෙන් අන්දෝලත්මක හෙළිදරව්වක්

ගාමිණී දිසානායක මහතා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිණත ක්‍රීඩකයන් හා පුද්ගලයන් ළංකර ගනිමින් ක්‍රීඩාව දියුණු කිරීමට විශාල කැපවීමක් සිදුකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක, අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ප්‍රකාශ කළේය.

Loading...

‘ඒ වගේම කණ්ඩායම සමගත් ඉතාමත් කිට්ටුවෙන් සිටි කෙනෙක් තමයි ගාමිණි දිසානායකයන්. මම නැව් සංස්ථාවට ගියත්, පෙට්‍රෝලියම් අමාත්‍යවරයා වුණත් ඒ ගැන මට දැනුමක් තිබුණේ නෑ.

ඒ දේවල් ඉගෙන ගන්න ඒ පිළිබඳ පරිනත දැනුමැති පුද්ගලයන් එකතු කරගන්න සිදුවෙනවා. ගාමිණි දිසානායක මහතාගෙන් මා ඉගෙනගත්තු දෙයක් තමයි ඒක. එතුමාත් ක්‍රිකට් වලට ළංකරගත්තා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිනත පුද්ගලයන්, හොඳ දැනුමක් තිබුණු පුද්ගලයන්.

ශ්‍රීමනී දිසානායක මැතිනියත් එහෙමයි. අපේ ක්‍රීඩකයන්ගේ මෙන්ම විශේෂයෙන් ඒ කාලේ අපි වගේ නවක ක්‍රීඩකයන්ගේ මවයි පියයි ලෙස තමයි හැම විටම දිසානායක යුවළ කටයුතු කළේ.’

ස්පෝට් ඉන් ෆෝ සංවිධානයෙන් පසුගියදා කොළඹ ලක්ෂ්මන් කදිර්ගාමර් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ශ්‍රී ලංකාවට වසර 1981දී ටෙස්ට් වරම් ලබාගැනීමේදී විශිෂ්ට සේවාවක් ඉටුකළ අභාවප්‍රාප්ත ගාමිණි දිසානායක මහතා වෙනුවෙන් සිදුකෙරෙන අනුස්මරණ දේශනය පවත්වමින් අර්ජුණ රණතුංග මහතා එසේ කීවේය.

Loading...

‘මම මයන්තට (ගාමිණී දිසානායක මහතාගේ බාල පුතු) මේ බව මොහොතකට කළින් සඳහන් කළා ගාමිණි දිසානායකට පුතුන් දෙදෙනෙක් හා දුවෙක් සිටියා. ඇත්තෙන්ම මම වෙන්න ඇති හතර වැනි පුතා. එහෙමත් නැත්නම් මම වෙන්නැති පළමුවැනි පුතා. ඒ වගේ තමයි එතුමා මාව බලාගත්තේ.’

‘මේ දේත් සඳහන් කළයුතුයි කියා මම සිතෙනවා. මම එතුමාට විශේෂ ගෞරවයක් තිබුණු කෙනෙක්. මම ගිහින් කිව්වා දෙවැනි වරට අන්තිම වරට එතුමා මියයැමට පෙර එතුමාට නැවතත් ක්‍රිකට් පලක මණ්ඩ‍ලයේ සභාපති කමට එන්න කියා.

එතුමා එවකට ජනාධිපති අපේක්ෂකයකු ලෙස කටයුතු කරමින් සිටියේ. ක්‍රිකට් හදාගන්න නැවතත් ක්‍රිකට් පාලක මණ්ඩලයටයේ සභාපතිකමට එන්න කියා ඉල්ලිමක් කළා. එතුමා ඒ ඉල්ලීමට කැමැති වුණා.’

‘අවාසනාවකට වගේ එතුමාට අපි ලෝක කුසලානය දිනනවා දකින්න බැරිවුණා. ගාමිණි දිසානායකගේ පවුලේ උදවිය මේ බව දන්නවා සිම්බා‍බේ සංචාරයක් තිබුණා ලෝක කුසලානයට පෙර අපේ කණ්ඩායමට. මම ගියා එතුමා ඒ බව කියන්න.

මා පුරුද්දක් ලෙස හැම සංචාරයකදීම එතුමා දැනුවත් කර එතුමාට වැඳ ආශීර්වාද ලබාගන්නවා. එතුමාට වැඳ ආශිර්වාද ලබාගත් මොහොතේ එතුමා කී දෙයක් තමයි අර්ජුන මා සිටිද නැද්ද දන්නේ නෑ අර්ජුණ මතක තියාගන්න මේ සංචාරය සංචාරයක් පමණයි. ලෝක කුසලානය ගැන සැලැසුම් කරන්න. එතුමාට ඒ දර්ශණය තිබුණා. එතුමාට තිබුණා දැක්මක් අපිට ලෝක ලෝක කුසලාන දිනන්න පුලුවන් කියා.

මේ බව එතුමා දැනුවත් කරන්න ඇත්තේ සර් ගාෆීල් සෝබර්ස් මහත්තයා වෙන්න ඇති. සර් ගාෆීල් සෝබර්ස් මහතා පුහුණුකරුවකු ලෙස මෙරටට ගෙන්වුයේ ගාමිණි දිසානායක මහත්තයායි.’

‘අපි ලෝක කුසලානය දිනනකොට මට හිටියේ කණ්ඩායමක් නෙවෙයි. විශේෂයෙන් මෙතැන දරුවන් සිටින නිසා මේ බව කියන්න ඕනේ. මට කණ්ඩායමක් නෙවෙයි හිටියේ මට හිටියේ ක්‍රිකට් පවුලක්. ඒ වෙනස එතැන තිබුණා.

අද ඒ තත්ත්වය නෑ. ඒ වගේම අපි සංචාරයක් යනකොට මම මගේ අම්මාට පමණක් නොවෙයි. හෂාන්ගේ අම්මට, අරවින්දගේ අම්මට, රොෂාන්ගේ මව්පියන්ටත් වැඳලයි යන්නේ.

අපි සියලු ක්‍රීඩකයන් ඒ දේ කළා. අද තාක්ෂණයත් එක්ක ඒ දේ නෑ. අපිට තිබුණේ එවැනි ක්‍රිකට් සංස්කෘතියක්. අද ඒ තත්ත්වය නෑ. පිටරට දේවල් බලලා අද අපි ඒ අගය කළ යුතු සංස්කෘතිය විනාශ කරගත්තා. මම පිටරට දේශනයකට ගියත් හැම විටම අපට උරුමව තිබූ ඒ සංස්කෘතිය ගැන කියනවා.

මම තවමත් මගේ අම්මට වදින්නේ නැතුව පිටරට යන්නෙ නෑ. මේ දේවල් පිටරට තාක්ෂණය නිසා අපෙන් ගිලිහි ගොස් තිබෙනවා.’

‘විනය කියන එක මගේ නායකත්වය තුළ තිබුණා. මට ඒක කියා දුන්නේ ගාමිණි දිසානායක මහත්මයා. රටක වුණත් විනයක් තියෙන්න ඕනේ කියලා කිව්වේ එතුමායි. මමත් කණ්ඩායම තුළ විනය අනිවාර්ය කළා.’

පසුගියදා කොළඹ ලක්ෂ්මන් කදිර්ගාමර් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ගාමිණී දිසානායක අනුස්මරණ දේශනය සඳහා මයන්ත දිසානායක, ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, ලෝක කුසලානය දිනා දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු හෂාන් තිලකරත්න, හිටපු ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු, හිටපු ක්‍රිකට් සභාපති ආනා පුංචිහේවා, පාසල් ක්‍රිකට් කමිටුවේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහත්වරු ඇතුළු අමුත්තන් රැසක් එක්වූහ.

 

 

Related Posts