“ටැමිල් ඊලාම් සයිබර් ෆෝස්” ප්‍රහාරයක් – රජය නිහඬයි ,රජයේ ඇතුළු වෙබ් අඩවි රැසක් අඩපණයි

1277

‘ටැමිල් ඊලාම් සයිබර් ෆෝස්‘ නම් කණ්ඩායමක් වෙබ් අඩවි 300 වැඩි ප්‍රමාණයක් ‘හැක්‘ කර තිබෙන බව වාර්තා වනවා.

මෙසේ සයිබර් ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි අතර සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ආමාත්‍යංශයේ වෙබ් අඩවියද වනවා.

දෙමළ ජනයාගේ ජන සංහාරයට දීර්ඝ ඉතිහාසයක් පවතින බවත්, සිව්වන ඊලාම් යුද්ධය අවසන් අදියරේදී ශ්‍රී ලංකා හමුදාවන් දහස් ගණනක් වූ සිවිල් වැසියන් ඝාතනය කළ බවත් ඔවුන් සටහන් කළ එම පණිවුඩයේ දැක්වෙනවා.

මේ පිලිබදව තොරතුරු තාක්ෂණවේදියකු වන රෂාන් හසරංග මහතා තැබූ සටහනක් පහතින්

“Tamil Eelam Cyber Force” ලෙස හදුන්වාගන්නා පිරිසක් විසින් ශ්‍රී ලංකා රජයේ වෙබ් අඩවි දිගින් දිගටම hack කරමින් රජයේ හමුදාවන් යුද්ධයේ අවසාන කාලවකවානුව තුලදී සැලසුම් සහගතව දෙමල වැසියන් මරා දැමූ බවත්, විශාල කාලතුවක්කු සහ රසායනික අවි භාවිතා කරමින් ප්‍රහාර එල්ල කල බවත්, දමිල කාන්තාවන් ලිංගික සිරකාරියන් ලෙස තබාගෙන කටයුතු කළ බවත්, තවමත් ශ්‍රී ලංකාව තුල මෙම සංහාරය සිදුවෙමින් පවතින බවටත් දැන්වීම් පළකරමින් පවතී..
තවමත් රජයේ වෙබ් අඩවි සම්බන්ධ වගකිවයුතු අයෙක් මේ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත..